Pages

Subscribe:

Monday 29 February 2016

කළ යුතු දේ නොකරයි නම් පසෙකට වී සිටීමට වේලාව හරි – ඇමරිකාව

රුසියාව කළ යුතු දේ නොකරන්නේ නම් පසෙකට වී සිටීම සඳහා සුදුසු කාලය එලඹී ඇති බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප‍්‍රකාශක මාක් ටෝනර් පවසා ඇත.

ඔහු මේ බව පවසා ඇත්තේ දෙරට අතර එකගතාවයෙන් යෝජනා කෙරුණු සටන් විරාමය ආරම්භ වීමට පැය 2ක පමණ කාලයක් ඉතිරිව තිබියදී වීම විශේෂත්වයකි.
එම එකගතාවයෙන් අනතුරුව මධ්‍යස්ථ විපක්‍ෂය ලෙස ඇමරිකාව විසින් හඳුන්වන කණ්ඩායම් වෙත ගුවන් ප‍්‍රහාර එල්ල නොකරන බවට රුසියාව ප‍්‍රතිඥා දුන් බවද ටෝනර් පවසා තිබේ.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ වචන වලට වඩා ක‍්‍රියමාර්ග වලින් තම කාර්යභාරය ඉටුකිරීමට රුසියාව කටයුතු කළ යුතු බවයි.

ඒ සඳහා සටන් විරාමය, එදිරිවාදිකම් අත්හැරීම සහ දේශපාලන පරිවර්තනයක් දක්වාවූ ක‍්‍රියාවලියකට අවතීර්ණ වීමට සහය පළ කළ යුතු බව ටෝනර් සඳහන් කර ඇත.

සටන් විරාමය ආරම්භවීමට සුළු වේලාවකට පෙර රුසියාව හා ඇමරිකාව අතර අත්සන් කෙරුණු එකගතාවයට අනුමැතිය ලබාදීමට එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක කවුන්සිලය විසින් පියවර ගන්නා ලදී.
ISIS හා අල් නුස්රා සංවිධාන වලට එරෙහිව සිදුකරන මෙහෙයුම් නොනවත්වන බවට වන කොන්දේසිය මත සටන් විරාමය හා එක්වීමට සිරියානු රජයද තීරණය කර තිබේ.

ඇසෝසියේටඞ් ප්‍රෙස් පුවත් ආයතනය පවසා ඇත්තේ සටන් විරාමයට පෙර  රුසියාව විසින් ඇමරිකානු හිතවාදී සටන්කාමී කණ්ඩායම් වෙත දැවැන්ත ප‍්‍රහාර එල්ල කළ බවයි.

0 comments:

Post a Comment

 
Blogger Templates