Pages

Subscribe:

Sunday 14 August 2016

අමතර කොටස් අතර සඟවා ගෙනා ප්‍රාඩෝ රිය අල්ලයි

රුපියල් කෝටි 03ක (ලක්ෂ 300) වටිනාකමින් යුත් ප්‍රාඩෝ වර්ගයේ අධි සුඛෝපභෝගී වාහනයක් හා කොටස් කළ තවත් වෑන් රථ තුනක් ඊයේ (10) රේගු නිවාරණ අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත. කුරුණෑගල ප්‍රදේශයේ වාහන අමතර කොටස් ආනයනය කරන ව්‍යාපාරිකයකු ජපානයේ සිට නීති විරෝධී අයුරින් මෙම වාහන ගෙන්වා ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්ෂ ධර්මසේන කහඳව මහතා පැවැසීය. ඉකුත් මැයි මස 27 වැනි දින ජපානයේ සිට පැමිණි 'කොරින්තියාකොස්' නමැති නෞකාවේ සිට ගෙන්වන ලද මෙම වාහන අතර, සුසූකි ඊවරි වෑන් රථයක්, නිසාන් වැනට් වෑන් රථයක් හා තවත් නිසාන් වෑන් රථයක් බහාලුමේ සඟවා මෙරටට ගෙන්වා තිබිණි. මාස දෙකක පමණ කාලයක් ග්රෑන්ඩ්පාස් හි 'ග්රේ ලයින්' 2 බහාලුම් පර්යන්තයේ රඳවා තබාගෙන පරීක්ෂණ කළ රේගු නිවාරණ අංශ නිලධාරීහු ඊයේ (10) මාධ්‍ය ඉදිරියේ මෙම කන්ටේනර් බහාලුම විවෘත කළහ.
මෙසේ දීර්ඝ කලක සිට වාහන අමතර කොටස් ගෙන්වන මෙම ව්‍යාපාරිකයා හා තවත් වාප්පු ලිපිකරුවකු මේ වන විටත් රඳවා තබා ප්‍රශ්න කරමින් සිටින අතර, පරීක්ෂණ කටයුතුවලින් පසු වාහන රාජසන්තක කිරීමට පියවර ගන්නා බව 'දිනමිණ' කළ විමසුමක දී ධර්මසේන කහඳව මහතා පැවැසීය.
රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂ නන්දසිරි වාසලතිලක මහ‍තාගේ මූලිකත්වය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ඩී. ආර්. ලක්ෂ්මන්, රේගු අධිකාරී ජයසේකර යන නිලධාරීහු මේ සම්බන්ධයෙන් දීර්ඝව පරීක්ෂණ සිදු කරති.

0 comments:

Post a Comment

 
Blogger Templates