Pages

Subscribe:

Saturday 9 July 2016

මධ්‍යම පළාත තුල කුඹුරු ඉඩම් ගොඩ කිරීම වැළැක්වීමට තමන් ගත් ක‍්‍රියාමාර්ග ගැන ගැටඹේ විහාරාධිපති හිමියන් දැනුවත් කිරීමට ගිය පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මියට විහාරාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියන් විසින් අපූරු පිළිතුරු කිහිපයක් ලබා දුන්හ. මේ රටේ ඉන්නේ වැඩිපුර තණකොල කන මිනිසුන් බව එක් අවස්ථාවක කී එහිමියෝ ජනාධිපතිවරයා හොඳට රට කරවන අයුරු පෙනෙන තුරු බලා සිටින බවද කියා සිටියහ.

කතරගම කිරිවෙහෙර අසල ඉටිකොළ යක් මත මාස 14ක් වයසැති දරුවන් තිදෙනා සහ අනෙක් දරුවන් දෙදෙනා තබාගෙන වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ගෙන් දරුවන් ජීවත් කරවීම සදහා දෙමාපිය යුවළක් සහය පතන අයුරු අපට දැක ගන්නට ලැබුණා. මෙසේ අධාර උපකාර ඉල්ලන්නේ තණමල්විල. සූරියආර. අංක 15 පදිංචි එම්.ඩී චන්ද්‍රෙස්න සහ ඔහුගේ බිරිය වන ඩබ්.කේ නන්දනී දීපිකා යන පස්දරු මව්පිය යුවළයි.
දරුවන්ගේ පියා වන මීගහලන්ද දූරගේ චන්ද්‍රසේන මහතා අප සමග මෙසේ කියා සිටියා.
මම යුදු හමුදාවේ අවුරුදු 11ක් සේවය කළා. සුළ්‍ර වරදක් නිසා විනය හේතුන් මත 2010 වසරේදි මාව හමුදාවෙන් ඉවත් කරනකොට සාජන් මේජර්වරයෙක් විදියට කටයුතු කලේ. හමුදා සේවයේ දී 2007.07.23 වැනිදා වාලච්චේන ප්‍රදේශයේදී  ත්‍රස්ත ප්‍රහාරවලට ලක් වූ ආබාධිත සෙබළෙක්. මගේ බිරිදට මේ නිවුන් දරුවන් තිදෙනා ඉපදුනේ කොළඹ කාසල් රෝහලේ. දරුවන් ඉපදෙනකොට ගොඩක් අසනීප තත්ත්වයෙන් හිටියේ. රුපියල් ලක්ෂ 10ක් විතර ඒ ලෙඩදුක්වලට බේත්හේත්වලට වියදම් වුණා. මේ දරුවෝ හිගාකාල හරි හදාගන්නවා කියලා අපි තීරණය කලා. මට තව දරුවන් දෙන්නෙක් ඉන්නවා ඔක්කොම පස් දෙනයි. මේ දරුවන් ජීවත් කරවන්න පුළුවන් උදව්වක් උපකාරයක් මට කරන්න.
දරුවන්ගේ මව වන නන්දනී දීපිකා මහත්මිය
එක දරුවකුට ත්‍රීපෝෂ පැකට් 02ක් මාසෙකට වරක් දෙන්න ඕන. මගේ දරුවෝ තුන්දෙනාටම වාර තුනකදී විතරක් මාසෙකට එක පැකට් එකක් බැගින් විතරයි ත්‍රිපෝෂ දුන්නේ. මේ අසාධාරණයටත් හේතුවක් තියෙනවා. අපි පදිංචි ඉඩම නිරවුල් කරලා දීලා අපට ඡන්ද අයිතිය ලබා දුන්නොත් ආණ්ඩුවෙන් දෙන සමෟද්ධිය හරි ලැබේවි. සමහර දවසට දරුවන්ට කිරිපිටි ගන්නවත් අපට සල්ලි නෑ. පාසල් යන ළමයි දෙන්නටත් වියදම් කරන්න ඕන. කවුරුහරි අපිට උදව් කරනවා නම් ලොකු පිනක් යැයි ඇය කදුළු පිරි දෑසින් යුතුව අප හා කීවාය.
දරුවන් ගැන තොරතුරු දැන ගැනීමට දහතහමාරයායා, උස්ගල. එම්.ඩී චන්ද්‍රසේන වන සිගිත්තියන්ගේ පියාගේ 0779143174 යන දුරකථන අංකයෙන් ලබාගත හැකිය.

0 comments:

Post a Comment

 
Blogger Templates