Pages

Subscribe:

Thursday 14 April 2016

FCID අහෝසියි !

FCID අහෝසියි !යහපාලන රජය යටතේ රාජපක්ෂ රෙජීමයේ දුෂණ සොයා බැලීම සඳහා පිහිටුවන ලද මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හෙවත් FCID ලඟදීම අහෝසිකිරීමට යන බව එම දෙපාර්තමේන්තු අාරංචි මාර්ග සඳහන් කර සිටියි.
අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා අැතුළු ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් ජනාධිපතිවරයාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම අහෝසි කිරීම සිදු වන අතර ඒ් සඳහා අගමැතිවරයාද අනුමැතිය ලබා දී අැති බව වාර්තා ෙව්.
මෙසේ FCID ය අහෝසි කිරීමෙන් අනතුරුව එය වෙනත් නමකින් පාර්ලිමේන්තු පණතක් ඔස්සේ සංස්ථාපනය කිරීමට රජය මේ වන විටත් තීරණය කොට තිබේ.
එකී නව ඒ්කකය මුල්‍ය හා අර්ථික, අපරාධ විමර්ශන කාර්යංශය (Financial & Economic Investigation Agency) නමින් හැඳින්වීමට නියමිත වේ.
FCID ප්‍රධානියා වශයෙන් කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවීන්ද්‍ර විද්‍යලංකාර මහතා මෙම නව ඒකකයේද ප්‍රධානියා වශයෙන් කටයුතු කරනු අැත.

0 comments:

Post a Comment

 
Blogger Templates