Pages

Subscribe:

Wednesday 17 February 2016

ඇමතිගේ අවසර නැතිව මාධ්‍යට තොරතුරු දෙන්න එපා ලූ

වානිජ හා කර්මාන්ත අමාත්‍යංශයේ කිසිදු තොරතුරක් ඇමැතිවරයාගේ අවසරයකින් තොරව මාධ්‍යයට ලබාදීම වහාම නතර කරන ලෙස රිෂාඩ් බදියුදීන් මහතා වානිජ හා කර්මාන්ත අමාත්‍යංශයේ සියලු දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත ලිපියක් මගින්
දන්වා ඇත. වෙළද හා වානිජ කටයුතුවල විනිවිදභාවය ජනතාවගෙන් වසන් කිරීමට ඇමැතිවරයා ගන්නා උත්සාහයට පාරිභෝගික ජනතාව සිය විරෝධය පළකර සිටිති. යහපාලන ආණ්ඩුව තොරතුරු දැනගැනීමේ පනත සම්මත කර රටේ ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීමට සැරසෙද්දී වානිජ හා කරම්න්ත ඇමැතිවරයා තොරතුරු සැගවීමේ චක්‍රලේඛ නිකුත් කර ඇතැයි වානිජ හා වෙළද අමාත්‍යංශයේ නිලධාරීහූ කියති.

0 comments:

Post a Comment

 
Blogger Templates