Pages

Subscribe:

Saturday 9 July 2016

මෛත‍්‍රිට වාසියි නම් ඉන්නවා..මහින්දට වැඩි වාසියි නම් මං ඒ පැත්තට යනවා.. – නිමල් සිරිපාල

ඒකාබද්ද විපක්‍ෂය විසින් බදුල්ලෙන් ආරම්භ කර ඇති ආණ්ඩු විරෝධී ජනහමු මාලාව හේතුවෙන් එම දිස්ත‍්‍රික්කයේ ශ‍්‍රීලනිප නායකයා වන ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා බලවත් අපහසුතාවයකට පත්ව සිටී.

එම ජනහමු මාලාව අතරතුර ඇමති නිමල් සිරිපාලගේ ඉදිරිපෙල ආධාරකරුවන් පිරිසක් ඔහු හමුවන්ට පැමිණ ජනහමුවල තත්වයද දන්වා ඉදිරියේදී ගන්නා ක‍්‍රියාමාර්ගය කුමක්දැයි විමසා ඇත.

‘වෙන්නෙ මොකද්ද කියලා මං නිශ්ශබ්දව බලන් ඉන්නවා’ යයි ඇමතිවරයා කියූ විට පිරිස වහා එක හඬින් අවධාරණය කර ඇත්තේ ‘එහෙම කියල හරියන්නේ නෑ ඇමතිතුමා.
හරී තීරණයක් ගන්න ඒ පැත්තට යනවන මේ පැත්තට යනවද කියලා’ යනුවෙනි. මදක් කල්පනා කර ඇති ඇමති සිරිපාල ‘මං බලන් ඉන්නවා. බලන් ඉඳලා වාසි වැඩි පත්තට මං යනවා’ යනුවෙන් පැවසීම නිසා ආධාරකරුවෝ අන්දමන්ද වී ඇත.

0 comments:

Post a Comment

 
Blogger Templates