Pages

Subscribe:

Sunday 3 July 2016

විරෝධතා පුවරු ස්ටේජ් නැග්ග 2016 අපූරු රාජ්‍ය නාට්‍ය උළෙල

සම්මාන ගන්න අය සමග විරෝධතා පුවරු ස්ටේජ් නැග්ග
2016 අපූරු රාජ්‍ය නාට්‍ය උළෙල


මෙවර රාජ්‍ය නාට්‍ය උළෙල සිකුරාදා පස්වරුවේ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ දී පැවැත්වූ අවස්ථාවේ එම උළෙලට විරෝධය පළ කළ නාට්‍ය ශිල්පීන් කණ්ඩායමක් එම විරෝධය නිර්මාණශීලී ලෙස අලූත් ක‍්‍රමයකට ඉදිරිපත් කර තිබුණි.
ඔවුන් නාට්‍ය ශිල්පීන් සියල්ලන්ට කළු පටි පැළඳූ අතරම සියලූම සම්මාන ලාභීන් වේදිකාවට ගොඩවදින අවස්ථාවේ විරෝධතා පුවරුවක් රැගත් අයෙකුද ඒ සමග වේදිකාවට ගොඩවී සියල්ලන්ට පෙනෙන ලෙස එය ප‍්‍රදර්ශනය කර 
සම්මාන ලාභියා සමග බැස ගොස් තිබුණි. එම සටන් පාඨ අතර පහත ඒවාද විය.
‘ජනපතිතුමනි සංස්කෘතික ජීවිතේ කියල එකකුත් තියනවා දන්නවාද?’

‘අගමැතිතුමනි කලාව කන්නද නේ?’
‘ගල්ලෙන බිඳලා ලෙන්දොර ඇරලා එළියට එන්න තේනුවර’
‘අධ්‍යාපන ඇමතිතුමනි නාට්‍ය අදාළ නැනේ’
‘කේබී. වරද කාගෙද වෙන කාගෙද’
‘සබුද්ධික මිනිසුන්ට ආණ්ඩු බයද’
‘අනුෂා ගෝකුල ඔබට සතුටුයිද දැන්’
‘වැය ශීර්ෂයෙන් කලාවට 0.3 නිලධාරීන්ට කන්නත් මදිනෙ’
‘රාජ්‍ය මෙච්චර පීචංද මචං’
‘ඔයාල එහෙමනං අපි මෙහෙමයි එහෙමද ආස’

මෙවර නාට්‍ය උළෙලට රජය කිසිදු වැදගත්කමක් ලබාදී නැති බවත් BMICH හි පවත්වන්නට නියමිතව තිබී පසුව වැඩි දෙනෙකු නොදන්නා කුඩා ශාලාවක එය පවත්වන්නට පියවරගැනීම නිසා මෙම විරෝධතාව අරඹන්නට මුල්වූ බවත් එය සංවිධානය කළ අය දන්වා තිබුණි.
එම සිදුවීමට අදාළ වීඩියෝව පහතින්

0 comments:

Post a Comment

 
Blogger Templates