Pages

Subscribe:

Wednesday 17 February 2016

ඉස්කෝල හතරකම හිටපු ලොකුම දග මල්ල මම තමයි

මං ගිය ඉස්කොලෙ හතරෙදිම හිටපු දගකාරම ළමයා මමයි. හැබැයි දග කරලා පමණක් නිකං හිටියේ නෑ. දග කරලා, ක්‍රීඩා කරලා, පාඩම් කරලා පමණක් නොව විභාගයත් පාස් කළා. විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරල මහත්මිය
එසේ ප්‍රකාශ කළේ කලවාන ජාතික පාසලේ තාක්ෂණික විද්‍යාගාරය විවෟත කිරීමේ හා නිවාසාන්තර ක්‍රීඩා තරගයේ විශේෂ ආරාධිතයා ලෙස සහභාගි වෙමිනී. ළමයින් දග කළාට කමක් නෑ. හැබැයි හොදින් ක්‍රීඩා කරන්නත්, හොදින් ඉගෙන ගන්නත් සිතට ගත යුතුයි. අපේ ළමා කාලයේ සිහන බවට පත්වී තිබුණා. සමහර පහසුකම් හා සම්පත් අද ගම්බද පාසල්වලත් අනිවාර්ය අංග බවට පත්වෙලා. අද විවෟත කළ තාක්ෂණ විද්‍යාගරය එයට හොද නිදර්ශනයක්. මීට මුල් වූ පසුගිය රජයට මා ස්තූතිවන්ත වෙනවා. මේ නවීන පහසුකම්වලින් උපරිම ප්‍රයෝජන ගැනීම ශීෂ්‍යන්ගේ පමණක් නොව ගුරුවරුන්ගේද යුතුකමක්, වගකීමක් බව මතක් කර දෙන්න කැමැති යැයි ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය එහිදී පැවසීය.

0 comments:

Post a Comment

 
Blogger Templates