Pages

Subscribe:

Wednesday 27 July 2016

සියයට 15වේ වැට් එක යළි එයි - ඡන්දය අගොස්තු 11හ

එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත හෙවත් වැට් සංශෝධන පනත් කෙටුම්පත පිළිබද පාර්ලිමේන්තු ඡන්ද විමසීම අගෝස්තු මස 11වනදා පැවැත්වීමට ආණ්ඩුව විසින් තීරණය කර තිබේ. අදාළ පනත් කෙටුම්පත පසුගිය 20 දා විවාදයට ගැනීමට නියමිතව තිබුණද වැට් බදු ප්‍රතිශතය වැඩිකරමින් දේශීය ආදායම් බදු කොමසාරිස්වරයා විසින් නිකුත් කළ නියෝගය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කිරීම හේතුවෙන් එදින එය විවාද නොකෙරුණි.
සියයට 11ක්ව පැවති වැට් බද්ද සියයට 15 දක්වා වැඩිකිරීමට රජය පසුගියදා පියවර ගන්නා ලද අතර, පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව අදාළ බදු සංශෝධන සිදුකිරීම පිළිගත නොහැකි බව සදහන් කර ඇති ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තහනම් නියෝගය නිකුත් කළේය. කෙසේවෙතත් වැට් සංශෝධනය පනත් කෙටුම්පත පිළිබද විවාදය 11 දා පැවැත්වීමට තීරණය කර ඇති අතර, ලබන 10දා මුල්‍ය කළමණාකරණ වගකීම සංශෝධන පනත් කොටුම්පත පිළිබද විවාදයක් පැවැත්වීමටද පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී තීරණය කර තිබේ. මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබන මෙම පනත් කෙටුම්පත් දෙක සදහාම එම දිනයන්හී සවස ඡන්ද විමසීමට නියමිතය.

0 comments:

Post a Comment

 
Blogger Templates