Pages

Subscribe:

Saturday 9 July 2016

මේ තරම් ඉක්මනට රටේ.. ජනතාව හට එපා වූ ආණ්ඩුවක් තිබුණේ නෑ

මේ වෙද්දි ජනපතිට, අගමැතිතුමාට, මුදල් ඇමැතිතුමාට අවුරුදු එකහමාරක් වෙනවා. ආණ්ඩුවට අවුරුද්දක් වෙනවා. මෙම කාලය තුළ දී මෙයාල එක එක රටවලට ගියා ගිහින් ඇවිත් කියනවා අපි අසවල් රටට ගියා. ඒ රටෙන් අපිට මේ ණය ලැබෙනවා. පුදුම වැඩේ කියන්නේ කොයි රටට ගියත් හමුවෙලා හවු ආ යූ.. කියපු ගමන් අහන්නේ ණයක් දෙන්න බැරිද කියලයි. ලෝකේ කොයි රටට ගියත් එහෙමයි. වෙන රටකින් මෙහාට ආවත් එහෙමයි. තවත් අයට කියනවා අපේ රටට ඇවිත්ඔයගොල්ල දන්න දෙයක් පටන් ගන්න කියලා.
දැන් අවුරුදු එකහමාරක් වුණා තවම කවුරුවත් අවේ නැහැ. මේවට විදේශිකයෝ ගෙන්වන්න ඕනෑ නිසා අද රුපියලත් බාල්දු කරලා. විදේශිකයන්ට ඉඩම් දෙන්න යනවා. කම්කරු වැටුප් අඩු කරන්න යනවා. ඒකට තමයි එක්ටා ගේන්න හැදුවේ. බලපෑම් ආපු නිසා ඒක ටිකක් පස්සට දැම්මා.
තමුන්නාස්සේලාට මතක ඇති අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා ජනතාවට තිත්ත බෙහෙත් බොන්න සූදානම් වෙන්න කියලා. පසුගිය මැතිවරණ කාලේ කියපු ලස්සන කතා වෙනුවට වෙනත් දෙයක් තමයි වෙන්න යන්නේ කියලා දැන් තේරනවා. ඉතිහාසයේ කවදාවත් ආණ්ඩුවක් පත්වෙලා මේ තරම් ඉක්මනට ජනතාවට එපා වෙච්ච ආණ්ඩුවක් තිබුණේ නැහැ යැයි ජවිපේ ලාල් කාන්ත මහතා පවසයි.

0 comments:

Post a Comment

 
Blogger Templates