Pages

Subscribe:

Thursday, 14 July 2016

පස්සට යන් නැහැ - තවත් පන්නරය ලබා ඉදිරියට එනවා


ආණ්ඩුවේ දේශපාලන දඩයම දිගින් දිගටම ක්‍රියාත්මක වුවත්, ඒකාබද්ධ විපක්ෂයේ කිසිවකුත් දේශපාලනය අත් හරින්නේ නැතැයි, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. පැමිණිල්ලක් නැති අගතියක් සිදු වී නැති කාරණයකට සැකකරු විත්තිකාරයෙක් කර හිරේ දමන යුගයක් අද නිර්මාණය වී ඇතැයිද රාජපක්ෂ මහතා පැවසීය. බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි සිය කාර්යාලයේ පැවැති පළාත් පාලන සංසදය පිහිටුවීමේ අවස්ථාවට එක් වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නාමල් රාජපක්ෂ මහතා පිළිබඳ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එසේ පැවසීය.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට ප්‍රථම, ආණ්ඩුවේ ඇමැතිවරයකු හෙට ඔහු අත්අඩංගුවට ගන්නවා යැයි කීම කවර යහපාලනයට අයත්දැයි මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී විමසා සිටියේ ය.
එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට හිටපු ජනාධිපතිවරයා ලබාදුන් පිළිතුරු මෙසේය.
ඉදිරියේ දී බස් ගාස්තුව වැඩිවෙනවා නේද? මම දැක්කා අවම ගාස්තුව රුපියල් නවයයි කියලා කියනවා. රුපියල් නවයයි කියන්නේ දහයයි. මොකද ආපහු ඉතුරු රුපියල ලැබෙන්නේ නැහැ.
පෙට්‍රල් මිල ඉහළ යන්නත් නියමිතයි කියනවා? වැඩි කරන්න නමෛයි හරිනම් අඩුකරන්නයි ඕන. අසූවට අනූවට තියෙද්දියි මිල අඩු කළේ ඊට පස්සේ 29 ට තිබුණත් මිල අඩු කළේ නැහැනේ.
වැට් සංශෝධන පනත ඉදිරියේ දී එනවා. ඒකාබද්ධ විපක්ෂය ඒ ගැන මොනවද කියන්නේ? අපි සම්පූර්ණයෙන් විරුද්ධයි.
ඔබතුමා තවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපදේශක. ඉදිරියේ දී පක්ෂය මොනවගේ තීන්දුවක් ගනියිද?ඒක ඉතින් දන්නේ නැහැ. අපි විපක්ෂයේ ඉන්න ශ්‍රී ලංකාකාරයෝ. එක්සත් ජාතික පක්ෂයේ ඉන්න ශ්‍රී ලංකා කාරයෝ ‍නෙවෙයි.
ජූලි 28 වැනිදා ඔබතුමන්ලා පා ගමනක් අරඹන්න නියමිතයි. මෙය ආපසු හැරී බැලීමක්ද?vඔව්. මීට පෙර එවැනි පා ගමන් කළා. ඒවා සාර්ථක වුණා. මෙය ඊටත් වඩා සාර්ථක වේවි.
යහපාලන ආණ්ඩුව දඩයමක් කරන බවට කියනවා. ඒ ගැන මොනවද ඔබ කියන්නේ? ඒ අයගේ දඩයම ඒ අය දිගින් දිගටම කරගෙන යයි. එහෙම වුණා කියලා කවුරුත් දේශපාලනය අතහරින්නේ නැහැ. තව තවත් පන්නරය ලබලා ඉදිරියට එනවා. පස්සට යන්නේ නැහැ. පැමිණිල්ලක් නැති, අගතියක් වෙලා නැති දෙයකට සැකකරු විත්තිකාරයෙක් කරලා හිරේ දාන යුගයක් අද තියෙන්නේ.
පළාත් පාලන ආයතනවලට සෑම පක්ෂයක්ම නියෝජිතයන් තෝරනවා. ඒකාබද්ධ විපක්ෂයේ ඊට සූදානම කොහොමද? ඒක එතකොට බලමු. තාම මැතිවරණයක් නැහැ. ගඟ ගව් ගාණක් තියෙද්දී අමුඩ ගහන්න එපා කියනවනේ.
මංගල සමරවීර මහතා යළිත් වතාවක් කියනවා අනිවාර්යයෙන්ම විදේශීය විනිසුරුවරුන් ගේන්න ඕන කියලා. මට ඔතැනදී එක දෙයක් තෝරගන්න බැහැ. විධායක ජනාධිපතිවරයා තමන් නියෝගයක් දෙනවා විධායක ජනාධිපතිවරයා කියන දේ තමයි, ඒ රජයේ ප්‍රතිපත්තිය. එය තමයි ක්‍රියාත්මක විය යුත්තේ. මොකද විධායක ජනාධිපතිට මත ඉදිරිපත් කරන්න බැහැ.
නාමල් මන්ත්‍රීතුමාව අත්අඩංගුවට ගැනීම ගැන එජාපය කියන්නේ ලොකු මෝරෙක් අල්ලා ගත්තා කියලා. තවත් අල්ලන්න මෝරු ඉන්නවා කියලත් කියනවා? මොන මෝරෙක්ද? නාමල් මෝරෙක්යැ. අල්ලගෙන ඉන්නේ නාමල්. හැබැයි ඔහුව අල්ලගන්නවා කියලා තීන්දු කරන්නේ ඇමැතිවරු. ඇමැතිවරයෙක් කියනවා හෙට අපි අල්ලනවා කියලා. මේක ද මේ රටේ නීතිය.
එහෙම කරන්න පුළුවන්ද? මේ ආණ්ඩුව ඔය එහෙම කරන්නේ. යහපාලන කියලනේ කියන්නේ. මේ ආණ්ඩුවට ඒ ඔක්කෝටම ලයිෂන් දීලා තියෙනවා. බටහිර ලෝකය, එන්ජීඕ ටික ඒවට ලයිෂන් දීලා. ඕනම දෙයක් කරන්න. විශේෂයෙන් රාජපක්ෂලාට ගහන්න කියලා තමයි කියන්නේ. නාමල්ගේ සිද්ධියේ දී වුණත් පැමිණිල්ලක් නෑ. අගතියට පත් වුණු පුද්ගලයෙක් නැහැ. හැබැයි අධිකරණයට ඉදිරිපත් කරලා හිරේ දානවා.
පළාත් පාලන මැතිවරණයට කොහොමද මුහුණ දෙන්නේ. වෙනමද තරග කරන්නේ? ඒක බලන්න ඕනනේ. ඉස්සෙල්ලම බලන්න ඕන මැතිවරණයක් ඒවිද කියලා. අපේ කා‍ලේ නම් වෙලාවට මැතිවරණ තිබ්බා. මැතිවරණය එන්න ඕනනේ ඒ ගැන බලන්න යැයි කීය.

මෙන්න මෙගා ඩීල්.. රුපියල් කෝටි 180යි..


රුපියල් බිලියන 1.8ක පාඩුවක් සිදු කරමින් ලංකා විදුලි බල මණ්ඩලය විසින් මිලදී ගනු ලැබු ගල් අගුරු තොගය සම්බන්ධයෙන් වගකිව යුක්කේ ඇමති චම්පික රණවක බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි වාසුදේව නානායක්කාර මහතා පවසයි.

ඇමති ධුරය මාරු වීම නිසා මේ වංචාවට බෙල්ල තියන්න සිදුව ඇත්තේ ඇමති සියඹලාපිටියට යයිද ඔහු කොලඹදී මාධ්‍ය අමතමින් සඳහන් කලේය.


අඩුවට ජපන් වාහනයක් ගන්න කළ යුතු දේ මෙන්න

මේ වන විට වෙළෙඳපොළේ වාහන මිල ගණන් නොසිතූ ලෙසින් ඉහළ ගොස් තිබේ. මේ සඳහා ප්‍රධාන වශයෙන් බලපෑවේ ආනයනික වාහන සඳහා රජය විසින් අනුගමනය කරන ලද බදු ප්‍රතිපත්තීන් දැඩි කිරීමයි.
කෙසේ වෙතත් බදු ඉහළ යාමට අමතරව ආනයනික වාහන මිල ඉහළ යාම ප්‍රධන වශයෙන් බලපෑ තවත් කරුණක් වූයේ ශ්‍රී ලංකා රුපියලේ අගය සීඝ්‍රයෙන් පහළ බැසීමයි. විශේෂයෙන්ම ජපානයෙන් වාහන ආනයනය කිරීමේ දී ඒ සඳහා ණයවර ලිපි විවෘත කිරීම, ජපන් මුදල් ඒකකය වන යෙන්වලින් සිදුකළ යුතුය. එහිදී ජපන් යෙන් වෙනුවෙන් ගෙවිය යුතු ශ්‍රී ලංකා රුපියල් වටිනාකම පසුගිය වකවානුව පුරාවට ක්‍රමයෙන් ඉහළ ගොස් තිබේ. මේ හේතුව නිසා කාලානුරූපව වාහනයක් වෙනුවෙන් ගෙවිය යුතු යෙන් වටිනාකමෙහි වෙනසක් නොවූව ද ඊට ගෙවිය යුතු රුපියල් වටිනාකම ඉහළ ගොස් ඇත.
පහත දැක්වෙන්නේ මෙම වසරේ මුල් භාගය තුළ දී ජපාන යෙන්වලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල හැසිරුණු ආකාරයයි.





ඊට අනුව 2016 පෙබරවාරි 01 වැනි දින ජපන් යෙන් එකක් වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් වටිනාකම 1.187954 කි. එහෙත් ජූලි 05 වැනිදා වන විට යෙන් එකක වටිනාකම රුපියල් 1.451847 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙය 22% ක ඉහළ යාමකි. වෙනත් ආකාරයකින් පැහැදිලි කරන්නේ නම් පෙබරවාරි – ජූලි කාලපරිච්ඡේදය තුළ දී ජපන් වාහනයක මිල 22% කින් ඉහළ ගොස් ඇති බවයි. ඒ දේශීය වශයෙන් ඉහළ දමන ලද බදුවලට අමතරවය. මෙය ජපන් වාහනවලට පමණක් නොව ජපානයෙන් ආනයනය කරනු ලබන සෑම භාණ්ඩයක් වෙනුවෙන්ම බලපාන සංසිද්ධියකි.
ජපාන යෙන් එකක් වෙනුවෙන් වැඩිම රුපියල් වටිනාකමක් ගෙවන්නට සිදුවූයේ 2012 වසරේ දීය. 2012 ජූලි – අගෝස්තු කාලය තුළ දී යෙන් වටිනාකම රුපියල් 1.60 සීමාව ඉක්මවා ගොස් තිබෙන බව පහත සටහනෙන් දැක්වේ. කෙසේ වෙතත් 2015 වසරේ මැද භාගය වන විට යෙන් මිල රුපියල් 1 දක්වා පහළ මට්ටමක් කරා පැමිණියේ ශ්‍රී ලංකා රුපියල අධිප්‍රමාණය වීම නිසා පමණක් නොව ගෝලීය මුදල් ඒකකවලට එරෙහිව ජපන් යෙන් මුදල් ඒකකයෙහි අගය පහළ යාමත් නිසාය.






පවතින තත්ත්වය හමුවේ වාහන මිල ගණන්වල පහළ යාමක් කෙටි කාලයක් තුළ බලාපොරොත්තු විය නොහැකි බව වාහන ආනයනකරුවන්ගේ අදහසයි. කෙසේ වෙතත් රජයට වැඩි බද්දක් ගෙවමින් අඩු මිලකට වාහනයක් පිටරටින් ගෙන්වා ගැනීමට නම් සිදුවිය යුතු ප්‍රධාන දේ නම් දේශීය මුදල් ඒකකය තවදුරටත් අවප්‍රමාණය වීමට ඉඩ නොදී පවත්වා ගැනීමට රජය කටයුතු කිරීමයි. විදෙස් සංචිත ප්‍රමාණය ඉහළ නංවා ගැනීම සඳහා දූරදර්ශී සැලසුම් සහගත වැඩපිළිවෙලක් රජය විසින් මෙහිදී අනුගමනය කළ යුත්තේ එබැවිනි. එසේ නැතහොත් වාහන සිහිනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට තවදුරටත් එය සිහිනයක් පමණක්ම වීම නොවැළැක්විය හැකි වනු ඇත.

සමන්මලී සකලසූරිය යුග දිවියට – ඡායාරූප මෙන්න

දිනේෂ් ගුණවර්ධන මහතාගේ පුත් යදාමිණී ගුණවර්ධන සහ පළාත් සභා මන්ත්‍රිනී සමන්මළී සකලසූරිය අද(14) යුග දිවියට එළැඹුනා.
කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වූ මෙම උත්සවයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ද සාක්ෂි අත්සන් කිරීම සඳහා එක්ව සිටියා.
එම අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වෙනවා













Saturday, 9 July 2016

දිවයින හෙලිදරවුවෙන් ජනපති කිපේ.. මහ සභාවක පත්තරේද පෙන්වා දෙහි කපයි.. [Video]

අද ඉරිදා දිනයේ දිවයින පුවත්පතේ පල කර ඇති ප‍්‍රධාන ශීර්ෂ පාඨය සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ දිනයේ පේරාදෙණියේ පැවති උත්සවයකදී පුවත්පතද පෙන්වා සිය අදහස් ඉදිරිපත් කලේය.

දිවයින පුවපත්පත මුල් පුවත ලෙස වාර්ත කර තිබුනේ ‘යුධ අධිකරණය මාස නවමකින්’ කියාය.

ජනාධිපතිවරයා දැඩිව එම පුවත ප‍්‍රතික්‍ෂෙප කරමින් කියා සිටියේ තමන් ජනාධිපති ධුරයේ සිටිනා තාක් විදේශීය අධිකරණ හෝ විනිසුරුවරැන්ට මෙරට පරිපාලනයට අත පොවන්නට ඉඩ නොදෙන බවයි.

මෛත‍්‍රිට වාසියි නම් ඉන්නවා..මහින්දට වැඩි වාසියි නම් මං ඒ පැත්තට යනවා.. – නිමල් සිරිපාල

ඒකාබද්ද විපක්‍ෂය විසින් බදුල්ලෙන් ආරම්භ කර ඇති ආණ්ඩු විරෝධී ජනහමු මාලාව හේතුවෙන් එම දිස්ත‍්‍රික්කයේ ශ‍්‍රීලනිප නායකයා වන ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා බලවත් අපහසුතාවයකට පත්ව සිටී.

එම ජනහමු මාලාව අතරතුර ඇමති නිමල් සිරිපාලගේ ඉදිරිපෙල ආධාරකරුවන් පිරිසක් ඔහු හමුවන්ට පැමිණ ජනහමුවල තත්වයද දන්වා ඉදිරියේදී ගන්නා ක‍්‍රියාමාර්ගය කුමක්දැයි විමසා ඇත.

‘වෙන්නෙ මොකද්ද කියලා මං නිශ්ශබ්දව බලන් ඉන්නවා’ යයි ඇමතිවරයා කියූ විට පිරිස වහා එක හඬින් අවධාරණය කර ඇත්තේ ‘එහෙම කියල හරියන්නේ නෑ ඇමතිතුමා.
හරී තීරණයක් ගන්න ඒ පැත්තට යනවන මේ පැත්තට යනවද කියලා’ යනුවෙනි. මදක් කල්පනා කර ඇති ඇමති සිරිපාල ‘මං බලන් ඉන්නවා. බලන් ඉඳලා වාසි වැඩි පත්තට මං යනවා’ යනුවෙන් පැවසීම නිසා ආධාරකරුවෝ අන්දමන්ද වී ඇත.

විපක්‍ෂයට 80%ක් කියූ ජනපතිට දෙරණේ චතුරගෙන් ගින්දර ප‍්‍රතිචාරයක්… [Video]

පුද්ගලික රූපවාහිනි නාලිකාවල ප‍්‍රවෘත්ති විකාශයන්ගෙන් 80%ක් පෙන්වන්නේ ආණ්ඩුවට විපක්‍ෂ පුවත් බවත් ආණ්ඩුවට හිතවත් පුවත් පෙන්වන්නේ 20%ක් බවටත් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් පසුගියදා කල ප‍්‍රකාශයට දෙරණ රුපවාහිනියේ චතුර අල්විම් විසින් දෙරණ අරුණ වැඩසටහනේදී අපූරු ප‍්‍රතිචාරයක් දැක්වීය.
ඔහු කියා සිටියේ රට පුරා විරෝධතා පැවතෙද්දී ඒවා විකාශණය නොකර ඇමතිවරුන් ගොස් පැල සිටුවන ඒවා පෙන්වන්නේ කෙසේද කියායි.
 
Blogger Templates