Tuesday, 27 September 2016
මහින්දානන්දට ඇප ලැබෙයි
හිටපු අමාත්‍ය මෙන්ම වත්මන් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇප මත මුදාහැරීමට අධිකරණය අද (27) නියෝග කර තිබේ.
සෙබළුන් 5ක් රිමාන්ඩ්
යාපනය ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යාපනය අධිකරණයේ පෙනී සිටි යුද හමුදා සාමාජිකයින් පස් දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
අදාළ නඩුව ඊයේ කැඳවු අවස්ථාවේ යාපනය මහේස්ත්‍රත් එස්.සදිස්කරන් මහතා විසින් ඔක්තෝබර් මස 10 වන දින දක්වා එම යුද හමුදා සාමාජිකයින් රක්ෂිත බන්ධානාගාර ගත කිරීමට නියෝග කර ඇති බව වාර්තා වේ.
1998 වසරේ යාපනය, අච්චුවේලී ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්වීම සම්බන්ධයෙන් අච්චුවේලී යුද හමුදා කඳවුරේ සෙබළුන් 16 දෙනෙකුට ඊයේ දිනයේ යාපනය අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබුණි.
කෙසේවෙතත් ඊයේ දිනයේදී සෙබලුන් 11 දෙනෙකු අධිකරණයේ පෙනී නොසිටි අතර ඔවුන්ට ලබන 10 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.
එතෙක් අනෙක් සෙබළුන් පස් දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
අදාළ අතුරුදන්වීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් මත දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තියට අනුව අච්චුවේලී පොලීසිය විසින් මෙම නඩුව පවරා ඇත.
ලසන්තගේ දේහය ගොඩගැනීම ඇරඹෙයි
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දේහය ගොඩගැනීමේ කටයුතු මේවන විට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුවෙයි.
ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයක් මත එම සිරුර ගොඩගැනීමේ කටයුතු සිදුවේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 08වනදා කළ ඉල්ලීමකට අනුව අද (27) දේහය ගොඩගැනීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් මොහොමඩ් සහබ්දීන් මහතා නියෝග කර තිබුණි.
ලසන්ත වික්‍රමතුංග මහතාගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණය පිළිබඳ ගැටලුකාරී තත්ත්වයන් මතුව ඇති බැවින් යළි පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය බව පොලීසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණේය.
ඒ අනුව දේහය ගොඩගෙන අධිකරණ වෛද්‍ය නිළධාරීවරුන් තිදෙනෙකු ඇතුළු වෛද්‍ය මණ්ඩලයක් හමුවේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

අනාරක්ෂිත ළිඳට තරුණයා බිලි
කැකිරාව, මරදන්කඩවල - වටරවුම්පාර ප්‍රදේශයේ අනාරක්ෂිත ළිඳකට වැටීමෙන් තරුණයෙකු මියගොස් තිබේ.
කැකිරාව පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදී එම තරුණයාගේ මළ සිරුර සොයාගෙන ඇත.
මියගොස් ඇත්තේ මරදන්කඩවල ප්‍රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි අයෙකි.
මෘත ශරීරය අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතය.
කැකිරාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Sunday, 25 September 2016
අද ලෝකයම උදවු කරනවා.. රට පුරා මහා සංවර්ධන වැඩබිම්… ආයෝජකයෝ තොග පිටින් එනවා..
යහපාලන රජය ලොව පුරා සියළු රාජ්‍යයන්ගේ සිත් දිනාගෙන ඇති නිසා අද වන විට විදෙස් ආයෝජකයින් ලංකාවට ගලා එන බව නියෝජ්‍ය ඇමති හර්ෂද සිල්වා මහතා පවසයි.
මේ වන විට රට පුරා මහා පරිමාන සංවර්ධන ව්‍යාපෘති රැසක් ක‍්‍රියාත්මක වන බවද කී ඔහු විදෙස් මුදල්ද රට තුලට ඇදී ඒම විශාල වශයෙන් ඉහල ගොස් ඇති බවද කියා සිටියේ කොළඹදී පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් අමතමිනි.
ජනාධිපතිවරයා පසුගියදා එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගී වූ අවස්ථාවේ ලොකයේ සියළු නායකයින් වත්මන් පාලනය අගය කල බවත් ශ‍්‍රි ලංකාවට ආධාර උපකාර කරන්නට පොරොන්දු වූ බවත් ඔහු වැඩි දුරටත් එහිදී පැවසීය.
Tuesday, 20 September 2016
එජාපය වෙනස් නෑ-අපේ සමහරු වාසියට වෙනස් වුණා
එදත් අදත් එජාපයේ ප්‍රතිපත්ති වෙනස්වී නැති බවත්, වෙනස් වී ඇත්තේ සමහරුන්ගේ ප්‍රතිපත්ති පමණක් බවත් හිටපු ජනාධිපති,පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
විවිධ පුද්ගලික වාසි ප්‍රයෝජන සඳහා හෝ ඇමතිකම් සඳහා එලෙස ප්‍රතිපත්ති වෙනස්වී ඇතත් ශ්‍රීලනිපයේ ප්‍රතිපත්ති වෙනස්වී නැති බව රාජපක්ෂ මහතා සඳහන් කළේය.
ඒ නිසාම ශ්‍රීලනිපයේ ප්‍රතිපත්ති ආරක්ෂා කරන පිරිසක් සමග තමන් විපක්ෂයේ සිටින බව රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේ අද (19) දිවංගත විවියන් ගුණවර්ධන ජන්ම ශත සංවත්සර සැමරුම නිමිත්තෙන් කොළඹ නව නගර ශාලාවේ පැවති උත්සව අවස්ථාවට එක්වෙමිනි.
විවියන් ගුණවර්ධන මිය එදවස අරගලයක් වෙනුවෙන් කොල්ලුපිටිය පොලීසියෙන් ගුටි කෑ බවත්, ඇයට පහරදුන් පොලිස් නිලධාරීයාට උසස්වීමක් ලබාදීමට එවක එජාප ආණ්ඩුව කටයුතු කළ බවත් හිටපු ජනාධිපතිවරයා සිහිපත් කළේය.
එදා පොලීසියයි අද පොලීසියයි අතර වෙනසක් නැති බවත්, එදා එජාප ආණ්ඩුවක ප්‍රතිපත්තියයි මෙදා එජාප ආණ්ඩුවේ ප්‍රතිපත්තියයි අතරද වෙනසක්ද නැති බවත් ඔහු අවධාරණය කළේය.
එදා මෙදා තුරු දේශපාලනය තුළ විවියන් ගුණවර්ධන වැනි චරිතයක් තමාට කිසි කලෙකත් හමුවී නැති වුවද,අද දවසේත් ඇය වැනි පිරිස් වල අවශ්‍යතාව තදින් දැනෙන බවත් රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

පුරාවස්තු සෙවූ 6ක් අත්අඩංගුවට
නාගොඩ, ගෝනගොඩ ප්‍රදේශයේ ඉඩමක පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් සිදුකරමින් සිටි පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගවට ගෙන තිබේ.
නාගොඩ පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී නිධන් කැණීම සඳහා යොදාගත් උපකරණ ඇතුළු පූජා භාණ්ඩ ද පොලීසිය භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවටගත් සැකකරුවන් අද බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
Subscribe to:
Posts (Atom)