Pages

Subscribe:

Monday 4 July 2016

කාන්තා හොස්ටල් එකට හොරෙක් පැන්නැයි ජපුර උද්ඝෝෂණ

ගෑනු හොස්ටල් කාමරේ
 9 වෙනි ෆෝන් එක උස්සද්දී
‘මෙන්න හොරෙක්..මෙන්න හොරෙක්..’කියා කෑගහලා


පසුගිය සෙනසුරාදා රාත‍්‍රියේ ශ‍්‍රී ජයවර්ධනපුර සරසවියේ කාන්තා නේවාසිකාගාරයට පැමිණි සොරෙකු නිසා කලබලයක් ඇති වුණා.
සරසවි භූමියෙන් පිටත මහල් හතරකින් සමන්විත ගොඩනැගිල්ලක පිහිටා තිබෙන මෙම නේවාසිකාගාරය කලා සිසුවියන් සඳහා වෙන්කර තිබෙන එකකි. එහි ආරක්ෂාවට සිටින්නේ එක් ආරක්ෂක නිලධාරිනියක පමණක් බවද වාර්තා වුණා. සිද්ධිය වූ රාත‍්‍රියේ 
ආරක්ෂක නිලධාරිනියද තද නින්දෙ පසුව තිබෙන අතර ගොඩනැගිල්ලට පහසුවෙන් ඇතුළුව තිබෙන සොරා ගොඩනැගිල්ලේ දිරාපත්වූ ජනෙල් පියනක් ඇරගෙන සිසුවියන් නිදාගෙන සිටි කාමර කිහිපයකටම රිංගා තිබෙනවා. ඔහු එහිදී සිසුවියන්ට අයත් ජංගම දුරකථන 8 ක් සොරාගෙන තිබෙන අතර 9 වැන්න සොරකම් කිරීමට සිසුවියකගේ ඇඳක් අසළ අවුස්සමින් සිටියදී එම ඇඳේ නිදා සිටි සිසුවියට මැදියම් රැයේ එක්වරම අවදිවී තිබේ.

සිසුවියන් 300 ක් පමණ ලැගුම් ගෙන සිටින මෙම නවාතැනේ පිරිමි පුළුටක් හෝ නැති වේලාවක තම ඇඳ අසළ ගැවසෙන පුද්ගලයා දැක බියට පත්ව තිබෙන ඇය මහ හඬ නගා කෑ ගසා ඇත්තේ ‘මෙන්න හොරෙක්..මෙන්න හොරෙක්..’ යයි කියමිනි. එම අවස්ථාවේ අනෙක් සිසුවියන්ද අවදිවී සොරා අල්ලන්නට උත්සාහ කළත් ඔහු වහාම ජනේලයෙන් පැන ගොඩනැගිල්ලෙන්ද පැන පළාගොස් ඇත.
සිද්ධිය ගැන හාංකවිසියක් නොදැන තද නින්දේ පසුවූ ආරක්ෂක නිලධාරිනිය ඇහැරවා සිද්ධිය ගැන දන්වා සිටින්නට සිසුවියන් පසුව කටයුතු කර තිබේ.
ඊයේ මෙම සිදුවීම මත පදනම්ව ජයවර්ධනපුර සිසුසිසුවියන් එක්ව උද්ඝෝෂණයක් පවත්වා තිබුනේ නේවාසිකාගාරවල අබලන් ස්ථාන වහා ප‍්‍රතිසංස්කරණය කරදෙන ලෙසත් ආරක්ෂාව ප‍්‍රමාණවත් නොවන බවත් දන්වමිනි.

0 comments:

Post a Comment

 
Blogger Templates