Pages

Subscribe:

Wednesday 17 February 2016

රාජ්‍ය සේවක 2500 පඩි වැඩිවීම විශ්‍රාමිකයන්ටත් දෙනවා

රාජ්‍ය සේවකයන්ට ලබාදීමට එකඟවූ රුපියල් දෙදහස්‌ පන්සියයක වැටුප් වැඩිවීම මෙම වසරේ ජනවාරි පළමුවැනිදා සිට විශ්‍රාම යන රජයේ සේවකයන්ට ද ලබාදීමට අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා සහ තම පෙරමුණේ නියෝජිතයන්
අතර පැවැති සාකච්ඡාවකදී තීරණය වූ බව ජාතික වෘත්තීය සමිති පෙරමුණේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේය.එසේම එම සාකච්ඡාවේදී රාජ්‍ය අංශයේ සේවකයන්ට ලබාදීමට එකඟවූ රු. 2500/} වැටුප් වැඩිවීම ජනවාරි මස සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ චක්‍රලේඛය නිකුත් කිරීම. එහිදී අවම සහ උපරිම වැටුප් අනුපාතය 1(4 ලෙස තබාගැනීම හා වැටුප් වැඩි කරන ප්‍රතිශතයන්ට වාර්ෂික වැටුප් වර්ධකය වැඩි කිරීමට තීරණය කළ බවත් හෙතෙම පැවසීය.
එසේම ජනවාරි පළමු වැනිදා සිට විශ්‍රාම යන රජයේ සේවකයන්ට අග්‍රහාර රක්‍ෂණ ප්‍රතිලාභ ලබාදීමට තීරණය කළ බවත් මේ සඳහා ඇමැති මණ්‌ඩල පත්‍රිකාවක්‌ ඉදිරිපත් කිරීමට ද තීරණය කළ බවත් හෙතෙම කීවේය.
රාජ්‍ය සේවකයන්ට ණය ලබාදීමේදී මූලික වැටුපට එකතුවන 20% දීමනාව හා රු. 10,000/} දීමනාවද එකතුකර දළ වැටුපෙන් 40% සීමාව සලකා ණය ලබාදීමට තීරණය කළ බවත් අක්‍රිය වී ඇති වෘත්තීය සමිති උපදේශක සභා අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු මට්‌ටමින් යළි ක්‍රියාත්මක කිරීමට තීරණය වූ බවත් සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේය. අග්‍රහාර රක්‌ෂණයෙන් රජයේ සේවකයන්ට ලබාදෙන ප්‍රතිලාභ වැඩි කිරීමටත් කැමැත්ත මත ලබා දෙන වැඩි වරප්‍රසාද සහිත පැකේජයක්‌ හඳුන්වා දීමටත් මෙහිදී තීරණය කළ බවත් හෙතෙම පැවසීය.
පැය 08 ක වැඩ දිනය වෙනස්‌ නොකිරීමට ද මෙහිදී තීරණය කළ බව කී සමන් රත්නප්‍රිය මහතා, කම්කරු ලේකම්, රාජ්‍ය පරිපාලන ආයතන අධ්‍යක්‍ෂ ජනරාල්, අග්‍රහාර රක්‍ෂණ සභාපති, මුදල් අමාත්‍යංශයේ අයවැය අධ්‍යක්‍ෂ ජනරාල් සහ ජාතික වැටුප් කොමිෂන් සභා ලේකම්වරයා ද සාකච්ඡාවට එක්‌වූ බව කීවේය

0 comments:

Post a Comment

 
Blogger Templates