Pages

Subscribe:

Sunday 7 August 2016

ඉතිහාසයේ මහා එතනෝල් වංචාව රේගුවෙන් අල්ලයි.. මුදාලන්නයි දැඩි දේශපාලන බලපෑම්..

ලංකා ස්කාගාර සංස්ථාවේ හිමිකරු හැරී ජයවර්ධන විසින් වසර ගණනක් තිස්සේ කරගෙන ආ එතනෝල් ජාවාරමක් හෙලි කරගැනීමට ශ්‍රී ලංකා රේගු නිලධාරීන් සමත්ව තිබේ.

රේගු නිළධාරීන් පවසන අන්දමට මෙම වංචාව සූක්ෂම ආකාරයෙන් වසර විස්සකටත් අධික කාලයක් ඔස්සේ කරගෙන ඇති බව හෙළිවී තිබේ. සාමාන්‍යයෙන් මෙරටට එතනෝල් ගෙන්වන්නේ ලීටර් 25000 ටැන්කි (Tankers) තුලයි. නමුත් ඉතිහාසය පුරාම මොවුන්ගේ ඉන්වොයිස් තුල ලීටර් 20000 සිට 22000 දක්වා ප්‍රමාණයක් සදහන් වීම රේගු නිළධාරීන්ගේ සැකයට භාජනය වී ඇත. වැටලීම සිදු කරන අවස්ථාවේ මේ සතියට පමණක් ගෙන් වූ ටැංකි දහයකට අධික ප්‍රමාණය තුල නියමිත ලීටර් 25000ම තිබූ බවත්, ඉන්වොයිස් කිරීමේදී අවම වශයෙන් ලීටර් 2000ක් වත් අඩුවෙන් මේ සියළුම ටැංකි වල ප්‍රමාණය සදහන් කර තිබූ බවත් රේගු ආරංචි මාර්ග සදහන් කරයි.

වත්මන් රජයේ ඇමති ********** මෙම සිද්ධියට බලපෑම් කරන බවත්, මිලියන 250ක් අය කරගෙන නිදහස් කරන ලෙසටත් රේගු නිළධාරීන්ට උපදෙස් දී තිබේ. හැරී ජයවර්ධන විසින් මෙම මුදල මේ වනවිටත් ගෙවා මෙම සිද්දිය මාධ්‍ය වලින් වසන් කිරීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

මේ පිලිබද වැඩිදුර පරීක්ශණ සදහා මොරටුව විශ්ව විද්‍යාලයේ සහය ලබා ගැනීමට රේගුව අදහස් කරන අතර, ඒ වෙනුවෙන් දැඩි බලපෑම් රජයේ පාර්ශ්වයෙන් එල්ල වන බව වාර්තා වේ. රජයට සිදුවෙන ප්‍රකෝටි ගණනක පාඩුව මිලියන 250කින් නිදහස් කිරීම පිලිබදව රේගු නිළධාරීන් කණස්සල්ල පළ කරති. ඉදිරියේදී ගෙන ඒමට නියමිත රේගු පණත මෙවන් ක්‍රියා වලට උඩ ගෙඩි දීමක් ලෙසත් ඔවුන් සදහන් කරයි.
ප්‍රේමදාස පාලන සමයේදී මෙම ස්කාගාර සංස්ථාව කෝටි 400ක් වැනි මුදලකට හැරී ජයවර්ධනට ලබාදුන් කාලයේ සිට මෙම වංචාව සිදුවන්නට ඇති බව මොවුන්ගේ අදහසයි.

මෙම සිද්ධිය යටපත් කිරීමට ආණ්ඩුවේ ප්‍රභලයින් උත්සාහ කරන බව වාර්තා වන අතර වැඩිදුර පරීක්ශණ මේ වනවිටත් සීදූවේ තිබෙන ස්කාගාර සංස්ථා ගුදම තුල සිදු කෙරෙමින් පවතී.
උපුටා ගැනීම – slnewslanka

0 comments:

Post a Comment

 
Blogger Templates