Pages

Subscribe:

Sunday, 3 July 2016

විරෝධතා පුවරු ස්ටේජ් නැග්ග 2016 අපූරු රාජ්‍ය නාට්‍ය උළෙල

සම්මාන ගන්න අය සමග විරෝධතා පුවරු ස්ටේජ් නැග්ග
2016 අපූරු රාජ්‍ය නාට්‍ය උළෙල


මෙවර රාජ්‍ය නාට්‍ය උළෙල සිකුරාදා පස්වරුවේ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ දී පැවැත්වූ අවස්ථාවේ එම උළෙලට විරෝධය පළ කළ නාට්‍ය ශිල්පීන් කණ්ඩායමක් එම විරෝධය නිර්මාණශීලී ලෙස අලූත් ක‍්‍රමයකට ඉදිරිපත් කර තිබුණි.
ඔවුන් නාට්‍ය ශිල්පීන් සියල්ලන්ට කළු පටි පැළඳූ අතරම සියලූම සම්මාන ලාභීන් වේදිකාවට ගොඩවදින අවස්ථාවේ විරෝධතා පුවරුවක් රැගත් අයෙකුද ඒ සමග වේදිකාවට ගොඩවී සියල්ලන්ට පෙනෙන ලෙස එය ප‍්‍රදර්ශනය කර 
සම්මාන ලාභියා සමග බැස ගොස් තිබුණි. එම සටන් පාඨ අතර පහත ඒවාද විය.
‘ජනපතිතුමනි සංස්කෘතික ජීවිතේ කියල එකකුත් තියනවා දන්නවාද?’

‘අගමැතිතුමනි කලාව කන්නද නේ?’
‘ගල්ලෙන බිඳලා ලෙන්දොර ඇරලා එළියට එන්න තේනුවර’
‘අධ්‍යාපන ඇමතිතුමනි නාට්‍ය අදාළ නැනේ’
‘කේබී. වරද කාගෙද වෙන කාගෙද’
‘සබුද්ධික මිනිසුන්ට ආණ්ඩු බයද’
‘අනුෂා ගෝකුල ඔබට සතුටුයිද දැන්’
‘වැය ශීර්ෂයෙන් කලාවට 0.3 නිලධාරීන්ට කන්නත් මදිනෙ’
‘රාජ්‍ය මෙච්චර පීචංද මචං’
‘ඔයාල එහෙමනං අපි මෙහෙමයි එහෙමද ආස’

මෙවර නාට්‍ය උළෙලට රජය කිසිදු වැදගත්කමක් ලබාදී නැති බවත් BMICH හි පවත්වන්නට නියමිතව තිබී පසුව වැඩි දෙනෙකු නොදන්නා කුඩා ශාලාවක එය පවත්වන්නට පියවරගැනීම නිසා මෙම විරෝධතාව අරඹන්නට මුල්වූ බවත් එය සංවිධානය කළ අය දන්වා තිබුණි.
එම සිදුවීමට අදාළ වීඩියෝව පහතින්

මහින්දගේ අලුත් සන්ධානෙට ජ වී පෙ

එක්සත් ජාතික පක්ෂයට එරෙහිව ගොඩනගන සන්ධානයට ජනතා විමුක්ති පෙරමුණටත් ආරාධනය කිරිමට මහින්ද පාර්ශ්වය විසින් කටයුතු සුදානම් කරමින් සිටින බව වාර්තා වෙයි.
මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් මෙම දේශපාලන සන්ධානය බිහිවෙන අතර එක්සත් ජාතික පක්ෂ විරෝධී සියුලුම බලවේග මේ සදහා එක් කර ගැනීමට නියමිතය.

කෙසේ වෙතත් මෙම දේශපාලන ව්‍යාපාරය බිහිවීමත් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙකඩවීම ස්ථිර වෙනු ඇත. ගම් මට්ටමින් ශ්‍රී ල නි පාක්‍ෂිකයන් ගේ වැඩි කැමැත්ත මහින්ද පාර්ශවය වෙත ලැබෙමින් පවතී.

යහපාලන ආණ්ඩුව කරන්නේ බොරුව - මහින්ද කියයි

අපිට අද පේනවා වැට් බද්දට රට පුරාම විශාල විරෝධයක් ඇතිවෙලා තියෙනවා කියන කාරණය. විශේෂයෙන්ම නගර ආශ‍්‍රිත වෙළඳ ප‍්‍රජාව අද ජනතා සහයෝගයත් ඇතිව මේ බද්දට විරුද්ධව පාරට බැහැල තියෙනවා. ආණ්ඩුව පනවපු මේ බද්ද සාධාරණීකරනය කරන්න පහුගිය කාලේ විශාල මුදලක් වියදම් කරලා හැම ජනමාධ්‍යකම දැන්වීම් දාල කිවුවේ මගේ පාලන සමය තුළ ගත්ත ණය ගෙවන්න බදු අයකරන්න වෙලා තියෙනවා කියලා. මෙතන ඇත්තටම වෙලා තියෙන්නෙ මොකක්ද කියලා ජනතාවට කියන්න  ඕන කියලා මම හිතුවා. මම ඉස්සෙල්ලා ණය ගැනීම කියන කාරණයෙන් පටන්ගන්නම්.
රටකට ගන්න පුලූවන් ණය ප‍්‍රමාණය තීරණය වෙන්නෙ ඒ ණය ආපහු ගෙවන්න තියෙන හැකියාව උඩයි. මගේ ආණ්ඩුව හැම විටම ණය ගත්තෙ ඒ කාරණය හොඳින් මතක තබාගෙන. මහා භාණ්ඩාගාරයේ වාර්තා වලට අනුව මගේ  පාලන සමයේ අවසන් අවුරුදු 7 දී හැම අවුරුද්දකම විදෙස් ණය වාරික හා පොලිය වශයෙන් ගෙවන්න වුණේ මෙන්න මේ වගේ ගණන්.
    2008   – ඇමරිකානු ඩොලර් බිලියන 1.4
    2009   – ඩොලර් බිලියන 1.3
    2010   – ඩොලර් බිලියන 1.2
    2011   – ඩොලර් බිලියන 1.5
    2012   – ඩොලර් බිලියන 2.2
    2013   – ඩොලර් බිලියන 2.4
    2014   – ඩොලර් බිලියන 2.2
මේවා ගෙවා ගන්න බැරි තරම් ලොකු ගණන් නොවෙයි. ඒ වගේම අපි මතක තබාගන්න  ඕන මම ණය ගත්තෙ කන්න බොන්න නෙවෙයි මම ණය ගත්තෙ  යුද්ධය දිනන්න සහ රටේ එතෙක් නොකෙරුණු වැදගත් ව්‍යාපාති ගොඩනගන්න. මගේ ආණ්ඩුව ගොඩනගපු දේවල් මුලූ රට පුරාම පේන්න තියෙනවා. මේ ආණ්ඩුවේ ලොක්කො තාමත් විවෘත කරන්නෙ මම පටන්ගත්ත ව්‍යාපෘති විතරයි. මම මොන දේට ණය ගත්තත් බොහොම පරිස්සමෙන් සැලසුම් කරලා තමයි ගත්තෙ. ඒකයි ගෙවන්න බැරි ණය වාරික අපේ ආණ්ඩුවට තිබුණෙ නැත්තෙ.
නමුත් පසුගිය අවුරුද්දෙ ජනවාරියෙ ඉඳල යහපාලන ආණ්ඩුව ඉවක් බවක් නැතුව ණය ගත්ත. ඒ අය 2015 ඉඳලා ඉන්දියාවෙන් අවස්ථා තුනකදී මූල්‍ය ඒකක හුවමාරු පදනම යටතේ ඇමරිකානු ඩොලර් බිලියන 2.3 ක් ගත්ත. ඊට පස්සෙ 2015 මැයි සහ ඔක්තෝබර් වල ජාත්‍යන්තර බැඳුම්කර නිකුත් කිරීම් දෙකකින් ඩොලර් බිලියන 2.15 ක් ගත්ත. ඒ වගේම 2015 මාර්තු ඉඳල 2016 ජුනි දක්වා අවස්ථා 13 කදී ශ‍්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත් කරල තව ඇමාරිකානු ඩොලර් බිලියන 3.1 ක් ලබා ගත්තා. එතකොට මේ පසුගිය මාස 18 ඇතුලත යහපාලන ආණ්ඩුවෙන් විතරක් ඩොලර් බිලියන 7.7 ක් ණයට අරගෙන තියෙනව. ඒකෙන්  ඩොලර් බිලියන 3.3 ක්ම මේ අවුරුද්ද ඉවරවෙන්න කලින් ගෙවන්න  ඕන.
මේ ණය වලින් සමහර ඒව ගෙවල ඉවරයි. උදාහරණයක් වශයෙන් මූල්‍ය ඒකක හුවමාරු පදනම යටතේ මේ අය ඉන්දියාවෙන් මාස 6 කට ලබාගත් ඩොලර් බිලියන 1.1 ගෙවල ඉවරයි. ඒ වගේම සමහරක් කෙටිකාලීන ශ‍්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර කල් පිරුණාම ගෙවල ඉවරයි. නමුත් මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් තවත් ණය කන්දරාවක් තියෙනව ගෙවන්න. යහපාලන ආණ්ඩුවෙන් ගත්ත මේ අතිවිශාල ණය ප‍්‍රමාණය ගෙවන්න සිදු වෙන්නෙ කළින් ආණ්ඩු ගත්ත ණය ගෙවන අතරතුරමයි. ඉතින් මේ හින්දා ලංකාවට විශාල ණය බරක් ඇවිත් තියෙනව. කලින් ආණ්ඩු ගත්ත ණය කියන්නෙ මගේ ආණ්ඩුවෙන් ගත්ත ණය විතරක් නෙවෙයි. මේකෙ තියෙනව ජේ.ආර්. ජයවර්ධන මහත්තයගෙ කාලෙ ඉඳන් ගත්ත දිගු කාලීන ණය. සෑම ආණ්ඩුවක්ම කලින් තිබුණ ආණ්ඩුවල ණයත් ගෙවනව. මමත් 2005 දී බලයට පත් වුණාට පස්සෙ කලින් ආණ්ඩු වල ණය ගෙව්ව.
මේ ආණ්ඩුව බලයට ආවට පස්සෙ ඉවක් බවක් නැතුව ණය ගත්ත නිසා මේ අවුරුද්දේ ලෝකයේ ප‍්‍රධානම ණය ශ්‍රේණිගත කිරීම් ආයතන ඒ කියන්නෙ මුඞීස්,  ෆිච් හා ස්ටෑන්ඩර්ඞ් ඇන්ඞ් පුවර් යන ආයතන තුනම අපේ රටට දීල තියෙන්නෙ ඍණාත්මක පුරෝකතන. ඒ කියන්නෙ  “නෙගටිව් අවුට්ලූක්” කියන එක. ඒකට හේතුව වශයෙන් මේ හැම ආයතනයක්ම දක්වපු ප‍්‍රධානම කාරණය තමයි මේ අවුරුද්ද ඉවර වෙන්න කළින් ගෙවන්න තියෙන මහා ණය කන්දරාව. ස්ටෑන්ඩර්ඞ් ඇන්ඞ් පුවර් ආයතනය අපිට ඍණාත්මක පුරෝකතනයක් දුන්න විතරක් නෙවෙයි, ලංකාවට පාලනය කර ගත නොහැකිව ඉදිරි වසර 3 ඇතුළත තවත් ණය බර වැඩිවෙන්න ඉඩ තියෙන බව කිවුව. ලංකාවේ මූල්‍ය තත්වයේ පැහැදිලි වෙනසක් නොපෙනුනොත් ශ්‍රේණිගත කිරීම තවත් පල්ලෙහාට දාන්න සිද්ධ වෙන බවටත් ඒගොල්ලො අනතුරු අඟවලයි තියෙන්නෙ.
තත්වය ඔහොම තියෙන කොට යහපාලන ආණ්ඩුව අඬල දොඩල ජාත්‍යයන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 1.5ක ණයක් ගත්ත. ජාත්‍යයන්තර මූල්‍ය අරමුදල සහනදායි පොළියකට ණය දෙනකොට ඒ දීපු ණය ආපසු ලබා ගන්න පුලූවන් වෙන ආකාරයට අදාල රටේ මූල්‍ය තත්වය වර්ධනය වෙන බවටත් වගබලාගෙන තමයි දෙන්නෙ. ඉතින් ඒ වගේ කොන්දේසී තියෙන හින්ද සාමාන්‍යයෙන් ජාත්‍යන්තර අරමුදල සමඟ යම්කිසි රටක් ණය ගණුදෙනුවකට එළඹුනාම ජාත්‍යන්තර පුද්ගලික ණය වෙලඳපලටත් ඒ රටේ මූල්‍ය ස්ථාවරභාවය ගැන යම් විශ්වාසයක් ඇති වෙනව.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට ණයක් දෙන්න සූදානම් කිවුවට පස්සෙත් ෆිච් සහ මූඞීස් කියන ණය ශ්‍රේණිගත කිරීම් ආයතන දෙකම මාධ්‍ය නිවේදන නිකුත්කරල කිවුවෙ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට දීල තියෙන ඉලක්ක සපුරා ගන්න එක ගැන ඒ අයට කිසිම විශ්වාසයක් නැති බවයි. මූල්‍ය අරමුදලෙ ණයෙන් ලංකාව ගොඩ ගන්න බැරි බවත් ලංකාවෙ ණය බර මේ අවරුද්දෙත් ඊළග අවුරුද්දෙත් තවත් වැඩිවෙනව කියල මූඩිස් ආයතනය කිවුව. ජුනි මාසෙ මුලදී ජාත්‍යන්තර අරමුදල ලංකාවට දෙන ණය සම්මත කරල ඩොලර් මිලියන 168 ක පළමු කොටසත් දුන්න. ඒ මුදල් ආවටත් පස්සෙ තමයි මුඩිස් ආයතනය ලංකාවට ඍණාත්මක පුරෝකතනයක් දුන්නෙ. ඉතින් හිතල බලන්න ලංකාවට දැන් ලෝක ණය වෙලඳපොල තුළ තියෙන තත්වෙ මොකක්ද කියල. කිසියම් රටක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩපිළිවලකට එළඹුනාට පස්සෙත් ඒ රටේ ණය ශ්‍රේණිගත කිරීම පහල වැටුණු මුල්ම අවස්ථාව මේක කියල තමයි ආර්ථික විශේෂඥයො කියන්නෙ. මූඩිස් ආයතනයත් අපිට ඍණාත්මක පුරෝකතනයක් දීල කිවුවෙ ඉදිරියේදී අපේ රට ශ්‍රේණිගත කිරීම් වලින් තවත් පහලට වැටෙන්න ඉඩ තියෙනව කියලයි.
සාමාන්‍යයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක වැඩ පිළිවෙලකට එළඹුනාම ජාත්‍යන්තර පෞද්ගලික ණය වෙළඳපල තුළ ඒ රටේ මූල්‍ය ස්ථාවරභාවය ගැන යම් විශ්වාසයක් පහල වෙනවයි කියල මම කලින් කිවුව. මේ ආණ්ඩුව හැදුවෙ මූල්‍ය අරමුදලත් එක්ක තියෙන ගිවිසුම පෙන්න පෙන්න වානිජ ණය වෙලඳපලේ දිගට හරහට ණය ගන්න. මෙන්න මේ පිස්සු ක‍්‍රියා කළාපයට බය වෙලා තමයි ණය ශ්‍රේණිගත කිරීම් ආයතන ලංකාව ගැන මේ වගේ නිශේධනාත්මක අදහස් පලකරන්නෙ. ණය ශ්‍රේණිගත කිරීම් අයතන වල රස්සාව තමයි ණය ගන්න පිරිස් වල මූල්‍ය ස්ථාවරභාවය ගැන විස්තර ණය දෙන පාර්ශව වලට සපයන එක. ඒ අනුව ණය දෙන පාර්ශව වලට ඒ අය ගන්න අවදානම ගැන  යම්කිසි අදහසක් ඇති කර ගන්න පුලූවන් වෙනව.
මම මෙච්චර වෙලා කතා කලේ විදේශ ණය ගැන විතරයි. නමුත් යහපාලන ආණ්ඩුව ආවට පස්සෙ ඒ අය ලංකාව ඇතුලෙ රුපියල් වලිනුත් වියරුවෙන් වගේ ණය අරගෙන තියෙනව. මහ බැංකු වාර්තාවට අනුව 2015 එක අවුරුද්දක් ඇතුළත රුපියල් ණය 16% කින් වැඩිවෙලා තියෙනව. ඒ කියන්නෙ 2014 අන්තිමට තිබුණු රුපියල් බිලියන 4,278 ක් වුණ දේශීය ණය 2015 ඉවර වෙනකොට රුපියල්  බිලියන 4,959 දක්වා රුපියල් බිලියන 681 කින් වැඩිවෙලා තියෙනව. නිදහස ලැබූ දා ඉඳලම එක අවුරුද්දක් ඇතුළත රුපියල් ණය ඔය වගේ ගණනකින් වැඩිවෙලා නැහැ. 2015 අවුරුද්ද සඳහා පාර්ලිමේන්තුවෙන් නියම කරල තිබුණු ණය සීමාව දෙගුණයකට ආසන්න ප‍්‍රමාණයකින් ඉක්මවල තියෙනවා කියල විගනකාධිපතිවරයත් කියල තියෙනව.
වත්මන් ආණුඩව මේ විදියට ණය ගත්තට මොනම සංවර්ධයක්වත් වෙන්නෙ නැහැ. අපි දීල තිබුණු කොන්ත‍්‍රාත් ඉවරවෙනකොට ඒ අය යනව විවෘත කිරීමේ උත්සවයට. මේ අය සැලසුම් කරල පටන්ගත්ත එක ව්‍යාපෘතියක්වත් නැහැ. හැබැයි කිසිම ආණ්ඩුවක් නොගත්ත විදියට ණය ගන්නව. අපි යුද්ධ කාලෙවත් මෙහෙම ණය ගත්තෙ නැහැ. මේ අය ණය ගන්නෙ එදිනෙදා වියදම් පියවගන්න. 2015 ජනාධිපතිවරණය බොරු කියල දිනාගත්තා.2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයත් ඒ විදියටම දිනාගන්න බැරි නිසා වෙන විදියකට මිනිස්සු රවට්ටන්න  ආර්ථිකයට දරාගන්න බැරි වැටුප් වැඩිකිරීම්, බදු සහන වගේ දේවල් දුන්න. මේ සහන දෙන්න යන මුදල් ආපසු අයකරගන්න වෙන්නෙ මහජනතාවගෙන්ම කියන කාරණය ඒගොල්ලො කිවුවෙ නැහැ. ඒ ගොල්ලො පෙන්නන්න හැදුවෙ රාජපක්‍ෂලාට මේ සහන දෙන්න පුලුවන්කම තිබුනත් මිනිස්සුන්ට සහන දෙන්නෙ නැතුව පාලකයොන්ගෙ සුඛවිහරණයට වියදම් කලා කියලනේ. ඉතින් නාස්තිකාර රාජපක්‍ෂලා එලෙව්වට පස්සෙ  ඕනතරම් සහන දෙන්න පුලුවන් කියල මවාපෑමක් පෙන්නුව. ඒගොල්ලො දීපු වැටුප් වැඩිකිරීම් සහ වෙනත් සහන වලට යන වියදම් එකපාරටම බදු වලින් අයකරගන්න පටන්ගන්න බැරි නිසා ඒ සහන වලට මුදල් හොයාගන්න දිගට හරහට ණය ගන්න පටන්ගත්ත. මවාපෑම පාර්ලිමේන්තු ඡන්දය ඉවරවුන ගමන්ම නතරකරන්නත් බෑනේ.
මාස කීපයක් යනකන් පුලුවන් ණයවලින්ම රෝල ගහන්න. ඊට පස්සෙ එනව විදේශීය පුද්ගලික වෙලඳපල ණය දෙන්න බයවෙන තත්වයක්. ඔන්න එතකොට තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නෙ. ඒ අය ගාවට ගියාම ඒ අය ණයත් එක්කම වැඩ පිළිවෙලකුත් දෙනවා. ඉස්සෙල්ලම කියන්නෙ දැන් මේ ගත්ත ණය ගෙවන්න සල්ලි හොයන්න කියල. කොන්දේසි ඉටුකරන විදියට තමයි ණය මුදල් ටික ටික දෙන්නෙ. ඔන්න ඉතින් ආණ්ඩුව ආදායම් වැඩිකරගන්න වැට් බද්ද වැඩිකරනව. ජාතිය ගොඩනැගීමේ බද්දත් පුළුල් කරනව. මේකෙන් ලංකවෙ අමුතුම තත්වයක් ඇතිවෙනව. මුලු ලෝකෙ පුරාම කිරිපිටි, තිරිඟු පිටි, සීනි, බොරතෙල්, වානේ, සිමෙන්ති වගේ අපි ආනයනය කරන දේවල් වල මිල පසුගිය මාස 18 ඇතුළත විශාල ගණන් වලින් අඩුවෙලා තියෙනව. නමුත් ලංකාවෙ විතරක් මේ යහපාලන බදු වැඩි කිරීම නිසා මිල අඩුවෙන්න  ඕන බඩුවල මිල වැඩිවෙලා තියෙනව. ඒ නිසා තමයි මම මේ පාර මැයි දිනේට කලින් කිවුවෙ මේ වැට් ඇතුලු බදු වැඩිකිරීම් වලට විරුද්ධව ලංකාවෙ මුලු ජනතාවම එකා වගේ නැගී ඉන්න  ඕන කියලා.
ඒ අස්සෙ ආණ්ඩුව තවත් බදු ගහන විදි කල්පනා කරනව. ඉදිරි සති ගණන ඇතුලත අලූතෙන්ම ප‍්‍රාග්ධන බද්දක් හඳුන්වල දෙනව කියල අගමැතිවරයත්, ඇමතිවරුත් කියනව. ඒ අය කියන්නෙ පහුගිය කාලෙ ගොඩක් මිනිස්සු සල්ලි හම්බකරගත්ත නිසා ඒ ධනයෙන් දැන් ප‍්‍රාග්ධන බද්දක් අයකරන්න  ඕන කියල. මම රට පාලනය කරපු අවුරුදු 9 ඇතුළත ආර්ථිකය බිඳවැටුනයි කියන අයම තමයි අනෙක් පැත්තට කියන්නෙ මිනිස්සු හොඳට  හම්බකරගෙන තියෙන නිසා ප‍්‍රාග්ධන බද්දක් අයකරන්න  ඕන කියල. මේ ප‍්‍රාග්ධන බද්ද කිවුවම සමහර කට්ටිය හිතන්න ඉඩ තියෙනව මේක බලපාන්නෙ ධනය තියෙන  අයට විතරයි කියල. නමුත් මෙතන ප‍්‍රාග්ධනය කියල අදහස් වෙන්නෙ  ඕනම කෙනෙකුට තියෙන දේපලක්. ගොවියෙක් හරි කම්කරුවෙක් හරි තමන් සතු ඉඩම විකිණුවත් ඒක ගත්තු මිලයි විකුණපු මිලයි අතර වෙනසට බදු ගහනව. ගුරුවරයෙක් බැංකු ණයකින් හදපු ගෙයක් විකිණුවත් ඒකටත් බදු ගහනව. ප‍්‍රාග්ධන බද්ද ගහනව කියන්නෙ වැටි බද්ද වැඩිකරනවට නොදෙවෙනි දෙයක්.
මේ ආණ්ඩුවට මුලූ රටම පෙනෙන්නෙ තමන්ට පොශණය ලබා ගැනීම සඳහා කිරි දොවා ගන්න පුලූවන් එලදෙනක් හැටියට තමයි. මේ පසුගිය සති ගණන ඇතුලත සිදුවෙච්ච ගංවතුර, නායයෑම්, අවි ගබඩා ගිනි ගැනීම් අස්සෙත් ඇමති වරුන්ට සැප වාහන ගන්න පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමෙන්ම මේ අයගෙ ඔලුව වැඩ කරන්නෙ කොයි විදියටද කියල මුලු ජනතාවම දැක්ක. මෙතන දැන් තවත් භයානක ක‍්‍රියා දාමයක් සිදුවෙනව. මේ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක තියෙන වැඩ පිළිවෙල පෙන්නල හොංකොං ඇන්ඞ් ශැන්හායි බැංකුව, සිටි බෑන්ක්, ඇතුලු බැංකු 5ක මැදිහත් වීමෙන් ඩොලර් බිලියන 3.5ක මහාපරිමාණ ණයක් ගන්න සූදානම් කරල තියෙනව. ඇත්ත වශයෙන්ම ණය ශ්‍රේණිගත කරන ආයතන බය වුනෙත් මේක දැකල වෙන්න  ඕන. මේ ණය ගිවිසුමේ ඇති සමහර කොන්දේසි වලට නීතිපති දෙපාර්තමේන්තුව විරුද්ධ වෙලා තියෙනව කියල සන්ඬේ ටයිම්ස් පුවත්පතේ පලවුණා. මේ වගේ අවදානම් සහිත ණය දෙනකොට යම් යම් සිද්ධීන් සිදු වුනොත් ණය අවලංගු කරල ඒ මුලු මුදල් ප‍්‍රමාණයම එකවරම  ආපසු ණය දෙන්නාට ලබාගත හැකි වෙන විදියට කොන්දේසි දමනව. මේ වගේ කොන්දේසි සාමාන්‍යයෙන් දමන්නෙ අනෙක් සියලුම ණය වලට කලින් මේ ණය ගෙවල ඉන්න  ඕන කියන කාරණය තහවුරු කර ගන්නයි.
ඒ විතරක් නෙවෙයි මේ ණය ගණුදෙනුවට සම්බන්ධ බැංකු වලට ඒ අයට තියෙන අයිතීන් වෙන බැංකු වලට විකුණන්නත් පුලූවන්. එතකොට ඒ තුන්වෙනි පාර්ශව වලටත් ණය එක්වරම ආපහු ලබා ගන්න මුල් බැංකු වලට තියෙන අයිතියම තියෙනව. සන්ඬේ ටයිම්ස් පුවත්පතට අනුව නීතිපතිවරයා පෙන්නල දීල තියෙන තවත් කාරණයක් තමයි මේ විදියට ණය ආපහු එක්වරම කැඳවල ආණ්ඩුවට ඒක ගෙවාගන්න බැරි වුණොත් එයින් ලංකා ආණ්ඩුවට තියෙන වෙනත් ණය ගිවිසුම්වල පොදු කොන්දේසිත් ස්වයංක‍්‍රීයව ක‍්‍රියාත්මක වෙලා ඒ ණයත් සියල්ල එක්වරම ගෙවීමට සිදුවන බවයි. නීතිපතිවරයා මේ කරල තියෙනවයි කියන අනතුරු හැඟවීම ඉතාම බරපතලයි.
මේ ආණ්ඩුව දැන් ඉන්නෙ ණය ලබා ගන්න  ඕනම කොන්දේසියකට එකඟ වෙන මානසිකත්වයක. මම ආණ්ඩුවට ඉතා  ඕනකමින් කියා සිටින්නෙ මේ අවස්ථාවේදී මේ බැංකු 5ත් සමඟ ඇතිකරගෙන තිබෙන ගිවිසුමත් නීතිපතිවරයා ඒ සම්බන්ධයෙන් දී තිබෙන උපදෙසුත් වහාම පාර්ලිමේන්තුවේ සභාගත කල යුතු බවයි. මේ තීරණාත්මක මොහොතේදී ආණ්ඩුවේ මූල්‍ය කලමනාකරණය සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුවට වාර්ථා වෙන්න  ඕන. අපේ රට අවුරුදු 30 ක යුද්ධයකට මුහුණ දීල තියෙනව. ඒ අතරතුර දකුණේ සන්නද්ධ කැරලි 2ක් ඇතිවෙලා තියෙනව. විදේශිය හමුදාවක් පවා මේ රටේ ස්ථානගත වෙලා ඉදල තියෙනව. නමුත් මේ යහපාලන ආණ්ඩුවේ වියරු ණය ගැනීමෙන් ඇතිවෙලා තියෙන තරම් දරුණු අර්බුදයක් අර සියලුම කලබැගෑනි අස්සෙවත් ලංකාවට ඇති වුණේ නැහැ. මේ රට වැටිලා තියෙන තත්වය අපේ ජනතාව හොඳින් අවබෝධ කරගන්න  ඕන.
ස්තුතියි.

එංගලන්ත කඩේකට පැන්න කොල්ලකරුවන් පිත්තෙන් ගසා පන්නා දැමූ ශ්‍රී ලංකික තරුණයා (වීඩියෝ)

කොල්ලෙක් හොරුන්ට බඩපුරා ගුටි දී එංගලන්තයේ පොලීසියට අල්ලා දෙයි
එංගලන්තයේ මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිය හදාරණ ශ්‍රී ලාංකික සිසුවෙකු වෙළඳසැලක අර්ධ කාලීන රැකියාවක නිරතව සිටින අවස්ථාවකදී පසුගිය දිනක එම වෙළඳ සැලට කොල්ලකරුවන් පිරිසක් පැමිණ තිබෙනවා.
එහිදී ලාංකික තරුණයා එම කොල්ලකරුවන් පිරිසට පහරදී වෙළඳසැල ආරක්ෂා කරගෙන තිබෙනවා.
එම වීඩියෝව පහතින් නරඹන්න.

ඉතින් කොහොමද ජනතාව රජයෙන් වැඩක් කරගන්නේ

මාතර කඹුරුපිටිය ප්‍රදේශයහි පුද්ගලික වෙළද ආයතනයක් විවෘර්ථ කරලීමක් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතින් අද පෙරවරු කාලයහිදී සිදුවිය, මෙම අවස්ථාවට ප්‍රදේශයහි දේශපාලන ක්‍රියාකාරි සාමජිකයන් කිහිපදෙනකුම සහභාගී වුහ, එහිදී මාධ්‍ය වෙදීන් වෙත අදහස් දක්වමින් හිටපු ජනපතිතුමන් කියා සිටියේ තමන් අලුත් දේශපාලන පක්ෂය නිර්මාණය කිරීමට කටයුතු කරන බවට පැතිරෙන කතා බොරු බවත්, අලුත් දේශපාලන බලවේගයක් නිර්මාණය කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවත්ය.
තවද මෙහිදී අප ගොසිප් සී ලංකා වෙබ් අඩවියේ මාතර වාර්තාකරු කැලුම් ජයවීර මහතා පාලිත තෙවරප්පෙරුම මහතාගේ උපවාසය ගැනත් විමසා සිටි අතර එහිදී ඔහු කියා සිටියේ රජයේ අයටවත් වැඩක් කර ගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. ඉතින් කොහොමද ජනතාව මේ රජයෙන් වැඩක් කරගන්නේ යනුවෙන්. හිටපු ජනපති එහිදී වැඩිදුරටත් පළ කළ අදහස් පහතින් බලන්න.
වාර්තාව මාතර කැලුම් ජයවීර
2016-07-03

තීන්දුයි.. පුංචි ඡන්දෙට මහින්ද-මෛත්‍රී වෙන වෙනම.. මහින්ද මල් පොහොට්ටුවෙන්..

ඉදිරි පළාත් පාලන මැතිවරණයට සාර්ථකව මුහුණදීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ යන මහත්වරු කඳවුරු බඳිමින් පක්‍ෂ තුනකින් මේ වන විට සංවිධාන කටයුතු ආරම්භ කර ඇත.

මේ අනුව මෛත්‍රිපාල සිරිසේන මහතා එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයටත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්‌සත් ජාතික පෙරමුණටත්, මහින්ද රාජපක්‍ෂ මහතා පක්‍ෂ ගණනාවක්‌ සමඟ පුළුල් පෙරමුණකටත් නායකත්වය දෙමින් මැතිවරණ සටනට පිවිස ඇත.

මැතිවරණයට ඉදිරිපත් කරන අපේක්‍ෂකයන්ගේ නම් ලැයිස්‌තු ලබාගැනීමේ කටයුතු මේ වන විටත් ඒ ඒ පක්‍ෂ රහසිගතව ආරම්භ කර තිබෙන අතර මැතිවරණය ප්‍රකාශයට පත්කළ වහා ඔවුන් අතරින් සුදුසුම අය තෝරා ගැනීමට සැලසුම් කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රමුඛ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය බුලත් කොළය ඡන්ද ලකුණින් ද, එක්‌සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ එක්‌සත් ජාතික පෙරමුණ අලියා ලකුණින්ද, මහින්ද රාජපක්‍ෂ මහතා නායකත්වය දෙන නව පෙරමුණ මල්පොහොට්‌ටුව ලකුණින් ද මැතිවරණයට ඉදිරිපත් වීමට සැලසුම් කර ඇත.
ඉහත නායකයන් තිදෙනාම ඔවුන්ගේ පක්‍ෂ වටා අනෙකුත් දේශපාලන පක්‍ෂ හා සංවිධාන එක්‌කර ගැනීමේ සැලසුම්සහගත වැඩපිළිවෙළක්‌ මේ මොහොත වන විටත් දියත් කරමින් සිටී.

ඤාණසාර හිමියන් මරාගෙන මැරෙන්න මං ලෑස්තියි..

නබි තුමනට එරෙහිව එක වචනයක් හෝ කිවුවොත් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මරාෙගන මැරෙන බව ජාතික සමගි පෙරමුණේ නායක මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී අසාද් සාලි මහතා පවසයි.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පොරොන්දු වූ පරිදි ඉස්ලාම් ආගම නිදහසේ පැතිරවීමට අවස්ථාව ලබාදෙන ලෙසත් ඥානසාර හිමියන් අත්අඩංගුවට ගන්නා ලෙසත් ඔහු එහිදී ඉල්ලා සිටියේය.
 
Blogger Templates