Pages

Subscribe:

Tuesday 26 July 2016

මං දැන් බලන්නෙ මැච් එකේදී ඕස්ටේ‍්‍රලියාව දිනනකං - මුරලිගේ පියා

මං දැන් බලන්නෙ මැච් එකේදී
 ඕස්ටේ‍්‍රලියාව දිනනකං
- මුරලිගේ පියාගෙන් ප‍්‍රකාශයක්


ශ‍්‍රී ලාංකික ක‍්‍රිකට් ක‍්‍රීඩක මුත්තයියා මුරලිදරන් මුරලි-වෝන් කුසලාන තරගාවලියේදී  ඕස්ටේ‍්‍රලියාවේ තාවකාලික පුහුණුකරුවෙකු බවට පත්වීමත් ඔහු ලංකාවේ ක‍්‍රිකට් බලධාරීන් සමග ආරෝවකට ඒමත් පදනම් කරගෙන ඇතිව තිබෙන සංවාදය ගැන විමසන්නට  ඕස්ටේ‍්‍රලියාවේ හෙරල්ඞ් සන් පුවත්පත මුරලිදරන්ගේ පියා අමතා ප‍්‍රකාශයක් ලබාගෙන තිබෙන අතර ඔහු එහිදී මතභේදාත්මක කරුණු පවසා ඇත.
ලංකාවේ තෙවැනි විශාලතම බිස්කට් කර්මාන්තය හිමිකරු ලෙස මුරලිගේ පියා වන ලකීලෑන්ඞ් හිමිකරු සින්නසාමි මහතාව 
එම පුවත්පත හඳුන්වාදී තිබේ. දෙමළ ඉංග‍්‍රීසි පරිවර්තකයෙකු හරහා ඔහුගෙන් කළ විමසීමේදී මෙසේ කියා ඇත.
‘මං ටීවී එකේ මැච් බලද්දී ඉස්සර ලංකාව දිනනවට ආසයි.

ඒ මගේ පුතා තරග කෙරුව නිසා.ඒත් දැන් මුරලි  ඕස්ටේ‍්‍රලියාවෙ පුහුණුකරුවෙක්. ඒ නිසා මං දැන් මැච් බලද්දි කැමති පුතාගෙ පැත්ත දිනනවට.ඒක එහෙම වෙන්න එපැයි නේද..එයා දැනටමත් ඉතා සාර්ථක ලෙස තමන්ගෙ කාර්යය ඉටු කරන බව පේනවා. පහුගිය මැච් එකේදී  ඕස්ටේ‍්‍රලියාවෙ  ඕ-කීෆ් විකට් 10 ක් ගත්තා.එයාගෙ සාර්ථකත්වය ගැන  ඕස්ටේ‍්‍රලියාවෙ පත්තර වලින් වර්ණනා කර තිබුනෙ අපේ පුතාගෙ දස්කම් අගය කරලා. ඒක මට ආඩම්බරයක්.
මේ බලන්න මං මේ වීදුරුවේ ගැට්ටෙ කාසියක් තියනවා(ඔහු කාසියක් තබමින් කතා කරයි)
අපේ පුතාට බෝල් කරන්න කිවුවොත් මේ විදුරුවට නොවැදී කාසිය විතරක් වැටෙන්න බෝල් කරන්න පුළුවන්.එයාගෙ දක්ෂතා ගැන හැමදාමත් සතුටුවෙන පියෙක් මං.
ලංකාවෙ ක‍්‍රිකට් දැන් වැටිලා.ඒකට ප‍්‍රධානම හේතුව දේශපාලනය.මුරලි ගියාට පස්සෙත්,සංගක්කාර මහේල ගියාට පස්සෙත් කණ්ඩායම එන්න එන්නම වැටුණා. දේශපාලකයන්  ඕනවට වඩා අතපොවනවා.ඒක පිරිහිමට හේතුවයි. ලංකාවෙ දඟ පන්දු පුහුණුකරුවෙක් දැනටමත් ඉන්නවා. මුරලිව  ඕස්ටේ‍්‍රලියාවෙන් ඉල්ලූවා. ඔහුට අකමැතිවෙන්න හේතුවක් නෑ.’

0 comments:

Post a Comment

 
Blogger Templates