Pages

Subscribe:

Friday 26 February 2016

ඇණවුම් කළ සුපිරි ගුවන් යානා කුටිය ගැන මහින්ද කියයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලන්කන් එයාර්ලයින් සමාගමේ නව ගුවන්යානා සමග එතුමාගේ භාවිතය සදහා සුබෝපභොගී නානකාමර, වැසිකිලි, ඇදන් සහිත කුටියක් නිර්මාණය කල හැකි විශේෂිත වූ පරිවර්තන කට්ටලයක්
 ඇමරිකානු ඩොලර් මිලියන හතරක වියදමින් ඇණවුම් කර තිබූ බවත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ ඇණවුම අවලංගු කිරීමට උත්සාහ දැරුවත් ගිවිසුමේ කොන්දේසී නිසා එසේ කළ නොහැකි බවත් එම නිසා ඒ පාඩුව රටට දරා ගැනීමට සිදු වන බවත් ඊයේ එජාප පක්ෂ මූලස්ථානයේ පවත්වනු ලැබූ මාධ්‍ය හමුවේදී රංජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා සදහන් කර තිබුණි. හිටපු ජනාධිපතිතුමාට අද කොමිසම හා හිරගෙවල් ගානේ යෑමට සිදු වී ඇත්තේ මෙවැනි දේවල් නිසා යැයි රන්ජන් රාමනායක මහතා වැඩිදුරටත් සදහන් කළේය.
මේ පිළිබදව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද සවස මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කිරීමක් කර ඇත. එය පහතින් බලන්න.

0 comments:

Post a Comment

 
Blogger Templates