Pages

Subscribe:

Thursday 14 July 2016

පස්සට යන් නැහැ - තවත් පන්නරය ලබා ඉදිරියට එනවා


ආණ්ඩුවේ දේශපාලන දඩයම දිගින් දිගටම ක්‍රියාත්මක වුවත්, ඒකාබද්ධ විපක්ෂයේ කිසිවකුත් දේශපාලනය අත් හරින්නේ නැතැයි, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. පැමිණිල්ලක් නැති අගතියක් සිදු වී නැති කාරණයකට සැකකරු විත්තිකාරයෙක් කර හිරේ දමන යුගයක් අද නිර්මාණය වී ඇතැයිද රාජපක්ෂ මහතා පැවසීය. බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි සිය කාර්යාලයේ පැවැති පළාත් පාලන සංසදය පිහිටුවීමේ අවස්ථාවට එක් වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නාමල් රාජපක්ෂ මහතා පිළිබඳ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එසේ පැවසීය.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට ප්‍රථම, ආණ්ඩුවේ ඇමැතිවරයකු හෙට ඔහු අත්අඩංගුවට ගන්නවා යැයි කීම කවර යහපාලනයට අයත්දැයි මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී විමසා සිටියේ ය.
එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට හිටපු ජනාධිපතිවරයා ලබාදුන් පිළිතුරු මෙසේය.
ඉදිරියේ දී බස් ගාස්තුව වැඩිවෙනවා නේද? මම දැක්කා අවම ගාස්තුව රුපියල් නවයයි කියලා කියනවා. රුපියල් නවයයි කියන්නේ දහයයි. මොකද ආපහු ඉතුරු රුපියල ලැබෙන්නේ නැහැ.
පෙට්‍රල් මිල ඉහළ යන්නත් නියමිතයි කියනවා? වැඩි කරන්න නමෛයි හරිනම් අඩුකරන්නයි ඕන. අසූවට අනූවට තියෙද්දියි මිල අඩු කළේ ඊට පස්සේ 29 ට තිබුණත් මිල අඩු කළේ නැහැනේ.
වැට් සංශෝධන පනත ඉදිරියේ දී එනවා. ඒකාබද්ධ විපක්ෂය ඒ ගැන මොනවද කියන්නේ? අපි සම්පූර්ණයෙන් විරුද්ධයි.
ඔබතුමා තවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපදේශක. ඉදිරියේ දී පක්ෂය මොනවගේ තීන්දුවක් ගනියිද?ඒක ඉතින් දන්නේ නැහැ. අපි විපක්ෂයේ ඉන්න ශ්‍රී ලංකාකාරයෝ. එක්සත් ජාතික පක්ෂයේ ඉන්න ශ්‍රී ලංකා කාරයෝ ‍නෙවෙයි.
ජූලි 28 වැනිදා ඔබතුමන්ලා පා ගමනක් අරඹන්න නියමිතයි. මෙය ආපසු හැරී බැලීමක්ද?vඔව්. මීට පෙර එවැනි පා ගමන් කළා. ඒවා සාර්ථක වුණා. මෙය ඊටත් වඩා සාර්ථක වේවි.
යහපාලන ආණ්ඩුව දඩයමක් කරන බවට කියනවා. ඒ ගැන මොනවද ඔබ කියන්නේ? ඒ අයගේ දඩයම ඒ අය දිගින් දිගටම කරගෙන යයි. එහෙම වුණා කියලා කවුරුත් දේශපාලනය අතහරින්නේ නැහැ. තව තවත් පන්නරය ලබලා ඉදිරියට එනවා. පස්සට යන්නේ නැහැ. පැමිණිල්ලක් නැති, අගතියක් වෙලා නැති දෙයකට සැකකරු විත්තිකාරයෙක් කරලා හිරේ දාන යුගයක් අද තියෙන්නේ.
පළාත් පාලන ආයතනවලට සෑම පක්ෂයක්ම නියෝජිතයන් තෝරනවා. ඒකාබද්ධ විපක්ෂයේ ඊට සූදානම කොහොමද? ඒක එතකොට බලමු. තාම මැතිවරණයක් නැහැ. ගඟ ගව් ගාණක් තියෙද්දී අමුඩ ගහන්න එපා කියනවනේ.
මංගල සමරවීර මහතා යළිත් වතාවක් කියනවා අනිවාර්යයෙන්ම විදේශීය විනිසුරුවරුන් ගේන්න ඕන කියලා. මට ඔතැනදී එක දෙයක් තෝරගන්න බැහැ. විධායක ජනාධිපතිවරයා තමන් නියෝගයක් දෙනවා විධායක ජනාධිපතිවරයා කියන දේ තමයි, ඒ රජයේ ප්‍රතිපත්තිය. එය තමයි ක්‍රියාත්මක විය යුත්තේ. මොකද විධායක ජනාධිපතිට මත ඉදිරිපත් කරන්න බැහැ.
නාමල් මන්ත්‍රීතුමාව අත්අඩංගුවට ගැනීම ගැන එජාපය කියන්නේ ලොකු මෝරෙක් අල්ලා ගත්තා කියලා. තවත් අල්ලන්න මෝරු ඉන්නවා කියලත් කියනවා? මොන මෝරෙක්ද? නාමල් මෝරෙක්යැ. අල්ලගෙන ඉන්නේ නාමල්. හැබැයි ඔහුව අල්ලගන්නවා කියලා තීන්දු කරන්නේ ඇමැතිවරු. ඇමැතිවරයෙක් කියනවා හෙට අපි අල්ලනවා කියලා. මේක ද මේ රටේ නීතිය.
එහෙම කරන්න පුළුවන්ද? මේ ආණ්ඩුව ඔය එහෙම කරන්නේ. යහපාලන කියලනේ කියන්නේ. මේ ආණ්ඩුවට ඒ ඔක්කෝටම ලයිෂන් දීලා තියෙනවා. බටහිර ලෝකය, එන්ජීඕ ටික ඒවට ලයිෂන් දීලා. ඕනම දෙයක් කරන්න. විශේෂයෙන් රාජපක්ෂලාට ගහන්න කියලා තමයි කියන්නේ. නාමල්ගේ සිද්ධියේ දී වුණත් පැමිණිල්ලක් නෑ. අගතියට පත් වුණු පුද්ගලයෙක් නැහැ. හැබැයි අධිකරණයට ඉදිරිපත් කරලා හිරේ දානවා.
පළාත් පාලන මැතිවරණයට කොහොමද මුහුණ දෙන්නේ. වෙනමද තරග කරන්නේ? ඒක බලන්න ඕනනේ. ඉස්සෙල්ලම බලන්න ඕන මැතිවරණයක් ඒවිද කියලා. අපේ කා‍ලේ නම් වෙලාවට මැතිවරණ තිබ්බා. මැතිවරණය එන්න ඕනනේ ඒ ගැන බලන්න යැයි කීය.

0 comments:

Post a Comment

 
Blogger Templates