Pages

Subscribe:

Sunday 3 July 2016

රටවල් 12 ක්‌ ශ්‍රී ලංකාවට හයිබ්‍රිඩ් අධිකරණයක්‌ ඉල්ලයි

මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා විමර්ශනය කිරීම සඳහා ජාත්‍යන්තර විනිසුරුවන් සහිත හයිබ්‍රිඩ් අධිකරණයක්‌ ස්‌ථාපිත කළ යුතු යෑයි රටවල් 12 ක්‌ ජිනීවා මානව හිමිකම් සමුළුව අමතා ප්‍රකාශ කර ඇත. මෙම රටවල් නම් ප්‍රංශය, මැසිඩෝනියාව, චෙක්‌ රාජ්‍යය, ඇමරිකාව, බ්‍රිතාන්‍ය, නෙදර්ලන්තය, නෝර්වේ, මොන්ටිනිග්‍රෝ, කැනඩාව, එස්‌ටෝනියාව, ඇල්බේනියාව සහ ස්‌විට්‌සර්ලන්තය වේ.
එස්‌ටෝනියා තානාපතිවරයා මානව හිමිකම් සමුළුව අමතමින් ශ්‍රී ලංකා රජය අන්තර්ජාතික අධිකරණයට සම්බන්ධ රෝම සම්මුතිය අත්සන් කළ යුතු බව ද ප්‍රකාශ කර ඇත.
ඇල්බේනියා තානාපතිවරයා ශ්‍රී ලංකා රජයේ දේශීය යාන්ත්‍රණය පිළිගැනීම මුළුමනින්ම ප්‍රතික්‌ෂේප කර තිබෙ මෙහිදී ඔස්‌ට්‍රෙලියා රජය පමණක්‌ ශ්‍රී ලංකාවට සහාය වන බව ප්‍රකාශ කර ඇත.
මංගල සමරවීර මහතා ජිනීවා සැසිය අමතමින් කියා සිටියේ යුද අපරාධ පරීක්‌ෂණ පමා නොකරන බවත් යුද අපරාධ පරීක්‌ෂණ පැවැත්වීම උපාය මාර්ගිකව ප්‍රතික්‌ෂේප කරනු ලබන බවට පැතිරෙන අදහස්‌ තමා ප්‍රතික්‌ෂේප කරන බවත්, යුද හමුදාව පාවිච්චි කළ ඉඩම් ඒවායේ මුල් පදිංචිකරුවන්ට පැවරීමට ආණ්‌ඩුව පියවර ගෙන ඇති බවත් ආණ්‌ඩුවේ ප්‍රයන්තය කල් පවත්නා සෞභාග්‍යවත් සමාජයක්‌ නිර්මාණය කිරීම බවත් හෙතෙම පවසා තිබේ.
ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරය බාධා නොකළ යුතුයි - රුසියාව කියයි
ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටලු සඳහා ජාත්‍යන්තර ප්‍රජාව අනවශ්‍ය ලෙස බාධා කිරීම් නොකළ යුතු බව රුසියානු රජය සඳහන් කරයි. ජිනීවා නුවර පැවැත්වෙන 32 වැනි මානව හිමිකම් සැසිවාරයේදී පෙරේදා (29) ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ රුසියානු නියෝජිතයා මේ බව සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාවට තම රටේ අභ්‍යන්තර ගැටලු විසඳා ගැනීමට හැකියාවක් පවතින බැවින් ඒ සඳහා අනවශ්‍ය ලෙස බාධා කිරීම් නොකළ යුතු බවද රුසියානු නියෝජිතයා පෙන්වා දුන්නේය. එමෙන්ම ශ්‍රී ලංකාවට ස්වෛරී රාජ්‍යයක් ලෙස කටයුතු කිරීමට හැකියාවක් පවතින බවත් එරට ස්වෛරී භාවයට බාධා පැමිණවීම අනිසි බලපෑමක් ලෙසත් රුසියානු නියෝජිතයා සඳහන් කළේය.
කෙසේ වෙතත් මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, නෝර්වේ යන රටවල් සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා රජය සංහිඳියාව ඇති කිරීමට තවදුරටත් කැපවී කටයුතු කළ යුතු බවයි.
මෙහිදී ඇමෙරිකානු නියෝජිත කීත් හාපර් කියා සිටියේ ඉදිරියේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලබන වාර්තා වඩා සතුටුදායක වාර්තා වනු ඇති බවට විශ්වාස කරන බවයි.

0 comments:

Post a Comment

 
Blogger Templates