Pages

Subscribe:

Wednesday 27 July 2016

පෝට් සිටිය නිසා ෂැංග්‍රිලා සමාගම රජයෙන් වන්දි ඉල්ලයි

ගාලු මුවදොර ඉදිවන ෂැංග්‍රිලා හෝටලය ‍පෝට් සිටි ව්‍යාපෘතිය මගින් මුහුදෙන් ආවරණය වීම හේතුවෙන් රජය සමග එළඹුණු ගිවිසුම කඩ වී ඇතැයි සඳහන් කරමින් ෂැංග්‍රිලා සමාගමට සිදුවන පාඩුවට වන්දියක් ගෙවන ලෙස රජයෙන් ඉල්ලා ඇත. ෂැංග්‍රිලා හෝටල් සමාගම ගාලු මුවදොර සිය හෝටලය ඉදිකිරීමට ගිවිසුම් අත්සන් තබා ඇත්තේ ඉදිරියෙන් පෙනෙන මුහුදු තීරය නිසාය. මේ නිසා තම හෝටලයට සංචාරකයන් වැඩි වශයෙන් අද්දවා ගැනීම ඔවුන්ගේ ක්‍රමෝපාය වී ඇත. කෙසේ වෙතත් ඊට පසුව චීන රජය විසින් එම හෝටලයත් ගාලු මුවදොරත් වැසෙන ලෙස ‍පෝට් සිටි ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ. මේ හේතුවෙන් සම්පූර්ණයෙන් වෙරළ තීරය වැසී යන අතර ෂැංග්‍රිලා හෝටලයට ඉදිරියෙන් විශාල නගරයක් දර්ශනය වීමට නියමිතය. මේනිසා සංචාරක ආකර්ෂණය සම්බන්ධයෙන් විශාල පාඩුවක් සිදුවන බව දන්වා එම පාඩුව ගෙවන ලෙස ඔවුන් රජයෙන් ඉල්ලීමක් කර ඇත.
ෂැංග්‍රිලා සමාගමේ ඉල්ලීම රජය ප්‍රතික්ෂේප කර ඇත.
රජය සඳහන් කර ඇත්තේ සංවර්ධන වැඩපිළිවෙළදී යම් යම් වෙනස්කම් සිදුවන බවත් ඒ සඳහා ගිවිසුම් ගසා නොමැති නිසා අදාළ පාඩුව නොගෙවන බවය. ඒ නිසා සිදුවන අපහසුතාව සම්බන්ධයෙන් රජය වග නොකියන බවද දන්වා ඇත.
දැනට දැන ගන්නට ඇති පරිදි ඇමෙරිකානු ඩොලර් මිලියන 300ක ව්‍යාපෘතියක් වන මෙහි කාමර 500කින් යුත් තරු පහේ හෝටලයක් සෑදීමට නියමිතය

0 comments:

Post a Comment

 
Blogger Templates