Pages

Subscribe:

Tuesday 19 July 2016

කතානායක කරු සිංගප්පූරු රෝහලට යන්න නැග්ග එමිරේට්ස් ප්ලේන් එකෙන් බස්සවලා

හෘද රෝග තත්ත්වයක් සඳහා වැඩිදුර ප‍්‍රතිකාර ලබාගැනීමට කරු ජයසූරිය මහතා ඉකුත් අඟහරුවාදා එමිරේට්ස් ගුවන් සමාගමට අයත් යානයකින් සිංගප්පූරුව බලා යාමට කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා. පසුව කරු ජයසූරිය මහතා එමිරේට්ස් සමාගමට අයත් යානයක කලින් වෙන්කරවා ගත් පළමුවෙනි පන්තියේ අසුනක අසුන්ගෙන සිටියදී අදාළ යානයේ කාර්යමණ්ඩලයේ නිලධාරීන් පැමිණ ඒ මහතාගේ වෛද්‍ය අවසර පත‍්‍රය ඉල්ලා තිබෙනවා.
එහෙත් එවැනි අවසර පත‍්‍රයක් අවශ්‍ය බව එමිරේට්ස් සමාගම මීට පෙර දැනුම් දීමක් සිදුකර තිබී නැහැ. කරු ජයසූරිය මහතා අදාළ ගුවන් ගමන සඳහා ප‍්‍රවේශ පත‍්‍රය වෙන්කරවා ගැනීමේදී රෝද පුටුවක අවශ්‍යතාව ද දැනුම් දී තිබෙනවා. එමෙන්ම හදිසි තත්ත්වයකදී භාවිතය සඳහා ඔක්සිජන් වායුව ද අවශ්‍ය බව කරු ජයසූරිය මහතා අදාළ සමාගමට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් වෛද්‍ය අවසර පත‍්‍රයක් නොමැතිව කරු ජයසූරිය මහතාට සිංගප්පූරුව බලා යාමට අවසර ලබාදීමට එමිරේට්ස් සමාගම එකඟ වී නැහැ. ඒ අනුව කරු ජයසූරිය මහතා එම ගුවන් යානයෙන් ඉවත් වී තවත් පැය 12 කින් පසු සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානයකින් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් එමිරේට්ස් සමාගමේ ප‍්‍රධාන කාර්යාලය මගින් සිදුකළ විමර්ශනයේ වාර්තාව අද (18) දිනයේදී ශ‍්‍රී ලංකාවට ලැබීමට නියමිතයි. ඒ අනුව ඉදිරි කි‍්‍රයාමාර්ග ගන්නා බව එමිරේට්ස් සමාගමේ කොළඹ කාර්යාලයීය ප‍්‍රධානී චන්දන ද සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියා

0 comments:

Post a Comment

 
Blogger Templates