Pages

Subscribe:

Sunday 3 July 2016

ඉතින් කොහොමද ජනතාව රජයෙන් වැඩක් කරගන්නේ

මාතර කඹුරුපිටිය ප්‍රදේශයහි පුද්ගලික වෙළද ආයතනයක් විවෘර්ථ කරලීමක් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතින් අද පෙරවරු කාලයහිදී සිදුවිය, මෙම අවස්ථාවට ප්‍රදේශයහි දේශපාලන ක්‍රියාකාරි සාමජිකයන් කිහිපදෙනකුම සහභාගී වුහ, එහිදී මාධ්‍ය වෙදීන් වෙත අදහස් දක්වමින් හිටපු ජනපතිතුමන් කියා සිටියේ තමන් අලුත් දේශපාලන පක්ෂය නිර්මාණය කිරීමට කටයුතු කරන බවට පැතිරෙන කතා බොරු බවත්, අලුත් දේශපාලන බලවේගයක් නිර්මාණය කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවත්ය.
තවද මෙහිදී අප ගොසිප් සී ලංකා වෙබ් අඩවියේ මාතර වාර්තාකරු කැලුම් ජයවීර මහතා පාලිත තෙවරප්පෙරුම මහතාගේ උපවාසය ගැනත් විමසා සිටි අතර එහිදී ඔහු කියා සිටියේ රජයේ අයටවත් වැඩක් කර ගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. ඉතින් කොහොමද ජනතාව මේ රජයෙන් වැඩක් කරගන්නේ යනුවෙන්. හිටපු ජනපති එහිදී වැඩිදුරටත් පළ කළ අදහස් පහතින් බලන්න.
වාර්තාව මාතර කැලුම් ජයවීර
2016-07-03

0 comments:

Post a Comment

 
Blogger Templates