Pages

Subscribe:

Sunday 3 July 2016

තීන්දුයි.. පුංචි ඡන්දෙට මහින්ද-මෛත්‍රී වෙන වෙනම.. මහින්ද මල් පොහොට්ටුවෙන්..

ඉදිරි පළාත් පාලන මැතිවරණයට සාර්ථකව මුහුණදීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ යන මහත්වරු කඳවුරු බඳිමින් පක්‍ෂ තුනකින් මේ වන විට සංවිධාන කටයුතු ආරම්භ කර ඇත.

මේ අනුව මෛත්‍රිපාල සිරිසේන මහතා එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයටත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්‌සත් ජාතික පෙරමුණටත්, මහින්ද රාජපක්‍ෂ මහතා පක්‍ෂ ගණනාවක්‌ සමඟ පුළුල් පෙරමුණකටත් නායකත්වය දෙමින් මැතිවරණ සටනට පිවිස ඇත.

මැතිවරණයට ඉදිරිපත් කරන අපේක්‍ෂකයන්ගේ නම් ලැයිස්‌තු ලබාගැනීමේ කටයුතු මේ වන විටත් ඒ ඒ පක්‍ෂ රහසිගතව ආරම්භ කර තිබෙන අතර මැතිවරණය ප්‍රකාශයට පත්කළ වහා ඔවුන් අතරින් සුදුසුම අය තෝරා ගැනීමට සැලසුම් කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රමුඛ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය බුලත් කොළය ඡන්ද ලකුණින් ද, එක්‌සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ එක්‌සත් ජාතික පෙරමුණ අලියා ලකුණින්ද, මහින්ද රාජපක්‍ෂ මහතා නායකත්වය දෙන නව පෙරමුණ මල්පොහොට්‌ටුව ලකුණින් ද මැතිවරණයට ඉදිරිපත් වීමට සැලසුම් කර ඇත.
ඉහත නායකයන් තිදෙනාම ඔවුන්ගේ පක්‍ෂ වටා අනෙකුත් දේශපාලන පක්‍ෂ හා සංවිධාන එක්‌කර ගැනීමේ සැලසුම්සහගත වැඩපිළිවෙළක්‌ මේ මොහොත වන විටත් දියත් කරමින් සිටී.

0 comments:

Post a Comment

 
Blogger Templates