![]() |
වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත විවාදයට ගැනීමේ දී ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් හමුවක් අද (09) පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන බව වාර්තා වේ. ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක හතරේ දී උදෑසන දහයට පැවැත්වීමට නියමිතව ඇත. මෙම රැස්වීම සඳහා එක්වන්නැයි ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දන්වා තිබේ.
එම හමුවේ දී වැට් සංශෝධන පනත් කෙටුම්පත් ඉදිරිපත් වන ආකාරය සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් කිරීමට ද ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් බලාපොරොත්තු වන බව සඳහන් වේ.
මෙම හමුව සඳහා කොරියාවේ සංචාරයක නිරත ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැර අනෙක් සියලු දෙනා එක්වීමට නියමිතව ඇත. සියයට 11ක්ව පැවැති වැට් බදු අගය 15 දක්වා වැඩිකිරීම ඇතුළු වැට් සංශෝධන සඳහා විරුද්ධ වන බව ඒකාබද්ධ විපක්ෂය මෙයට පෙර තීරණය කර තිබිණි.
0 comments:
Post a Comment