දඹදිව පූජා භූමිය ආශ්‍රිතව වසංගත රෝග පැතිරයාමේ අවධානමක් නොමැති බව ඉන්දීය මහාබෝධි සමාගම පවසයි.
එහි මහ ලේකම්, ඉසිපතානාරාමාධිපති, පැල්වත්තේ සීවලී හිමි සඳහන් කළේ දඹදිව පූජා භූමිය ආශ්‍රිතව වසංගත රෝග පැතිර යන බවට අනියත බියක් ඇති කර නොගත යුතු බවයි.
දඹදිව පූජා භූමිය ආශ්‍රිතව වසංගත රෝග පැතිර යන්නේ ද යන්න පිළිබඳ කළ විමසීමකට පිළිතුරු දෙමින් පූජ්‍ය පැල්වත්තේ සිවලී හිමි මේ බව සඳහන් කළේය.
කෙසේ වෙතත් විදෙස් සංචාරවල නිරතවීමෙන් පසු දිවයිනට පැමිණෙන පුද්ගලයින් ගුවන් තොටුපොළේදී විශේෂ පරීක්ෂාවකට ලක් කිරීම යෝග්‍ය බව ද උන්වහන්සේ පෙන්වා දෙයි.
මේ පිළිබඳව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් චිත්‍රාගනී වාගීස්වර මහත්මියගෙන් ද විමසීමක් කළා අතර ඊට පිළිතුරු ලබා දෙමින් ඇය සඳහන් කළේ දඹදිව වන්දනාවේ යන බැතිමතුන්ට බියවීමට තරම් අවධානමක් ඉන්දියාව තුළ නොමැති බවයි.
Sunday, 18 September 2016
ජනමත විචාරණයට රජය සූදානමින්
නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ජනමත විචාරණයක් පැවැත්වීමට රජය සූදානම්න් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල්දමා ලබන වසර මුල ජනමත විචාරණයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.
වෙන්නප්පුව, කිරිමැටියාන ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින් විමල් වීරවංශ මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

නව ආණ්ඩුවක් බිහිකළ යුතුයි
නව ආණ්ඩුවක් බිහිකිරීමේ අවශ්‍යතාව මතුව ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ නිදහසෙන් පසු රට පාලනය කළ කිසිඳු රජයක් ජනතා අවශ්‍යතා ඉටු කර නොමැති බවයි.
යාපනය ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේය.
මේ අතර ජාතිවාදී අදහස් දරණ පුද්ගලයින්ට රට තුළ යළිත් බලය ලබා ගැනීමට ඉඩ නොතබන බවද අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සඳහන් කළේය.

කිලිනොච්චියේ වෙළෙඳුන්ට කඩිනම් සහන
කිලිනොච්චියේ, පොදු වෙළෙඳසැල් භූමියේ හට ගත් ගින්නෙන් විනාශ වූ වෙළෙඳසැල් කඩිනමින් නැවත ඉදිකර දීමට කටයුතු කරන බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි.
මධ්‍යම රජය සමග සාකච්ඡා කර එම වෙළෙඳසැල් හිමියන්ට කඩිනමින් සහන සැලසීමට කටයුතු කරන බව ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.
පසුගිය 16 වනදා රාත්‍රියේ කිලිනොච්චිය පොදු වෙළෙඳසැල් භූමියේ හටගත් ගින්නෙන් වෙළෙඳසැල් 100කට ආසන්න ප්‍රමණයක් විනාශ වු අතර මේ හේතුවෙන් කෝට් ගණනක පාඩුවක් සිදුව ඇති බව වෙළෙඳසැල් හිමියන් පවසයි.
එම වෙළෙඳසැල් හිමියන් සහ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා අතර ඊයේ(17) පස්වරුවේ මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
එහිදී ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ උතුරු නැගෙනහිර කඩිනම් සංවර්ධන වැඩසටහන යටතේ එම වෙළෙඳසැල් ඉදිකිරීමට අවශ්‍ය කටයුතු සලසා දෙන බවයි.

කමිටුවේ ස්වාධීනත්වයක් නෑ ....
අඩු පහසුකම් සහිත ප්‍රදේශවලින් උසස් පෙළ විභාගයට සිසුන් ඉදිරිපත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සෙවීමට පත් කළ කමිටුවේ කිසිඳු ස්වාධීනත්වයක් නැතැයි ලංකා ගුරු සංගමය චෝදනා කරයි.
එහි ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා සඳහන් කළේ අදාළ ගැටළුව සම්බන්ධයෙන් සෙවීමට පත් කළ කමිටුවට අධ්‍යාපන අමාත්‍යාංශයේම නිලධාරීන් පත් කර ඇති බවයි.
ඒ බැවින් අදාළ ගැටළුවට සාධාරණ විසදුමක් සෙවීමට හැකියාවක් නොලැබෙන බව ඔහු සඳහන් කළේය.

සිරමැදිරියේදී ගෙලවැලලා ගත්තාට පොලිසියේ 2ට වැඩ වරදියි
පුස්සැල්ලාව පොලිස් ස්ථානයේ සිරමැදිරියක් තුළදී සැකකරුවෙකු ගෙල වැලලාගෙන සිය දිවි හානි කර ගැනීමේ සිද්ධියට අදාළව පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩතහනම් කර තිබේ.
අධිකරණයෙන් නිකුත් කරන ලද වරෙන්තුවකට අදාළව පුස්සැල්ලාව පොලීසිය මගින් ඊයේ(17) පස්වරුවේ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.
30 හැවිරිදි මෙම සැකකරු සිරමැදිරිය තුළ රඳවා සිටියදී ඊයේ රාත්‍රීයේදී ගෙල වැලලාගෙන මියගොස් ඇති බව වාර්තා වුණි.
මියගිය පුද්ගලයාගේ මළ සිරුර පුස්සැල්ලාව, වහුගපිටිය රෝහලේ තබා ඇති අතර මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද(18)සිදු කිරීමට නියමිතව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොල පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.
ඒ අනුව අදාළ සැකකරු සිරමැදිරියේ සිටියදී නිසි ආකාරව අධීක්ෂණය නොකිරීම සම්බන්ධයෙන් රාත්‍රී රාජකාරී භාර නිලධාරියා ලෙස කටයුතු කළ උප පොලිස් පරීක්ෂකවරයාගේ සහ උප සේවක ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයාගේ සේවය අත්හිටුවා තිබේ.

කුමාර වෙල්ගම ආණ්ඩුවට…??
ඒකාබද්ද විපක්ෂයේ ප්‍රබලයෙක් වන එක්සත් ජනතා නිදහස් සන්ධාන කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ආණ්ඩුවට එක්වන බවට අන්තර්ජාලය ඔස්සේ පල වන වාර්තා සම්පුර්ණයෙන්ම බැහර කරන බව ඒ මහතා පවසයි.
එජාපය සමග හවුල් ආණ්ඩුවට මුලින්ම විරැද්ද වූ තමන් අදද සිටින්නේ ඒ මතයේ බව පවසන ඔහු කිසිසේත්ම ආණ්ඩුවට එක් නොවන බවද සදහන් කරයි.
Subscribe to:
Posts (Atom)