Pages

Subscribe:

Sunday 28 February 2016

කෝටි 15ක වංචාවක් කරපු කැබිනට් ඇමති කොමිසමට

කැබිනට් අනුමැතියකින් තොරව ලෝක වෙළෙද මධ්‍යස්ථානය තුළ ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානය නමින් කාර්යාල ගොඩනැගිල්ලක් ස්ථාපිත කරමින් රුපියල් පහළොස් කෝටි හැත්තෑලක්ෂයක් (මිලියන 175) අයථා ලෙස වියදම්
කරමින් සිදු කළ වංචාවක් සම්බන්ධව රජයේ කැඩිනට් අමාත්‍යවරයකු ලබන සතියේ බරපතළ දූෂණ වංචා සෙවීමේ කොමිසමට කැදවීමට නියමිතය. මෙකී කාර්යාල පරිශ්‍රය පවත්වාගෙන යාම සදහා මෙම ජනවාරි මාසය දක්වා මසකට රුපියල් ලක්ෂ විසිහත බැගින් ගොඩනැගිලි කුලිය වශයෙන් වසර දෙකක් පුරා මුදල් ගෙවා ඇතැයි හෙළි වී ඇත. පසුගිය රජය සමයේ හා වත්මන් රජය බලයට පත්වීමෙන් පසුවත් මේ වනතුරු ගොඩනැගිලි කුලිය ලෙස ගෙවා ඇති මුදල රුපියල් මිලියන 62.8කි.
මීට අමතරව මෙම කාර්යාල පිරිශ්‍රය ආරම්භ කිරීමට අවශ්‍ය ගෘහ භාණ්ඩ, ඇද ඇතිරිලි ඇතුළු අනෙක් භාණ්ඩ සදහා සියලු වියදම් කර ඇති බවත්, ඒ සදහා ටෙන්ඩර් කැදවීමේ දී විනිවිද භාවයකින් තොරව ගනුදෙනු සිදු වී ඇති බවත් විමර්ශනවල දී හෙළි වී ඇත.
මෙම කාර්යාලයට ගත් රුපියල් විසිපන්දහසක් වටිනා පුටුවට රුපියල් අනූදහසක් බිල් දමා ඇතැයි ද අනාවරණය වී ඇත. මේ අයුරින් පුටු. මේස, බිම ඇතිරිලි ඇතුළු සියලු දෑ වෙළෙදපොළ මිලට වඩා වැඩි මිල ගණන් දමාගෙන ඇතැයි හෙළි වී ඇත. රාජ්‍ය ආයතනයක් ලෙසින් ලක්සල වෙතින් මිල දී ගන්නා බව හගවා කෝටි ගණනක භාණ්ඩ පුද්ගලික සමාගමකින් මිල දී ගෙන ඇති බවද හෙළි වී තිබේ.
අධිකරණ අමාත්‍යංශය මගින් මහා භාණ්ඩාගාරයෙන් වෙන්කළ මුදල් රුපියල් මිලියන 157ක් මෙසේ ගෙවා ඇති බව අනාවරණය වී ඇති අතර නීතිමය ගැටලු බේරුම්කරණ මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය ද මෙම පරිශ්‍රයේ සිදු වූ කාර්යභාරයක් පැහැදිලිව අනාවරණය වී නොමැත.
වසර දෙකක් පුර මිලියන 157ක් වියදම් කළ මෙම පිරිශ්‍රයෙන් ආදායම් ලෙස ලැබී ඇත්තේ එහි පැවැත්වූ උත්සවයක් සදහා අයකරුනු ලැබූ රුපියල් හතළිස්දහසක මුදලක් පමණී. මෙහිදී  සිදු වී ඇති අක්‍රමිකතාවන් පිළිබද ප්‍රකාශ සටහන් කිරීමට වගකිවයුතු නිලධාරීන් කිහිප දෙනකුම බරපතළ දූෂණ වංචා සෙවීමේ කොමිසමට කැදවා තිබිණි.
මෙහි දී කරන ලද විමර්ශනවල දී මෙම ආයතනය ආරම්භ කිරීම සම්බන්ධව කැබිනට් අනුමැතිය ලබාගන්නා ද යන ප්‍රශ්නය පැන නැගී ඇති අතර ටෙන්ඩර් අක්‍රමිකතා ගැන ද හෙළි වී ඇත. මේ අනුව අදාළ සිද්ධීන්වලට වගකිව යුතු විෂය භාර කැබිනට් අමාත්‍යවරයා බරපතළ වංචා කොමිසමට කැදවීමට තීරණය වී ඇත.

0 comments:

Post a Comment

 
Blogger Templates