Pages

Subscribe:

Wednesday 17 February 2016

ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කෝටී 4කට අධික මුදලක්

රටවල් 8ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 2672ක් සහභාගීවූ 12වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නිමාවට පත්වෙයි. ගුවහාතී ඉන්දිරා ගාන්ධී ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඊයේ නිමාව දුටු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව ඉතිහාසයේ වැඩිම පදක්කම් ප්‍රමාණයක්
 දිනා ගැනීමට සමත් වෙමින් රන් පදක්කම් 25ක්, රිදී පදක්කම් 63ක් හා ලෝකඩ පදක්කම් 98ක් සමග මුලු පදක්කම් 186ක් වාර්තා කළේය. පදක්කම් ප්‍රමාණය අනුව ජයග්‍රාහී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පිරිනැමෙන ප්‍රසාද මුදල රුපියල් කෝටී 4කට අධික වේ. ක්‍රීඩා උළෙල ආරම්භවීමට පෙර ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවැසූවේ දිනා ගන්නා රන් පදක්කමකට රුපියල් ලක්ෂ 5ක්, රිදී පදක්කමකට රුපියල් ලක්ෂ 3ක් හා ලෝකඩ පදක්කමකට රුපියල් ලක්ෂයක තෑගි මුදලක් ලබා දෙන බවය.
එම ප්‍රකාශය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉමහත් දිරියක් වූ අතර උපරිම පදක්කම් ප්‍රමාණයක් දිනා ගැනීමේ ප්‍රතිඵලයට ද හේතු විය. මෙයින් රුපියල් ලක්ෂ 35ක් පිහිනුම් රන් පදක්කම් 7ක් දිනාගත් මැතිව් අඹේසිංහට හිමිවන අතර රන් පදක්කම් 5ක් දිනූ පිහිනුම් ශූරී කිමිකෝ රහීම්ට ලක්ෂ 25ක් හිමිවීමට නියමිතය. මේ දෙදෙනා දකුණු ආසියාවේ වේගවත්ම පිහිනුම් ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව ලෙස සම්මානයට පාත්‍ර වූ අතර වේගවත්ම කාන්තාව හා වේගවත්ම පිරිමියා ලෙස මීටර් 100 ජයගත් හිමාෂ ඒෂාන් හා රුමේෂිකා රත්නායක නම් කිරීම ද ශ්‍රී ලංකාවට ගෞරවයක් විය.
දකුණු ආසියානු ක්‍රීඩා උළෙලකදී මෙයට පෙර ශ්‍රී ලංකාව පදක්කම් වැඩිම ප්‍රමාණයක් දිනා ඇත්තේ 2006 කොළඹ පැවැති තරගාවලියේදී වන අතර එහිදී පදක්කම් 178ක් වාර්තා වුණි. එහෙත් එම ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් 37ක්ද, 1991 ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් 44ක් ද වාර්තාවී තිබුණි. මෙවර ක්‍රීඩා උළෙලට ක්‍රීඩා 22ක් ඇතුලත්වූ අතර ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 484ක් හා නිලධාරීහූ 175ක් පමණ පැමිණ සිටියහ.
ක්‍රීඩාවෙන් සාමය සෞභාග්‍යය හා පෙරට යෑම“ තේමාව කොටගත් දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ඇසෑම් ප්‍රාන්තයේ ගුවහාතී හා ෂිලෝන් නගරවල අලුතින්ම ඉදිකරන ලද ක්‍රීඩාංගණ 17කදී පැවැත්විණි. එම නගර දෙක අතර කිලෝමීටර් 100ක පමණ පරතරයක් තිබුණ ද, සම්පත් සමානව බෙදී යෑම හා වැඩි පිරිසකට තරග නැරැඹීම යන අරමුණු ඔස්සේ ස්ථාන දෙකක ක්‍රීඩා උළෙල සංවිධානය කිරීමට ඇසෑම් ක්‍රීඩා බලධාරීහූ තීරණය කළහ. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතාගේ නිවේදනයෙන් 5වැනිදා ආරම්භ වූ ක්‍රීඩා උළෙල ඇසෑම් ක්‍රීඩා ඇමැති සාබානන්දා සොනෝවල් මහතාගේ නිවේදනයකින් නිමාවට පත් විය.
මේ සමගම මීළඟ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය උදෙසා ක්‍රීඩා උළෙලේ ධජය නේපාලයේ කත්මණ්ඩු නුවර වෙත භාරදීම සිදුවිය. නේපාල රජය මීළඟ ක්‍රීඩා උළෙල 2019දී පැවැත්වීමට සූදානම් බව එරටින් පැමිණි නියෝජිතයා ප්‍රතිඥාවක් ද ලබා දුන්නේය.
දින ගණනාවක් පුරා සහෝදරත්වයෙන් ක්‍රීඩා පිටියේ සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඉතා හැගූම්බරව විසිර ගිය අතර ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ කුලියට ගත් ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් අද පස්වරු 5.15ට පමණ කටුනායක වෙත ළඟාවීමට නියමිතය.
දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ
පිහිනුම් රන් පදක්කම් 12යි මැතිව් අබේසිංහ (මීටර් 100 නිදහස් ආර, මීටර් 50 නිදහස් ආර, මීටර් 200 නිදහස් ආර, මීටර් 100 සමනළ ආර, මීටර් 200 ඒකළ මෙඩ්ලී, මීටර් 400 ඒකළ මෙඩ්ලී, හා මීටර් 100 නිදහස් ආර සහය පිහිනුම්)
කිමිකෝ රහීම් (මීටර් 50 නිදහස් ආර, මීටර් 100 නිදහස් ආර, මීටර් 50 පසුපස ආර, මීටර් 100 පසුපස ආර හා මීටර් 200 පසුපස ආර)
මලල ක්‍රීඩා රන් පදක්කම් 9යි හිමාෂ ඒෂාන් (මීටර් 100), සුරංජය සිල්වා (මීටර් 200), ඉඳුනිල් හේරත් (මීටර් 800), මංජුල කුමාර (උස පැනීම), ඉෂාර සඳරුවන් (රිටි පැනීම), රුමේෂිකා රත්නායක (මීටර් 100), නිමාලී ලියනාරච්චි (මීටර් 800), මීටර් 100 පිරිමි හා කාන්තා සහාය දීවීම
පාපැදි රන් පදක්කම් 2යි ජීවන් ජයසිංහ (කි.මී.60 හා කි.මී.100 මාර්ග ධාවනය)
බර ඉසිලීම රන් පදක්කම් 1යි සුදේශ් පීරිස් (කි.ග්‍රෑ 62)
වුෂූ රන් පදක්කම් 1යි පී.එච්.එල්.ලක්ෂමන් (තාවුලු)

0 comments:

Post a Comment

 
Blogger Templates