Pages

anan manan

Pages

Monday 29 February 2016

ත‍්‍රස්තවාදයෙන් ගැලවී පලා යා හැකි කෙම්බිම් නැහැ – ලැව්රොව්

ත‍්‍රස්තවාදයෙන් සැගවී සිටිය හැකි ක්‍ෂේම භූමි නොපවතින බව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් පවසා ඇතැයි වාර්තා වේ.
ඔහු පවසා ඇත්තේ ත‍්‍රස්තවාදය පරාජය කිරීමට නම් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සම්බන්ධීකරණය යටතේ ජාත්‍යන්තර නීතිය ගරු කරමින් සියලූදෙනා එක්ව සටන් වැදිය යුතුව ඇති බවයි.

මෙහිදී දෙබිඩි ප‍්‍රතිපත්ති මුළුමනින්ම අතහැර දැමිය යුතු බවද ලැව්රොව්ගේ අදහසයි.

මානව ශිෂ්ඨචාරයට අභියෝගයක් එල්ල කර ඇති ISIS ත‍්‍රස්තවාදය පරාජය කිරීම සඳහා නොඑකගතා, පෞද්ගලික අභිමතාර්ථ සහ පූර්ව කොන්දේසි ඉවත දැමිය යුතු බවද රුසියානු විදේශ අමාත්‍යවරයා පවසා ඇත.

ඔහු මේ අදහස් දක්වා ඇත්තේ ඇල්ජීරියානු පුවත්පතක් සමග සිදුකළ සම්මුඛ සාකච්ඡවක් අතරතුරදීය.
රුසියාව හා ඇල්ජීරියාව එකම අරමුණක් කරා එක්ව කටයුතු කරමින් සිටින බවද දෙරට අතර සබඳතා පිළිබඳ අදහස් දැක්වූ සර්ජි ලැව්රොව් සඳහන් කර තිබේ.

ත‍්‍රස්තවාදය පරාජය කරන ආකාරයන් පිළිබඳ අදහස් හුවමාරු කරගැනීම සඳහා දෙරටේ විදේශ සේවාවන් අතර ව්‍යූහයක් ක‍්‍රියාත්මක වන බවත් ත‍්‍රස්තවාදී ආක‍්‍රමණිකත්වයන් සමග ගණුදෙනු කිරීමේදී රුසියාව සහ ඇල්ජීරියාවට අත්දැකීම් ඇති බවද ඔහු පවසා ඇත.

මේ අතර රුසියානු විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ ඇල්ජීරියාව සාම්ප‍්‍රදායිකව රුසියාවේ ප‍්‍රමුඛ වාණිජ සහකරුවන් අතර වන බවයි.
සබඳතා පළල් කළ හැකි නව ක්‍ෂේත‍්‍රයන් වෙත අවතීර්ණ වීමේ වැදගත්කමද ලැව්රොව් අවධාරණය කර තිබේ.

No comments:

Post a Comment