Pages

anan manan

Pages

Monday 29 February 2016

රුසියාව හා තුර්කිය අතර ගෑස් මිල අර්බුදයක්

රුසියාව හා තුර්කිය අතර ඇතිව තිබෙන උණුසුම්කාරී තත්වය තවත් වර්ධනය කරමින් ගැස්ප්‍රොම් සමාගම හා තුර්කි සමාගම් කිහිපයක් අතර ස්වභාවික ගෑස් මිල අර්බුදයක් හටගෙන ඇත.
තුර්කිය වෙත යන රුසියානු ස්වභාවික ගෑස් වලින් 50%ක් මෙහෙයවන බල්ගේරියානු බල්ගර්ට‍්‍රාන්ස්ගෑස් සමාගම පවසා ඇත්තේ පසුගිය වසරේ මෙම කාලයට සාපේක්‍ෂව ගෑස් සැපයුම 23%කින් කඩා වැටී ඇති බවයි.

පසුගිය වසරේදී තුර්කි සමාගම් වෙත 10.25%ක වට්ටමක් ලබාදීමට ගැස්ප්‍රොම් සමාගම කටයුතු කර ඇති අතර සිය බලශක්ති නිපැයුම්වල මිල වේගයෙන් පහත වැටීම නිසා මේ වසරේදී වට්ටම කපා හැරීමට ගැස්ප්‍රොම් තීරණය කර ඇතැයි පැවසේ.

ජනවාරි මස සැපයුම් සඳහාද වට්ටම ඉවත් කළ මිල බලපෑ අතර පෙබරවාරි 21වනදා සිදුකළ යුතු ගෙවීම් කිරීමේදී තුර්කි සමාගම් විසින් මුළු මිල නොගෙවා වට්ටම දුන් පසු මිල ගෙවා ඇතැයි වාර්තා වේ.

මේ නිසා තුර්කි සමාගම් විසින් නොගෙවූ මුදලට සාපේක්‍ෂ ගෑස් ප‍්‍රමාණයක් සැපයුමෙන් කපා හැරීමට ගැස්ප්‍රොම් තීරණය කර ඇත.
එනර්කෝ එනර්ජි, බොස්ෆරස් ගෑස්, අව්රාස්යා ගෑස්, ෂෙල්, බාටි හට්ටි සහ කිබාර් එනර්ජි යන සමාගම් මින් අර්බුදයට පත්ව තිබේ.
ඔවුන් පවසන්නේ සිය ගණුදෙනුකරුවන් සමග ගිවිසුම්වලට එළඹ ඇත්තේ වට්ටම සහිත මිලට සාපේක්‍ෂව බැවින් වට්ටම ඉවත්කිරීමෙන් තමන් විශාල ලෙස පාඩු ලබන බවයි.

පෙබරවාරි 1-24 අතර කාලය තුළ රුසියාව විසින් ගෑස් ඝන මීටර් මිලියන 117ක් සැපයීම කපා හැර ඇති අතර එහි වටිනාකම ඩොලර් මිලියන 30කි.

No comments:

Post a Comment