Pages

anan manan

Pages

Monday 29 February 2016

තජූඩීන්ගේ මරණය ගැන නාමල්ගෙන් ප‍්‍රකාශයක්…

රගර් ක්රිඩක වසීම් තජූඩින්ගේ මරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා අදහස් පල කරයි.

මෙම මරණය සම්බන්ධයෙන් සැකපිට නාමල් රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගැනීමට නියමිත යයිද මාධ්‍ය වාර්තා පලවෙයි.

ආසියානු කුසලානය :ශ්‍රී ලංකාව බංගලි දේශයටත් පරාදයි..

ආසියානු කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ඊයේ පැවති තරඟයේදී ශ‍්‍රී ලංකාව පරදා ලකුණු 23ක ජයක් ලබන්නට බංග්ලා දේශ කණ්ඩායම සමත් විය.

තරඟයේ මුලින් පන්දුවට පහර දුන් බංග්ලා දේශ සිය පන්දු  ඕවර 20 තුලදී කඩුළු 07ක් පමණක් දැවී ලබා ගත් ලකුණු 147ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට ලබා ගත හැකි වූයේ පන්දු වාර 20 තුලදී කඩුළු 08ක් දැවී ලකුණු 124ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග‍්‍රාහී මානසිකත්වය වර්ධනය සඳහා ඇමති ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකාගේ මහ පෙන්වීමෙන් පසු පරාජය වූ පළමු තරඟය මෙයයි.

මහින්ද යන ගුවන් යානයට මිසයිල ගහන්න එක්නැලිගොඩ කොටි හා කුමන්ත්රණ කල හඬ පට මෙන්න..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු එවක රජයේ බලධාරීන් විදෙස් ගත වෙද්දී මීගමුව ප්රදේශයේ නිවසක සිට එම ගුවන් යානාවට මිසයිල ප්රහාරයක් එල්ල කරන සැලසුමක් අඩංගු හඬ පටයක් අන්තර්ජාලයේ හුවමාරු වෙමින් තිබේ.

මාධ්‍යවේදියෙකු බව කියන ප්රගීත් එක්නැලිගොඩ හා කොටි ත්රස්තයෙකු අතර මෙම සාකච්චාව සිදුව ඇතැයිද පවසන එම වාර්තා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙතද මෙම හඬ පටය ලබා දී ඇතැයිද දැක්වෙයි.

ඉන්දියාවෙන් ගෙන්වන වියළි මිරිස්වල වස

ආහාර සඳහා ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරනු ලබන වියළි මිරිස්වල මිනිස් ශරීරයට අහිතකර විෂ රසායනික අඩංගු බවට ඕස්ටේ‍්‍රලියානු රජය විසින් අපනයන සංවර්ධන මණ්ඩලයට දැනුම් දී තිබේ.
මෙසේ දැනුම් දීමට හේතු වී ඇත්තේ මෙරට චිලී පේස්ට් නිෂ්පාදන ව්‍යාපාරිකයන් ඕස්ටේ‍්‍රලියාවට අපනයනය සඳහා චිලී පේස්ට් යොමුකර තිබිය දී එරට රජය විසින් කරන ලද සාම්පල් පරීක්ෂාවය. සාම්පල් පරීක්ෂාවෙන් පසුව අපනයනයට යොමු කළ චිලී පේස්ට් තොග ඕස්ටේ‍්‍රලියාව විසින් නැවත මෙරටට හරවා එවීමට කටයුතු කර ඇත.
මේ තත්ත්වය චිලී පේස්ට් නිෂ්පාදකයන්ට මෙන්ම ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන මිරිස් පරිභෝජනයට ගන්නා මෙරට පාරිභෝගිකයන්ට ද බරපතළ අහිතකර තත්ත්වයකි. ඕස්ටේ‍්‍රලියාව කරන ලද සාම්පල් පරීක්ෂණයේ දී ඔවුන් අපනයන සංවර්ධන මණ්ඩලයට දැනුම් දී ඇත්තේ විෂ සහිත රසායනික ද්‍රව්‍ය අවශේෂ වැඩි ප‍්‍රමාණයක් චිලී පේස්ට්වල අඩංගු වී ඇති බවයි. 
මෙරට පරිභෝජනය සඳහා දේශීය මිරිස් නිෂ්පාදනය ප‍්‍රමාණවත් නොමැති නිසා වියළි මිරිස් හා සකස් කරන ලද මිරිස් කුඩු තොග වශයෙන් ආනයනය කරනු ලබන්නේ ඉන්දියාවෙනි. මිරිස් නිෂ්පාදනය සඳහා මෙරට තහනම් කළ කෘමිනාශක, වල් නාශක ඉන්දියාව තවමත් භාවිත කරයි. 
පිළිකා කාරක සහිත එම කෘෂි රසායන (ග්ලයිෆොසෙට්, ෆර්නිල්, කාබොෆියුරාන්, ක්ලෝරෝපයිරිෆෝස්, ඔගෙෆා පොස්පේට්, කාබමේට්) යොදන වියළි මිරිස් මෙරට පාරිභෝගික ජනතාව තවමත් පරිභෝජනය කරන අතර මෙම අනතුරු දායක තත්ත්වය මඟහරවාලීමට වගකිව යුතු අංශ මැදිහත් වී නැත.
ඕස්ටේ‍්‍රලියානු රජය විසින් මෙරට නිෂ්පාදිත චිලී පේස්ට් ආනයනය තහනම් කිරීම පිළිබඳව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආහාර අංශ ප‍්‍රධානී ආචාර්ය කේ.එච්.සාරානන්ද මහතාගෙන් අප කළ විමසීමක දී හෙතෙම ඒ බව තහවුරු කළ අතර ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන වියළි මිරිස් මෙරට වෙළෙඳපොළට නිකුත් කිරීමට මත්තෙන් විධිමත් තත්ත්ව පරීක්ෂාවකට ලක් කර පාරිභෝගිකයන්ට ලබාදිය යුතු බව අවධාරණය කළේය.
ශ‍්‍රී ලංකාවේ පාරිභෝගිකයන් ආහාරයට ගන්නා වියළි මිරිස්වල විෂ සහිත රසායනික අඩංගු බවත් ඒවා මිනිස් පරිභෝජනයට නුසුදුසු බවත් ඕස්ටේ‍්‍රලියානු රජය විසින් මුල්වරට මෙරට බලධාරීන්ට දැනුම් දී ඇත්තේ මීට වසර හතරකට ඉහත දීය. 
එතැන් සිට ශ‍්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලබන චිලී පේස්ට් ආහාරයට නොගන්නා ලෙස ඕස්ටේ‍්‍රලියානු රජය එරට ජනතාවට දැනුම් දී ඇත.

යාපනය සරසවි සිසුන්ට රැවුල තහනම් !

යාපනය විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය විසින් සිසුන්ට පැනවීමට යන නව ආචාර ධර්ම පද්ධතිය හේතුවෙන් ශිෂ්‍යයන්ට රැවුල කොණ්ඩය කැපීම ද පාලනාධිකාරියේ නීති රීතිවලට යටත්ව සිදු කිරීමට සිදුව ඇති බව වාර්තා වේ.
ශිෂ්‍යාවන් සිකුරාදා දිනයට සාරිවලින් සැරසී විශ්වවිද්‍යාලයට පැමිණිය යුතු බවත්, සර්ව ආගමික වැඩසටහන්වලට සියලූ දෙනා සහභාගි විය යුතු බවත් නව ආචාර ධර්ම පද්ධතියේ සඳහන් වන බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි. යාපනය විශ්වවිද්‍යාලයේ අන්තර් ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු ටී.සශිදරන් බීබිසී පුවත් සේවයට පවසා ඇත්තේ නව ආචාර ධර්ම පද්ධතිය නිසා සිසුන්ගේ අයිතිවාසිකම් කප්පාදු වන බවය. සිසුන්ගේ නිදහස මෙන්ම පෞද්ගලිකත්වය ද ඉන් විනාශ වන බව සිසු සංගම්වල මතය වී තිබේ.
නව ආචාර ධර්ම පද්ධතිය ඉවත් කර ගැනීම සඳහා පාලන අධිකාරිය සමඟ සාකච්ඡා කිරීමට තීරණය කොට ඇති බවත් පාලන අධිකාරිය ඊට එකඟ නොවුවහොත් දිගින් දිගටම සිසු අරගල පවත්වා ඒ තුළින් සිසු අයිතිවාසිකම් දිනා ගැනීමට ඔවුන් විසින් තීරණය කොට ඇති බවත් එම ශිෂ්‍ය සංගම් නියෝජිතයන් පවසයි.
යාපනය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ පීඨාධිපති මහාචාර්ය වී.ඥානකුමරන් පවසන්නේ සංස්කෘතියට ගැළපෙන අන්දමට මෙම ආචාර ධර්ම පද්ධතිය සකස් කළ බවය.

ලුතිනන් යෝෂිත නාවික හමුදාවෙන් එළියට

මූල්‍ය විශුද්ධිකරණය චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති ලුතිනන් යෝෂිත රාජපක්ෂගේ නාවික හමුදා සේවය අත්හිටුවීමට ආරක්ෂක අමාත්‍යංශය විසින් පියවර ගෙන ඇතැයි වාර්තා වේ.
යෝෂිත රාජපක්ෂ පිළිබඳව කරගෙන යනු ලබන පරීක්ෂණ ස්වාධීනව සිදුකිරීම සඳහා මෙලෙස සේවය අත්හිටුවන ලෙස පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් සිදු කළ ඉල්ලීමකට අනුව මෙම පියවර ගෙන ඇත.
මෙම තීරණයට අනුව 2016 පෙබරවාරි 28 වන දින සිට බලපැවැත්වෙන ලෙස මෙම සේවය අත්හිටුවා, ඔහුගේ වැටුප් හා දීමනාද නැවැත්වීමට පියවර ගෙන ඇත.
එසේම නාවික හමුදා මූලස්ථානයේ අවසරයකින් තොරව මින් ඉදිරියට යෝජිත රාජපක්ෂට නාවික හමුදා කඳවුරකට ඇතුළුවීම ද මින් ඉදිරියට තහනම් වනු ඇති බවද සඳහන් ය.
මේ අතර යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහැරීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස කරනු ලැබූ ඉල්ලීම කොළඹ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

පෙරුම් පුරා බලා සිටි ලියනාඩෝ ඔස්කාර් දිනයි (Photos)

88වන ඔස්කාර් සම්මාන උළෙලේ සුපිරි නළුවාට හිමි සම්මානය ලියනාඩෝ ඩිකප්රියෝ විසින් දිනාගනු ලැබුවා. ඔහු මේ සම්මානය හිමිවුවේ The Revenant චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙනුයි.
මිට පෙර අවස්ථා හතරකදී ලියනාඩෝ ඔස්කාර්හි හොඳම නළුවාට හිමි සම්මානය සඳහා නිර්දේශ වී තිබෙනවා. ඔහු පළමු වරට ඔස්කාර් සම්මානයක් සඳහා නිර්දේශ වන්නේ 1994 වසරේ වයස අවුරුදු විස්සේදීයි. සම්මානය හිමිවීමෙන් අනතුරුව ස්තුති කතාව සිදු කරමින් ලියනාඩෝ පවසා සිටියේ The Revenant චිත්‍රපටය නිපදවීම යනු සභාවික පරිසරය සමඟ ඇති සම්බන්ධත්වය පෙන්වීමක් බවයි.
මිට අමතරව 88වන ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය 'Room' චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් Brie Larsonටද, හොඳම අධ්‍යක්ෂකවරයාට හිමි සම්මානය The Revenant චිත්‍රපට අධ්‍යක්ෂ Alejandro G. Inarritu විසින්ද, හොඳම චිත්‍රපටයට හිමි සම්මානය Spotlight චිත්‍රපටයද දිනාගනු ලැබුවා.
Platform: 'Climate change is real,' said DiCaprio as he used his acceptance speech to deliver a lecture on the environment
Finally gets his moment: Oscar gold has previously eluded the celebrated star, who has won plenty of other honours over his two decade long career
The winners: Leo, 41, congratulated Brie Larson on her win for Best Actress for Room
Winning combination: Leo's turn as a frontiersman in The Revenant has seen him sweep the awards season
Man in waiting: Oscar gold has previously eluded the celebrated star, who has won plenty of other honours over his two decade long career
The closing of the ceremony: Laszlo Nemes looks on as Larson, left, takes a photograph of Emmanuel Lubezki, DiCaprio, and Alejandro G. Inarritu on stage
Making history: Inarritu took best director for a second straight year, a feat matched by only two other filmmakers: John Ford and Joseph L. Mankiewicz
Toast to us! Leo and Alejandro held up their trophies as the show came to a close
Newcomer to the awards shows: Brie has taken this season by storm with her tour de force in Room
Shocked! The 26-year-old took in the milestone as she laughed giddily
Shocked! The 26-year-old took in the milestone as she laughed giddily
Partner in crime: Brie reached out to nine-year-old co-star Jacob Tremblay after her name was announced as the winner
Rylance, 56, thanked his director Steven Spielberg before adding: 'If you ever asked if acting with Tom Hanks helps [your career] the answer is "yes it does!"'
Hand-off: Patricia Arquette pesented the Best Supporting Actor award to the Bridge Of Spies actor
Whiplash! J. K. Simmons presented the stunning actress with the gong 
Now she's a name: Plays Gerda Wegener in The Danish Girl
Now she's a name: Plays Gerda Wegener in The Danish Girl
Shock win: Tom McCarthy's film Spotlight took home Best Picture
Rock then jokingly Introduced Stacey Dash as the new Minority Outreach Director for the Oscars
'The big question is why are we protesting this year's Oscars?' Rock observed. 'It is the 88th Academy Awards.... At least 71 of them didn't have black actors nominated in the past.'
Belting it out: Lady Gaga performed Til It Happens To You from The Hunting Ground
His big moment! Sam Smith won Best Original Song for Writing’s On The Wall for the film Spectre, beating Lady Gaga
Diversity issue: The veteran comic got the audience bawling with laughter
Now that's a team! Kate Winslet and Reese Witherspoon both wore strapless dresses 
Leonardo DiCaprio and Kate Winslet
Leonardo DiCaprio and Kate Winslet
Oscar 2016 1
Oscar 2016 3

රුසියාව හා තුර්කිය අතර ගෑස් මිල අර්බුදයක්

රුසියාව හා තුර්කිය අතර ඇතිව තිබෙන උණුසුම්කාරී තත්වය තවත් වර්ධනය කරමින් ගැස්ප්‍රොම් සමාගම හා තුර්කි සමාගම් කිහිපයක් අතර ස්වභාවික ගෑස් මිල අර්බුදයක් හටගෙන ඇත.
තුර්කිය වෙත යන රුසියානු ස්වභාවික ගෑස් වලින් 50%ක් මෙහෙයවන බල්ගේරියානු බල්ගර්ට‍්‍රාන්ස්ගෑස් සමාගම පවසා ඇත්තේ පසුගිය වසරේ මෙම කාලයට සාපේක්‍ෂව ගෑස් සැපයුම 23%කින් කඩා වැටී ඇති බවයි.

පසුගිය වසරේදී තුර්කි සමාගම් වෙත 10.25%ක වට්ටමක් ලබාදීමට ගැස්ප්‍රොම් සමාගම කටයුතු කර ඇති අතර සිය බලශක්ති නිපැයුම්වල මිල වේගයෙන් පහත වැටීම නිසා මේ වසරේදී වට්ටම කපා හැරීමට ගැස්ප්‍රොම් තීරණය කර ඇතැයි පැවසේ.

ජනවාරි මස සැපයුම් සඳහාද වට්ටම ඉවත් කළ මිල බලපෑ අතර පෙබරවාරි 21වනදා සිදුකළ යුතු ගෙවීම් කිරීමේදී තුර්කි සමාගම් විසින් මුළු මිල නොගෙවා වට්ටම දුන් පසු මිල ගෙවා ඇතැයි වාර්තා වේ.

මේ නිසා තුර්කි සමාගම් විසින් නොගෙවූ මුදලට සාපේක්‍ෂ ගෑස් ප‍්‍රමාණයක් සැපයුමෙන් කපා හැරීමට ගැස්ප්‍රොම් තීරණය කර ඇත.
එනර්කෝ එනර්ජි, බොස්ෆරස් ගෑස්, අව්රාස්යා ගෑස්, ෂෙල්, බාටි හට්ටි සහ කිබාර් එනර්ජි යන සමාගම් මින් අර්බුදයට පත්ව තිබේ.
ඔවුන් පවසන්නේ සිය ගණුදෙනුකරුවන් සමග ගිවිසුම්වලට එළඹ ඇත්තේ වට්ටම සහිත මිලට සාපේක්‍ෂව බැවින් වට්ටම ඉවත්කිරීමෙන් තමන් විශාල ලෙස පාඩු ලබන බවයි.

පෙබරවාරි 1-24 අතර කාලය තුළ රුසියාව විසින් ගෑස් ඝන මීටර් මිලියන 117ක් සැපයීම කපා හැර ඇති අතර එහි වටිනාකම ඩොලර් මිලියන 30කි.

ත‍්‍රස්තවාදයෙන් ගැලවී පලා යා හැකි කෙම්බිම් නැහැ – ලැව්රොව්

ත‍්‍රස්තවාදයෙන් සැගවී සිටිය හැකි ක්‍ෂේම භූමි නොපවතින බව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් පවසා ඇතැයි වාර්තා වේ.
ඔහු පවසා ඇත්තේ ත‍්‍රස්තවාදය පරාජය කිරීමට නම් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සම්බන්ධීකරණය යටතේ ජාත්‍යන්තර නීතිය ගරු කරමින් සියලූදෙනා එක්ව සටන් වැදිය යුතුව ඇති බවයි.

මෙහිදී දෙබිඩි ප‍්‍රතිපත්ති මුළුමනින්ම අතහැර දැමිය යුතු බවද ලැව්රොව්ගේ අදහසයි.

මානව ශිෂ්ඨචාරයට අභියෝගයක් එල්ල කර ඇති ISIS ත‍්‍රස්තවාදය පරාජය කිරීම සඳහා නොඑකගතා, පෞද්ගලික අභිමතාර්ථ සහ පූර්ව කොන්දේසි ඉවත දැමිය යුතු බවද රුසියානු විදේශ අමාත්‍යවරයා පවසා ඇත.

ඔහු මේ අදහස් දක්වා ඇත්තේ ඇල්ජීරියානු පුවත්පතක් සමග සිදුකළ සම්මුඛ සාකච්ඡවක් අතරතුරදීය.
රුසියාව හා ඇල්ජීරියාව එකම අරමුණක් කරා එක්ව කටයුතු කරමින් සිටින බවද දෙරට අතර සබඳතා පිළිබඳ අදහස් දැක්වූ සර්ජි ලැව්රොව් සඳහන් කර තිබේ.

ත‍්‍රස්තවාදය පරාජය කරන ආකාරයන් පිළිබඳ අදහස් හුවමාරු කරගැනීම සඳහා දෙරටේ විදේශ සේවාවන් අතර ව්‍යූහයක් ක‍්‍රියාත්මක වන බවත් ත‍්‍රස්තවාදී ආක‍්‍රමණිකත්වයන් සමග ගණුදෙනු කිරීමේදී රුසියාව සහ ඇල්ජීරියාවට අත්දැකීම් ඇති බවද ඔහු පවසා ඇත.

මේ අතර රුසියානු විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ ඇල්ජීරියාව සාම්ප‍්‍රදායිකව රුසියාවේ ප‍්‍රමුඛ වාණිජ සහකරුවන් අතර වන බවයි.
සබඳතා පළල් කළ හැකි නව ක්‍ෂේත‍්‍රයන් වෙත අවතීර්ණ වීමේ වැදගත්කමද ලැව්රොව් අවධාරණය කර තිබේ.

කළ යුතු දේ නොකරයි නම් පසෙකට වී සිටීමට වේලාව හරි – ඇමරිකාව

රුසියාව කළ යුතු දේ නොකරන්නේ නම් පසෙකට වී සිටීම සඳහා සුදුසු කාලය එලඹී ඇති බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප‍්‍රකාශක මාක් ටෝනර් පවසා ඇත.

ඔහු මේ බව පවසා ඇත්තේ දෙරට අතර එකගතාවයෙන් යෝජනා කෙරුණු සටන් විරාමය ආරම්භ වීමට පැය 2ක පමණ කාලයක් ඉතිරිව තිබියදී වීම විශේෂත්වයකි.
එම එකගතාවයෙන් අනතුරුව මධ්‍යස්ථ විපක්‍ෂය ලෙස ඇමරිකාව විසින් හඳුන්වන කණ්ඩායම් වෙත ගුවන් ප‍්‍රහාර එල්ල නොකරන බවට රුසියාව ප‍්‍රතිඥා දුන් බවද ටෝනර් පවසා තිබේ.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ වචන වලට වඩා ක‍්‍රියමාර්ග වලින් තම කාර්යභාරය ඉටුකිරීමට රුසියාව කටයුතු කළ යුතු බවයි.

ඒ සඳහා සටන් විරාමය, එදිරිවාදිකම් අත්හැරීම සහ දේශපාලන පරිවර්තනයක් දක්වාවූ ක‍්‍රියාවලියකට අවතීර්ණ වීමට සහය පළ කළ යුතු බව ටෝනර් සඳහන් කර ඇත.

සටන් විරාමය ආරම්භවීමට සුළු වේලාවකට පෙර රුසියාව හා ඇමරිකාව අතර අත්සන් කෙරුණු එකගතාවයට අනුමැතිය ලබාදීමට එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක කවුන්සිලය විසින් පියවර ගන්නා ලදී.
ISIS හා අල් නුස්රා සංවිධාන වලට එරෙහිව සිදුකරන මෙහෙයුම් නොනවත්වන බවට වන කොන්දේසිය මත සටන් විරාමය හා එක්වීමට සිරියානු රජයද තීරණය කර තිබේ.

ඇසෝසියේටඞ් ප්‍රෙස් පුවත් ආයතනය පවසා ඇත්තේ සටන් විරාමයට පෙර  රුසියාව විසින් ඇමරිකානු හිතවාදී සටන්කාමී කණ්ඩායම් වෙත දැවැන්ත ප‍්‍රහාර එල්ල කළ බවයි.

ජාතික කොඩිය, ජාතික ගීය ඡන්ද වැඩට තහනම්..

ඉදිරියේදී පැවැත්වෙන කිසිදු මැතිවරණයකදී ජාතික ගීය, ජාතික ධජය, ඓතිහාසික ධජ අපේක්‍ෂකයන්ගේ ජය වෙනුවෙන් භාවිතා කිරීම තහනම් යයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එසේම ආගමික සංකේත, ආගමික ධජ, ආගමික ශාස්තෘවරුන්ගේ හෝ ආගමික නායකයන්ගේ ඡයාරූප පළාත් සහ ප‍්‍රාදේශීය ධජද සහිත ප‍්‍රචාරණයද තහනම්ය.

පොහොර සහනාධාරය නවත්වන්නේ නෑ.. ඒත් අනිවාර්යයෙන්ම කාබනික පොහොරවලට යොමු විය යුතුයි..

ජනතාව වෙත ලබා දෙන පොහොර සහනාධාරය කිසි ලෙසකින්වත් නැවැත්වීමට පියවර නොගන්නා බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා, අම්පාර දයා ඇපරල් ශ්‍රවණාගාරයේ පැවති වෛද්‍ය සායනයක් අමතමින් කියා සිටියේය.

ගොවිජනතාව වෙත පොහොර සහනාධාර ලබා දීම සඳහා පසුගිය වසරේ වෙන් කර තිබූ රුපියල් මිලියන තිස් පන් දහසක මුදල වෙනුවට මේ වසරේ දී රුපියල් මිලියන තිස් හත් දහස් පන්සියයක මුදලක් වෙන් කිරීමට රජය පියවර ගත් බව ද ඔහු මෙහිදී සිහිපත් කළේය.

මෙවර කන්නයේ සිට පොහොර වෙනුවට මුදල් දීමට තීරණය කළේ, ගොවීන්ට තමන් කැමති ස්ථානයකින් පොහොර ලබා ගැනීමට අවස්ථාව සැලසීම සඳහායි. 
එහිදී, තම ගොවිබිමට අවශ්‍ය පොහොර ප්‍රමාණය පමණක් යොදවා සෙසු අවශ්‍ය පොහොර අවශ්‍යතාව ගොවිබිම තුළින්ම නිෂ්පාදනය කර ගන්නා කාබනික පොහොර හරහා සම්පූර්ණ කර ගැනීමට මෙමගින් දිරිගැන්විය හැකි වෙතැයි අපේක්ෂා කෙරේ. මෙවැනි ක්‍රියාමාර්ගයක් තුළින් රජයෙන් ලබා දෙන මුදල, අත ඉතිරියක් ලෙස ගොවිබිමේ සෙසු කටයුතු වෙනුවෙන් යෙදවීමට ද ගොවීන්ට අවකාශ සැලසේ.

නමුත්, මෙම තත්ත්වය විපක්ෂ පාර්ශවයන් හා නිසි අවබෝධයක් නොමැති අවස්ථාවාදී පිරිස් දේශපාලනව වාසි ලබා ගැනීම වෙනුවෙන් භාවිත කරමින් සිටීම කණගාටුවට කරුණක් බව ද අමාත්‍ය දයා ගමගේ සඳහන් කළේය.

ගොවීන් වෙනුවෙන් ප්‍රමිතියෙන් අඩු පොහොර ලබා දීමට පසුගිය කාලයේ කටයුතු කිරීම හේතුවෙන් 2001 වසර වන විට හෙක්ටයාරයකින් ලබා ගත හැකි අස්වනු ප්‍රමාණය වූ කිලෝ 4,200ක ප්‍රමාණය, මේ වන විට කිලෝ 3,700 දක්වා පහත බැස තිබේ.

කෙසේ නමුත්, ශ්‍රී ලාංකික කෘෂිකාර්මික ක්ෂේත්‍රය වහාම කාබනික පොහොර ඇතුළු පරිසර හිතකාමී අංශයන් වෙත යොමු විය යුතු බව ද අමාත්‍යතුමා මෙහිදී අවධාරණය කළේය. රටක් ලෙස අප සතුව තිබූ පාරම්පරික වෛද්‍ය ක්‍රමයන් හා වගා ක්‍රමයන් මේ වන විට භාවිතයෙන් ඉවත්ව ගොස් තිබේ. 
දයා ගමගේ මැතිතුමා කියා සිටියේ, දැනට වාර්තා වන වකුගඩු රෝග ඇතුළු රෝග ගණනාවකටම හේතුව ද පරිසර හා සෞඛ්‍ය හිතකාමී දේ භාවිතයට නොගැනීමේ විපාකයක් බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය දයා ගමගේ,
“දයාසරණ සංවර්ධන පදනම මගින් අම්පාර, මහියංගනය, බිබිල හා මොරණරාගල ඇතුළු ප්‍රදේශ ගණනාවකම මේ ආකාරයේ වෛද්‍ය සායන සංවිධාන කරලා තිඛෙනවා. මෙවැනි සායන සංවිධාන කිරීමේ දී අපට තියන අත්දැකීම තමයි, ඒ එක් සායනයක් සඳහා දෙදහසක විතර පිරිසක් සහභාගී වෙනවා. අපි ගමකට ගිහිං මෙවැනි සායනයක් පැවැත්වූවාට පස්සේ, වෛද්‍යවරුන් අපිට කියලා තියනවා ඒ ගමෙන් භාහිර රෝගී අංශවලට එන රෝගීන් ප්‍රමාණය විශාල ලෙස අඩු වෙනවා කියලා. වෛද්‍යවරු අපිට ප්‍රශංසා කරලා තියනවා, වෙන කිසි දෙයක් නැතත් පණු ඛෙහෙත් ටික දෙන්න පුළුවන් වීමම විශාල සමාජ සත්කාරයක් වෙනවා කියලා.”

මේ අතර, 2020 වසර වන විට අම්පාර දිස්ත්‍රික්කයේ සියලූ දෙනාගේ නිවාස අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට පියවර ගන්නා බව ද දයා ගමගේ මහතා සඳහන් කළේය.

රාජිතට බයිපාස් කර ඇත්තේ සුබ නැකතක් බලලා..

හෘදයාබාධයකට ලක්ව සිංගප්පූරුවේදී බයිපාස් සැත්මක් සිදු කරන ලද ඇමති රාජිත සේනාරත්න මහතා ලබන සතියේ ආපසු මෙරටට පැමිණීමට නියමිතය.

මවුන්ට් එලිසබත් රෝහලේදී එම සැත්කම සිදු කිරීමට නියමිතව තිබුනේ පසුගිය බදාදා දින වුවත් එය බ‍්‍රහස්පතින්දා දිනට කල්දමා ඇත්තේ පවුදේ ඥතීන්ගේ ඉල්ලීම මතයි.

ඊට හේතු වී ඇත්තේ ඇමතිවරයාගේ ජන්ම පත‍්‍රය අනුව සුබ නැකතට එම සැත්කම සිදු කිරීමට ඥාතීන් කල්පනා කිරීමයි. ඊට පසුදාම එම නැකත අනුව සැත්කම සිදු කරනු ලැබ ඇත.

යහපාලකයන් දිගටම මිය යන්නේ ඇයි.. – මෙන්න විජිත් රෝහණගේ ජ්‍යෙතිෂ අනාවැකිය..

මෑතකාලීනව ආණ්ඩුවේ දේශපාලඥයින් කිහිප දෙනෙකු මිය යාම සම්බන්ධයෙන් ප‍්‍රවීණ ජ්‍යෙතිශවේදී විජිත් රෝහණ විජේමුණි මහතා අදහස් පල කරයි.

සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ ඒ මහතා මෙසේ අදහස් පල කර ඇත.

ගෝටාභයට අගමැතිකම දෙන්න ජනපති මෛත‍්‍රී එකඟ වුණා..

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට 2015 පැවති මහ මැතිවරණයේදී සන්ධානයේ අගමැති අපේක්ෂකත්වය ලබා දීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කැමැත්ත පල කර තිබු බව ඇමති ඩිලාන් පෙරේරා මහතා ඉරිදා ලංකාදීප පුවත්පතට පවසා ඇත.

මහින්ද රාජපක්‍ෂ මහතාට ඒ වන විට අගමැති අපේක්ෂකත්වය තබා අපේක්ෂකත්වය පවා නොලැබන තත්වයක් පැවතියේ යයිද පවසන ඇමතිවරයා පක්‍ෂයේ සමගිය ඇති කිරීමට ඉදිරිප්ත වූ එම යෝජනාවට තමන් හැර සියළුම මන්ත‍්‍රි කණ්ඩායම එකග වු බවද සදහන් කරයි.

එහෙත් මහින්ද රාජපක්ෂ මහතා ඊට විරුද්ධ වූ නිසා එම යෝජනාව ක‍්‍රියාත්මක නොවූ බවද ඇමතිවරයා සදහන් කර ඇත.

බැකෝ දමා කැපූ වලෙන් පිරිමි ගණිකාවගේ යට ඇඳුමක් හමුවෙයි..

යහ පාලන ආන්ඩුව. මහින්ද යන නමටත් බය බවත් මෛත‍්‍රීය වෙනුවට වෛරය වපුරන ආණ්ඩුවේ ක‍්‍රියාමාර්ග හේතුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජීවිතයට කිසියම් අනතුරක් සිදුවුවහොත් එහි වගකීම වර්තමාන ආණ්ඩුව විසින් සම්පූර්ණයෙන්ම භාරගතයුතු බවත් ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එකාබද්ධ විපක්‍ෂයේ කැදවුම්කරු ප‍්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
ජනවාරි 08 වනදා සිටිම රාජපක්‍ෂ මහතාගෙන් සහ ඔහුට හිතවත් සියළු පාර්ශවයන්ගෙන් යහපාලනයට මුවාවී ආණ්ඩුව පලි ගනිමින් සිටින බව වැඩි දුරටත් පෙන්වා දුන් ප‍්‍රසන්න රණතුංග මහතා මෙරට ජනතාව මේ වෛරී දේශපාලනය මුලිනුපුටා දැමීමට කටයුතු කරන දිනය වැඩි ඈතක නොවන බවත් පෙන්වා දෙයි.

ප‍්‍රසන්න රණතුංග මහතා ඊයේ (27) දෙහි  ඕවිට ප‍්‍රාදේශීය සභා ශ‍්‍රවනාගාරයේදි පැවැති සම්මන්ත‍්‍රණයකදී මේ බව සඳහන් කලේය. මහින්ද ජන පවුර කෑගල්ල සංවිධානය විසින් එය සංවිධානය කර තිබුනි. අභියෝගවලට මුහුණ දීම සඳහා නව බලවේගයක් ලෙස මෙම සම්මන්ත‍්‍රණය නම් කර තිබූ අතර කෑගල්ල දිස්ත‍්‍රීක්කයේ පළාත් සභා පාර්ලිමේන්තු ප‍්‍රාදේශීය සභා සහ නගර සභා නියෝජිතයෝ රැුසක් ඊට එක්ව සිටියහ.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්‍ෂයේ කැදවුම් කරු ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා මෙසේද කීවේය.

‘‘අපි ඉතිහාසය පුරාම රටක් විදිහට විශාල අභියෝග වලට මුහුණ දුන්නා අපි මෑත ඉතිහාසයේ මුහුණ දුන්නු දරුණුම අභියෝගය තමයි කොටි ත‍්‍රස්ථවාදය මේ රටේ ජනතාව කොටි ත‍්‍රස්ථවාදය නිසා නොවිදිනා දුක් වින්දා ඒ තත්වය නැති කරලා රටට නිදහස ලබා දුන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතායි. එතුමා රට මුදාගෙන එය නැවත ගොඩ නැගුවා අද මේ රට යුද්ධයෙන් පසු යම් ප‍්‍රමාණයකට හරි සංවර්ධනය වී තිබේනවා නම් එහි සම්පූර්ණ ගෞරවය හිමිවිය යුත්තේ පසුගිය රාජපක්‍ෂ ආණ්ඩුවටයි.

කොටි ත‍්‍රස්ථවාදය මුලිනුපුටා දැමිම පිළිබඳව කොටින්ට හිතවත් බටහිර රටවල් සහ දෙමළ ඩයස් පොරාව හිටියේ මහින්ද මහත්තයාත් එක්ක ලොකු වෛරයකින් ඒ වෛරය පිරිමහගන්න ඔවුන්ට මේ රටේ එක්සත් ජාතික පක්‍ෂය වගේම විවිධ සිවිල් සංවිධාන වලත් සහයෝගය ලැබුනා එහි ප‍්‍රතිඵලයක් ලෙසයි ජනතාවගේ ආදරය දිනාගත්ත මහින්ද රාජපක්‍ෂ මැතිතුමාව පරාජය කරන්න එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ මේ කණ්ඩායම් වලට හැකි වුනේ මේක දර්ඝ කාලීන කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක් මහින්ද මහතතයාව පරාජය කළාට පස්සේ මේ ආණ්ඩුව යහ පාලනයට මුවා වෙලා රාජපක්‍ෂ පවුලෙනුයි මහින්ද හිතවාදින්ගෙනුයි පලි ගන්නේ නිර්ලැජ්ජිත විදිහටයි. මැතිවරණයට කලින් මේ අය කථාකලා ලැබ්බෝගිනි ගැන මොනගිනියක්වත් ඡුන්දෙන් පස්සේ හොයාගත්තේ නැහැ. පරණ පරණ කාර් එකක් හොයාගෙන මාධ්‍ය සංදර්ශනයක් තිබ්බා. රත්තරන් අශ්වයෝගැන කිව්වා හොයාගත්තේ බූරුවෙක්ව මේ ආණ්ඩුව අස්සයගෙයි පෝනියාගෙයි. බූරුවාගෙයි. වෙනසවත් දන්නේ නැති. බූරු ආණ්ඩුවක් හෙලි කොප්ටර් ගැන කිව්වා මහින්දලට අයිති හෙලිකොප්ටර් තට්ටක්වත් හොයාගත්තේ නැහැ. ශිරන්ති රාජපක්‍ෂ මැතිනිය රත්රන් හංගගෙන ඉන්නවා කිව්වා. හැබැයි. අද වෙනකන් එක රත්තරන් කෑල්ලක් හොයා ගන්න මේ ආණ්ඩුවට බැරි උනා.

දැන් අළුත්ම සෙල්ලම තමයි. රාජපක්‍ෂ වරුන් හංගලා තිබෙන දේවල් හොයන්න. ඒ අයට සම්බන්ධ අයගේ ඉඩකඩන් හාරන එක මහින්ද මහතතයාගේ ප‍්‍රධාන ආරක්‍ෂක නිලධාරීයාගේ නැන්දනියගේ මැදමූලන ඉඩම ඊයේ පෙරේදා එස්.ටී.එෆ් ආරක්ෂාව දාගෙන පැය 06 ක් තිස්සේ හෑරුවා මහින්ද මහත්තයාගේ රත්තරන් හොයන්න. මොනවාද දන්නවාද හමුබවෙලා තියෙන්නේ ආර්. ආර්. කියලා ගහපු පිරිමි යට ඇදුමක් දැන් එෆ්. සී. අයි. ඞී. එක හොයනවාලූ මේ ආර් ආර් කවුද කියලා ආරන්චි විදිහට නම් මේ අර විමල් වීරවංශ මහත්තයා කියපු පිරිමි ගණිකාවගේලූ අර අපේ දිස්ත‍්‍රික්කයෙන් ඡුන්දය ඉල්ලපු මේ දවස්වල මාධ්‍ය සංදර්ශන පවත්වන පිරිමි ගණිකාවගේලූ ලැජ්ජා නැති කම පාර්ලිමේන්තු මන්ත‍්‍රීකමටත් නළුකමටත් වඩා ලොකු බවයි. අපිටනම් කියන්න තියෙන්නේ මේ අය හදන්නේ මාධ්‍ය සංදර්ශන පවත්වලා මහින්ද මහත්තයාට මඩ ගහලා රටේ ප‍්‍රශ්න ජනතාවට අමතක කරන්න
මෛත‍්‍රීපාලනයක් කිව්වාට රටේ තියෙන්නේ වෛරී පාලනයක් මෛත‍්‍රීය කියන්නේ පාලනය කරන දෙයක් නොවෙයි. වඩවන දෙයක් ඒක වත් මේ ආණ්ඩුව දන්නේ නැහැ. 
මේ ආණ්ඩුව ඇයි මහින්දට මේ තරම් බය මහින්දගේ නම කිව්වාමත් අණ්ඩුව වෙව්ලනවා යහපාලනයට මුවාවෙලා රට පුරාම වෛරය වපුරන්නේ ඒ බය නිසයි. ආණ්ඩුවේ මේ පලි ගැනීම් නිසා මහින්ද මහත්තයාගේ ජීවිතයට කිසියම් අනතුරක් සිද්ද වුනොත් එහි වගකීම මේ යහපාලන ආණ්ඩුව සම්පූර්ණයෙන්ම භාරගත යුතුයි.

මේ ආණ්ඩුව බලයට පත්වුන ගමන්ම ගැහැව්වේ ප‍්‍රාදේශය නගර සභා මන්ත‍්‍රීවරුන්ට ඔවුන්ව එෆ්. සී අයි ඞී. එකට ගෙනිච්චා ඊට පස්සේ පිලිවෙලට මහින්ද හිතවාදීන් සියළුදෙනා එෆ්. සී. අයි. ඞී. එකට ගෙනියනවා අපේ අය ගොඩදෙනෙක් මේ දවස්වල ඉන්නේ අල්ලස් කොමිසමෙයි. එෆ්. සී. අයි. ඞී. එකෙයි උසාවියෙයි. කාටහරි තමන්ගේ ඉඩමක් හාරගන්න එහෙම ඔනේ නම්. කුඹුරක් හාන්න එහෙම ඔනේනම් දැන් කරන්න  ඕනේ එක වැඩයි. මහින්ද මහත්තයාගේ නම ගාවලා එෆ්. සී. අයි. ඞී. එකට පැමිනිල්ලක් දාන එක විතරයි. එතකොට එස්.ටී.එෆ්. ආරක්‍ෂාව යටතේ ඉඩම හාරගන්න. ඔයගොල්ලන්ට පුලූවන්.
මහින්දවවත් මහින්ද එක්ක ඉන්න අපිවත් මේ වගේ ඔලමොට්ටල බොලද වැඩ වලින් බය කරන්න බැහැ ගහන්න ගහන්න අපි ශක්තිමත් වෙනවා මේ ආණ්ඩුව ඒකාබද්ධ විපක්‍ෂයට හොදටම බයයි. ඒකයි අපිට කෙනෙහිලි කන් කරන්නේ මොන කෙනෙහිලි කන් කරත් මොනවදිහට පලි ගත්තත් එකාබද්ධ විපක්‍ෂයේ අපි ජනතාව වෙනුවෙන් පෙරට තැබූ පය ආපසු ගන්නේ නැහැ.

අද මේ රට අවුලෙන් අවුලට පත්වෙලා මෙලෝ වැඩක් වෙන්නේ නැහැ. යහ පාලන ආණ්ඩුවේ අගමැති ඇතුළු මැති ඇමතිවරු මාධ්‍යවේදීන්ට කථාකරන්නේ ඊරීයකා කියලා දෛ්‍යවරුන්ට කථාකරන්නේ පාදඩයා කියලා එදා සමෘධිය සියයට 100 කින් වැඩි කරනවා කිව්වා හැබැයි සමෘධි සහනාධාරයෙන් රු 100 ක් කපලා පින් පඩියෙනුත් රු 100 ක් කපලා වැඩිහිටි දීමනාවෙනුත් රු 100 ක් කපලා මේ ආණ්ඩුව සමෘධියෙනුත් ගසා කන ආණ්ඩුවක් පිං පඩියෙනුත් ගසා කන ආණ්ඩුවක් වැඩි හිටි දීමනාවක් හොරා කන ආණ්ඩුවක් රනිල් කියන්නේ එකක් කරන්නේ තව එකක් රැුකියා දස ලක්‍ෂයක් දෙනවයි කිව්වා තියෙන රස්සා ටිකත් නැති කරනවා. මාධ්‍ය නිදහස දෙනවයි කිව්වා අද මාධ්‍යවලට මහා දවාලේ තර්ජනය කරනවා එලි පිටම ලයිසන් එක කැන්සල් කරනවා කිව්වා.
 අද මාධ්‍යවේදීනුත් අසරණ වෙලා මේ ආණ්ඩුව බලයට පත්වුනේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය මාධ්‍ය නිදහස ගැන පම්පෝරි කථා කියලා හැබැයි අද ඒ සියල්ල හීන බවට පත්වෙලා ඉවරයි. ආණ්ඩුවේ යහ පාලන රෙද්ද පල්ලෙන් බේරෙනවා.
පොහොර සහනාධාරය කප්පාදු කරලා මුදල් ඇමති කියනවා මේ දවස්වල වී අස්වනු නෙලන නිසා පොහොර නොතිබුනාට කමක් නැහැ කියලා අනේ රවී කරුණානායක දන්න ගොවි තැන
. එයා හිතාගෙන ඉන්නේ මේ රටේ තියෙන්නේ වී ගොවි තැන විතරයි කියලා පුදුමෙකුත් නැහැ ආණ්ඩුව වගේම ආණ්ඩුවේ ඉන්නෙත් කොහෙද යන්නේ මල්ලේ පොල් ඇමතිවරු ඔය ගොයියා තමයි. යුද්දේ කාලෙදි කිව්වේ හමුදාව අලි මංකඩ කියලා යන්නේ පා මංකඩ කියලා කිලිනොච්චි කියලා ය
න්නේ මැදවච්චි කියලා එහෙම කියපු රවීගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ නිසා මේ ආණ්ඩුව සියළුදේ අනාගෙන ඉවරයි. බොරු කියලා බලයට පත්වුනාම ඔහොම වෙනවා. තවත් රැුවටෙන්න මේ රටේ ජනතාව සුදානම් නැහැ.

Sunday 28 February 2016

ඇමති ඉදිරියේ මන්ත්‍රී බිරිය සහ ස්වාමිපුරුෂයා ගැටුමක

අමාත්‍යවරයකු හමුවීම සදහා කොළඹ අමාත්‍යංශ පරිශ්‍රයකට ගිය එක්සත් ජාතික පක්ෂ තරුණ මන්ත්‍රීවරයකු සහ මන්ත්‍රීවරියකගේ හැසිරීම දුටු අදාළ මන්ත්‍රිවරියගේ ස්වාමිපුරුෂයා දැඩි ලෙස කෝපයට පත්ව ගැටුමක් ඇතිවී ඇතැයි විශ්වාස කටයුතු
ආරංචි මාර්ග පවසයි. මොවුන් දෙදෙනා එසේ කතාබහ කරමින් සිටි ස්ථානයට එම මන්ත්‍රීවරියගේ ස්වාමිපුරුෂයා පැමිණ ඇත්තේ ඇයට නොදන්වාය. එසේ පැමිණෙන විට සබරගමුව පළාත නියෝජනය කරන මෙම තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සහ එම මන්ත්‍රීවරිය අමාත්‍යංශ පිරිශ්‍රයේ සිටිනු දුටු මන්ත්‍රීවරියගේ ස්වාමිපුරුෂයා දැඩි ලෙස කෝපයට පත්ව මන්ත්‍රීවරියට පරුෂ වචනයෙන් බැණ වැදී ඇති බවද වාර්තා වේ. දිගින් දිගටම ගිය මෙම බහින්බස් විම සමථයකට පත් කිරිමට එම අමාත්‍යංශ පරිශ්‍රය භාර ඇමතිවරයාටද මැදිහත්වීමට සිදුවිය.

කෝටි 15ක වංචාවක් කරපු කැබිනට් ඇමති කොමිසමට

කැබිනට් අනුමැතියකින් තොරව ලෝක වෙළෙද මධ්‍යස්ථානය තුළ ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානය නමින් කාර්යාල ගොඩනැගිල්ලක් ස්ථාපිත කරමින් රුපියල් පහළොස් කෝටි හැත්තෑලක්ෂයක් (මිලියන 175) අයථා ලෙස වියදම්
කරමින් සිදු කළ වංචාවක් සම්බන්ධව රජයේ කැඩිනට් අමාත්‍යවරයකු ලබන සතියේ බරපතළ දූෂණ වංචා සෙවීමේ කොමිසමට කැදවීමට නියමිතය. මෙකී කාර්යාල පරිශ්‍රය පවත්වාගෙන යාම සදහා මෙම ජනවාරි මාසය දක්වා මසකට රුපියල් ලක්ෂ විසිහත බැගින් ගොඩනැගිලි කුලිය වශයෙන් වසර දෙකක් පුරා මුදල් ගෙවා ඇතැයි හෙළි වී ඇත. පසුගිය රජය සමයේ හා වත්මන් රජය බලයට පත්වීමෙන් පසුවත් මේ වනතුරු ගොඩනැගිලි කුලිය ලෙස ගෙවා ඇති මුදල රුපියල් මිලියන 62.8කි.
මීට අමතරව මෙම කාර්යාල පිරිශ්‍රය ආරම්භ කිරීමට අවශ්‍ය ගෘහ භාණ්ඩ, ඇද ඇතිරිලි ඇතුළු අනෙක් භාණ්ඩ සදහා සියලු වියදම් කර ඇති බවත්, ඒ සදහා ටෙන්ඩර් කැදවීමේ දී විනිවිද භාවයකින් තොරව ගනුදෙනු සිදු වී ඇති බවත් විමර්ශනවල දී හෙළි වී ඇත.
මෙම කාර්යාලයට ගත් රුපියල් විසිපන්දහසක් වටිනා පුටුවට රුපියල් අනූදහසක් බිල් දමා ඇතැයි ද අනාවරණය වී ඇත. මේ අයුරින් පුටු. මේස, බිම ඇතිරිලි ඇතුළු සියලු දෑ වෙළෙදපොළ මිලට වඩා වැඩි මිල ගණන් දමාගෙන ඇතැයි හෙළි වී ඇත. රාජ්‍ය ආයතනයක් ලෙසින් ලක්සල වෙතින් මිල දී ගන්නා බව හගවා කෝටි ගණනක භාණ්ඩ පුද්ගලික සමාගමකින් මිල දී ගෙන ඇති බවද හෙළි වී තිබේ.
අධිකරණ අමාත්‍යංශය මගින් මහා භාණ්ඩාගාරයෙන් වෙන්කළ මුදල් රුපියල් මිලියන 157ක් මෙසේ ගෙවා ඇති බව අනාවරණය වී ඇති අතර නීතිමය ගැටලු බේරුම්කරණ මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය ද මෙම පරිශ්‍රයේ සිදු වූ කාර්යභාරයක් පැහැදිලිව අනාවරණය වී නොමැත.
වසර දෙකක් පුර මිලියන 157ක් වියදම් කළ මෙම පිරිශ්‍රයෙන් ආදායම් ලෙස ලැබී ඇත්තේ එහි පැවැත්වූ උත්සවයක් සදහා අයකරුනු ලැබූ රුපියල් හතළිස්දහසක මුදලක් පමණී. මෙහිදී  සිදු වී ඇති අක්‍රමිකතාවන් පිළිබද ප්‍රකාශ සටහන් කිරීමට වගකිවයුතු නිලධාරීන් කිහිප දෙනකුම බරපතළ දූෂණ වංචා සෙවීමේ කොමිසමට කැදවා තිබිණි.
මෙහි දී කරන ලද විමර්ශනවල දී මෙම ආයතනය ආරම්භ කිරීම සම්බන්ධව කැබිනට් අනුමැතිය ලබාගන්නා ද යන ප්‍රශ්නය පැන නැගී ඇති අතර ටෙන්ඩර් අක්‍රමිකතා ගැන ද හෙළි වී ඇත. මේ අනුව අදාළ සිද්ධීන්වලට වගකිව යුතු විෂය භාර කැබිනට් අමාත්‍යවරයා බරපතළ වංචා කොමිසමට කැදවීමට තීරණය වී ඇත.

ශිරන්ති, නාමල් අත්අඩංගුවට ගන්නයි යන්නේ.. ඊළඟ මාවත් ගනී..

තම බිරිඳ ශිරන්ති රාජපක්‍ෂ, පුත් නාමල් රාජපක්‍ෂද අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ඒ මහතා මෙසේ කියා සිටියේ අද පෙරවරුවේ දළඳා මාළිගාව වැඳ පුදා ගැනීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය අමතමිනි.

ඉන් පසු තමන්ද අත්අඩංගුවට ගනු ඇතැයිද හිටපු ජනාධිපතිවරයා කියා සිටියේය.

දකුණේ පාතාල වෙඩි වරුසාවක්.. අයෙක් මරුට.. දෙදෙනෙක් රෝහලේ..

තංගල්ල වීරකැටිය ප‍්‍රදේශයේ සිදුව ඇති වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලැබ රෝහල්ගත කර තිබේ.
මෙසේ වෙඩි තබා ඇත්තේ මිනීමැරුමක විත්තිකරුවන් ලෙස චෝදනා ලැබු දෙදෙනෙකු හා තවත් අයෙකුට වන අතර වෙඩි තැබී අය සොයා පොලීසිය මෙහෙයුමක් අරඹා ඇත

තම හිතවතෙකුට කථිකාචාර්ය ධුරයක් දෙන්නැයි ඇමති කිරිඇල්ල කැළණි සරසවියට දන්වයි.. ලිපිය මෙන්න…

තම දන්නා හඳුනන හිතවතෙකුට දේශපාලන විද්‍යා කථිකාචාර්ය ධුරයක් ලබා දෙන්නැයි ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා විසින් කැලණිය විශ්ව විද්‍යාලයේ අංශාධිපතිවරයා වෙත ලිඛිතව දන්වා ඇත.
සමාජ ජාල ඔස්සේ හුවමාරු වෙමින් ඇති අදාල ලිපිය මෙහි දැක්වෙයි.