Pages

Subscribe:

Tuesday 26 July 2016

නිළියගේ ඇමතුම්වලට හොරෙන් සවන් දුන් ව්‍යාපාරිකයා

ජනප්‍රිය රංගන ශිල්පිණී මේනකා මධුවන්තිගේ ජංගම දුරකථනය වෙත ලැබෙන ඇමතුම් හා කෙටි පණිවුඩවලට (එස්‌. එම්. එස්‌.) හොරෙන් සවන් දුන් බව කියන ව්‍යාපාරිකයකු පොලිසියට කැඳවා තරයේ අවවාද කර මුදාහැරි බව කොහුවල පොලිසිය පවසයි. මීට මාස තුනකට උඩදී රංගන ශිල්පිණී මේනකා මධුවන්ති ඇසුරු කළ 26 හැවිරිදි ව්‍යාපාරික තරුණයකුට ඇගේ ජංගම දුරකථනය ලබාදී අන්තර්ජාල ලිපිනයක්‌ සාදා දෙන ලෙස පවසා තිබේ.
ඒ අනුව එය සාදා දී ඇති තරුණයා ඇයට ලැබෙන දුරකථන ඇමතුම් මෙන්ම කෙටි පණිවුඩ (එස්‌. එම්. එස්‌.) ඔහුගේ ජංගම දුරකථනයට ද ලැබෙන ආකාරයට සකස්‌ කරගෙන ඇති බව ඇයට දැනගන්නට ලැබී තිබේ. තවද එම තරුණයා ඇගේ අන්තර්ජාල ගිණුමට ද හොර රහසේ ඇතුළු වී එහි තිබූ ඡායාරූප වෙනත් පුද්ගලයන් වෙත යවා ඇතැයි ඇය පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
මේ හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට මුහුණපා ඇති බවත්, සමාජයට මුහුණ දීමට නොහැකිව සිටින බවත්, එනිසා මෙම පුද්ගලයාව ගෙන්වා නැවත මෙවැනි දේවල් නොකරන ලෙසට අවවාද කරන ලෙසත් දන්වා ඇය පොලිසියට පැමිණිලි කර තිබිණි. එම පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ කොහුවල පොලිසියේ නිලධාරීහු කළුබෝවිල ඇන්ඩර්සන් පාරේ පදිංචි ව්‍යාපාරික තරුණයාව පොලිසියට ගෙන්වා තරයේ අවවාද කර මුදාහැරි බව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ පැවසීය.

0 comments:

Post a Comment

 
Blogger Templates