Pages

Subscribe:

Wednesday, 27 July 2016

“හම්බන්තොට මහින්දට“ පස්සේ ලංකාවේ පත්තු වුණු අලුත්ම උන්මාදය (වීඩියෝ)

කාලයෙන් කාලයට එක එක දේවල් සමාජයට එනවා. ඒ වගේ ගොඩක් දේවල් අන්තර්ජාලයේ පත්තු වුණානේ. ඔන්න දැන්  තවත් වීඩියෝවක් අපිට ඇවිල්ලා තියෙනවා. මේකත් ඇවිල්ලා ලංකාවේ ඉන්න මැති ඇමතිවරු අලලා කරපු වීඩියෝවක්. මේ ගැන කියනවාට වැඩා හොඳයි ඔයාලම බලනවා නම්.

පාද යාත‍්‍රාවට කිසි තහනමක් නෑ.. මාධ්‍ය වාර්තා බොරු.. පොලීසිය හත්පොලේ ගාගෙන..

හෙට දිනයේ පැවැත්වෙන ඒකාබද්ද විපක්‍ෂයේ විරෝධතා පාද යාත‍්‍රාව එරෙහිව පොලිසිය විසින් මාවනැල්ල හා මහනුවර අධිකරණයන්ගෙන් තහනම් නියෝග ඉල්ලා තිබින.
මෙම අධිකරණ දෙකේදීම ඒකාබද්ද විපක්‍ෂ නියෝජිතයින් පෙනී සිටියහ.
මහනුවරදී පොලීසිය අධිකරණයට කියා සිටියේ ඇමති කිරිඇල්ලගේ ප‍්‍රධානත්වයෙන් එජාප සාමාජික ප‍්‍රවර්ධන වැඩසටහනක් පැවැත්වෙන නිසා ගැටුමක් ඇති විය හැති බවයි.
නමුත් අධිකරණය නියෝග කර ඇත්තේ එම වැඩසටහන පස්වරු දෙකෙන් පසු ආරම්භ කරන ලෙසය. ඒකාබද්ද විපක්‍ෂයේ පාද යාත‍්‍රාවට කිසිදු තහනම් නියෝගයක් නිකුත් කලේ නැත.
මාවනැල්ල අධිකරණවට පොලීසිය දන්වා ඇත්තේ මාවනැල්ල නගරයට අගමැති හා ජනාධිපති පැමිණෙන නිසා ගැටුමක් ඇති විය හැකි බවයි. එහිදී අධිකරණයේ තීන්දුව වී ඇත්තේ පෙලපාලිය යාමට බාධාවක් නැති වුවත් ඒකාබද්ද විපක්‍ෂයේ රැුස්වීමක් මාවනැල්ලේ නොපවත්වන ලෙසත්ය.
පාද යාත‍්‍රාවට තහනම් නියෝග නිකුත් කර ඇතැයි පලවන වාර්තා අධිකරණ තීන්දු විකෘති කිරීමක් බව අප හා අදහස් පල කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා කියා සිටියේය.

බැංකු කතාව අලූත් වෙයි ක්ලිප් ලීක් කරේ පෙම්වතාලූ

බැංකු කතාව අලූත් වෙයි 
ක්ලිප් ලීක් කළ පෙම්වතාට නඩු



මින් සති කිහිපයකට පෙර ප‍්‍රධාන පෙළේ බැංකුවක පෙම්වතුන් යුවළකගේ අනියම් ඇසුරක වීඩියෝවක් නිසා සමාජ මාධ්‍ය කැළඹුණා. පසුව වාර්තාවී තිබුනේ එම සිද්ධිය නිසා අදාළ කාන්තාව සේවා ස්ථානයෙන් නෙරපනු ලැබූ බවත් දෙදෙනාගේම පවුල් ජීවිත අවුල් වූ බවත්ය.ෆෝන් රෙපයාර් මල්ලී නිසා මේ වීඩියෝ අන්තර්ජාලයේ පැතිරුණ බවටද තොරතුරු වාර්තාවී තිබුණා.
මේ ගැන කෙරෙන අලූත්ම පරීක්ෂණ අනුව ‘ෆෝන් රෙපයාර් මල්ලීගේ කතාව’ එම පෙම්වතා විසින් ගැලවිජ්ජාවට ගැසූ කෙප්පයක් බව
වාර්තා වනවා. සත්‍ය ලෙසම එම වීඩියෝ මාධ්‍ය වෙත යොමු කර ඇත්තේ පෙම්වතා විසින්ම බවට ද තොරතුරු අනාවරණයවී ඇත.
එම බැංකු සේවිකාව හා ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරියා අතර අනියම් ඇසුර සිදුව ඇත්තේ කඩවත ශාඛාවේදීය. සිද්ධිය හසුවීමෙන් පසුව අදාළ සේවිකාව සේවයෙන් ඉවත්කරනු වෙනුවට සිදුකර තිබෙන්නේ මාරුවක් ලබාදීමයි. ඇය මාරුවී ඇත්තේ දෙහිවල ශාඛාවටය.

පසුගිය දිනවල ඇතිවූ ආන්දෝලනයෙන් පසු තතු දත් උදවිය පැතිරූ ආරංචි නිසාදෝ දෙහිවල ශාඛාවේ වැඩිපුර පාරිභෝගිකයන ගැවසුණ බවත් වාර්තා වුණා.
මේ කතාවේ අනුවේදනීය ස්වභාවය වන්නේ ඇයත් ඔහුත් කාර්යාලය තුළ මේ ආකාරයට හැසිරී ඇත්තේ අසම්මත ලෙස වුවද ඔවුන් සැබෑ පෙම්වතුන්වී ඇති කරගත් විශ්වාසය මත මේ දේවල් සියල්ල සිදුවී තිබීමත් පෙම්වතිය තවදුරටත් ඔහු සතු නොවීමේ ද්වේශය මේ ආකාරයට ජීවිත අවුල් කරමින් පුපුරා යාමත්ය.
තමා දිවි හිමියෙන් විශ්වාස කළ පෙම්වතා සමඟ සිය කාර්යාලයේදී පෙමෙන් වෙළුණු පෙම්වතිය මේ පෙම් ජවනිකා රහසින් වීඩියෝ වනවා යයි කිසිදු ආකාරයකට සිතා නැත.

ඔවුන්ට මේ ප‍්‍රශ්නය හමුවේ කාර්යාල වලින් මාරු වන්නට සිදුවුවත් ඒ ඇසුර ටික කාලයක් තිබී ඇත. ඔවුන් අතර කිසියම් විරසකයක් ඇතිවුණ පසුව පෙම්වතියට වෙනත් අයෙකු හා විවාහ වන්නට සිදුවී තිබෙන අතර ඉන් පෙරද විවහකයෙකු බව කියන පෙම්වතා මේ වෙනසට කැමතිවී නැත. ‘මාත් එක්ක හැමදාම ඉන්න බැරි නම් මං අරව ලීක් කරනවා’ යයිද ඔහු ඇයට පවසා ඇත.
ඔහුගේ තර්ජනය ගණනකට නොගෙන ඇය විවාහවූ පසුව එක්වරම ඔහු පලිගෙන නැත. ඔහු උත්සාහ කර ඇත්තේ වීඩියෝ කෑලි ඇපයට තබා තවත් කාලයක් විවාහක පෙම්වතිය සමග ඇසුර ගෙන යන්නටය. එම උත්සාහය නිරර්ථකවී ඇත්තේ ඇය ඔහුව දිගටම ප‍්‍රතික්ෂේප කළ නිසාය.
පෙම්වතා විසින් මේ වීඩියෝ පටය අන්තර්ජාලයට මුදා හැර ඇත්තේ ඉන් පසුය. ඒ වීඩියෝ පිටවී අන්තර්ජාලය කළඹන අවස්ථාවේ පෙම්වතිය ඔහු විමසා ඒ පිළිබඳව ප‍්‍රශ්න කිරීමේදී දුරකථනය අලූත්වැඩියා කළ තැනැත්තා විසින් මෙය සිදු කරන ලද බවට ඔහු කෙප්පයක් ගසා ඇත.
නමුත් ඒ වීඩියෝ පතුරන්නට ඇත්තේ ඔහුම බව ඇය පොලිසියට පවසා ඇත. මේ වනවිට සිදු කරන පරීක්ෂණ වලදී ‘ෆෝන් රෙපයාර් මල්ලී’ගේ කතාව සත්‍ය නොවන බවට තොරතුරු තහවුරුවී ඇති අතර එවැන්නෙක් සොයාගන්නට නැත.
පෙම්වතාට එරෙහිව පෙම්වතිය මේ වනවිට නඩු මගට එළැඹෙන්නට සූදානම් බවද වාර්තා වුණා.
මෙම සිද්ධිය නිසා අදාළ බැංකු ආයතනික අනන්‍යතාවද හෑල්ලූවට ලක්ව තිබෙන අතර
සේවා ආයතනයේ නිල ලාංඡනය සහිත ටී ෂර්ට් එකක්වත් හැඳගෙන පාරට බසින්නට බැරි තත්ත්වයක් උදා වී ඇතැයි එහි සේවයේ නියුතු අය වාර්තා කර ඇත.
සමහරු පාරේදී  එම බැංකුවේ අයට විහිළු කරන්නේ ”ආ නංගී අපටත් පොඩි චාන්ස් එකක් දෙන්න බැරිදැයි?” උපහාසයෙන් බවද වාර්තා වුණා.

සියයට 15වේ වැට් එක යළි එයි - ඡන්දය අගොස්තු 11හ

එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත හෙවත් වැට් සංශෝධන පනත් කෙටුම්පත පිළිබද පාර්ලිමේන්තු ඡන්ද විමසීම අගෝස්තු මස 11වනදා පැවැත්වීමට ආණ්ඩුව විසින් තීරණය කර තිබේ. අදාළ පනත් කෙටුම්පත පසුගිය 20 දා විවාදයට ගැනීමට නියමිතව තිබුණද වැට් බදු ප්‍රතිශතය වැඩිකරමින් දේශීය ආදායම් බදු කොමසාරිස්වරයා විසින් නිකුත් කළ නියෝගය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කිරීම හේතුවෙන් එදින එය විවාද නොකෙරුණි.
සියයට 11ක්ව පැවති වැට් බද්ද සියයට 15 දක්වා වැඩිකිරීමට රජය පසුගියදා පියවර ගන්නා ලද අතර, පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව අදාළ බදු සංශෝධන සිදුකිරීම පිළිගත නොහැකි බව සදහන් කර ඇති ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තහනම් නියෝගය නිකුත් කළේය. කෙසේවෙතත් වැට් සංශෝධනය පනත් කෙටුම්පත පිළිබද විවාදය 11 දා පැවැත්වීමට තීරණය කර ඇති අතර, ලබන 10දා මුල්‍ය කළමණාකරණ වගකීම සංශෝධන පනත් කොටුම්පත පිළිබද විවාදයක් පැවැත්වීමටද පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී තීරණය කර තිබේ. මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලබන මෙම පනත් කෙටුම්පත් දෙක සදහාම එම දිනයන්හී සවස ඡන්ද විමසීමට නියමිතය.

පෝට් සිටිය නිසා ෂැංග්‍රිලා සමාගම රජයෙන් වන්දි ඉල්ලයි

ගාලු මුවදොර ඉදිවන ෂැංග්‍රිලා හෝටලය ‍පෝට් සිටි ව්‍යාපෘතිය මගින් මුහුදෙන් ආවරණය වීම හේතුවෙන් රජය සමග එළඹුණු ගිවිසුම කඩ වී ඇතැයි සඳහන් කරමින් ෂැංග්‍රිලා සමාගමට සිදුවන පාඩුවට වන්දියක් ගෙවන ලෙස රජයෙන් ඉල්ලා ඇත. ෂැංග්‍රිලා හෝටල් සමාගම ගාලු මුවදොර සිය හෝටලය ඉදිකිරීමට ගිවිසුම් අත්සන් තබා ඇත්තේ ඉදිරියෙන් පෙනෙන මුහුදු තීරය නිසාය. මේ නිසා තම හෝටලයට සංචාරකයන් වැඩි වශයෙන් අද්දවා ගැනීම ඔවුන්ගේ ක්‍රමෝපාය වී ඇත. කෙසේ වෙතත් ඊට පසුව චීන රජය විසින් එම හෝටලයත් ගාලු මුවදොරත් වැසෙන ලෙස ‍පෝට් සිටි ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ. මේ හේතුවෙන් සම්පූර්ණයෙන් වෙරළ තීරය වැසී යන අතර ෂැංග්‍රිලා හෝටලයට ඉදිරියෙන් විශාල නගරයක් දර්ශනය වීමට නියමිතය. මේනිසා සංචාරක ආකර්ෂණය සම්බන්ධයෙන් විශාල පාඩුවක් සිදුවන බව දන්වා එම පාඩුව ගෙවන ලෙස ඔවුන් රජයෙන් ඉල්ලීමක් කර ඇත.
ෂැංග්‍රිලා සමාගමේ ඉල්ලීම රජය ප්‍රතික්ෂේප කර ඇත.
රජය සඳහන් කර ඇත්තේ සංවර්ධන වැඩපිළිවෙළදී යම් යම් වෙනස්කම් සිදුවන බවත් ඒ සඳහා ගිවිසුම් ගසා නොමැති නිසා අදාළ පාඩුව නොගෙවන බවය. ඒ නිසා සිදුවන අපහසුතාව සම්බන්ධයෙන් රජය වග නොකියන බවද දන්වා ඇත.
දැනට දැන ගන්නට ඇති පරිදි ඇමෙරිකානු ඩොලර් මිලියන 300ක ව්‍යාපෘතියක් වන මෙහි කාමර 500කින් යුත් තරු පහේ හෝටලයක් සෑදීමට නියමිතය

මොරගහකන්ද ව්‍යාපෘතියට මෛත‍්‍රීත් බොහෝ වෙහෙස වුණා.. – මහින්ද බෝසත් ගුණැති මිනිසෙක් බව පෙන්වයි.. [Video]

මහින්ද චින්තනයේද පැවති මොරගහකන්ද සංවර්ධන ව්‍යාපෘතිය තම පාලන කාලයේ ආරම්භ කරන ලද වැඩපිළිවෙළක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

චීන ආධාර මත වැඩ ඇරඹූ එම ව්‍යාපෘතියට යුද්ධය පැවති කාලයේදීද අයවැයෙන් මුදල් වෙන් කරනු ලැබූ බවද සදහන් කරයි.

එම ව්‍යාපෘතිය සඳහා එකල ඇමතිවරයෙකු වූ මෛත‍්‍රීපාල සිරිසේන මහතාද බොහෝ උනන්දු වූ බවද පැහැදිලිව කිව හැකි යයි සඳහන් කලේය.

සොයිසා දෙරණ වාද පිටිය මැද හිටගනී.. වාදපිටියම හොල්මං.. [Video]

දෙරණ රූපවාහිනියේ ඊයේ පැවති වාදපිටිය වැඩසටහනේ අවසන් වටයේදී ඒකාබද්ද විපක්‍ෂය වෙනුවෙන් පැමිණ සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා මහතා සිය අසුනෙන් නැඟී සිටියේය.

එජාප මන්ත‍්‍රිවරුන් දෙදෙනාගේ දැඩි බාධා කිරිම් හේතුවෙන් එසේ නැගී සිටි ඔහු එක් වරෙක කියා සිටියේ ‘මේක සංවාදයක්. අයියල වගේ හැසිරෙන්න එපා. අපිත් අයියල තමයි’ කියාය.

 
Blogger Templates