Pages

Subscribe:

Thursday, 11 August 2016

අභාවප්‍රාප්ත වූ විජය නන්දසිරි මහතාගේ දේහය නිවසට

අභාවප්‍රාප්ත වූ ප්‍රවීන රංගන ශිල්පී විජය නන්දසිරි මහතාගේ දේහය අද දහවල් ගල්කිස්ස ටෙම්ප්ලස් පාරේ පිහිටි ඒ මහතාගේ නිවසට රැගෙන ආවා. ඒ අවස්ථාවට කලා කරුවන් රැසක්ද එක්ව සිටි අතර විජය නන්දසිරි මහතාගේ අවසන් කටයුතු11වන (බ්‍රහස්පතින්දා) දින සිදු කිරීමට නියමිතයි. දේහය නිවසට රැගෙන ආ අවස්ථාවේදී ගත් වීඩියෝවක් පහතින් බලන්න.

2016-08-09

විජය නන්දසිරි පෙරේදා රඟපෑ අපූරු ප‍්‍රහසනය මෙන්න.. ‘අලූත් හොරෙක් ඕනෑ’

ඊයේ දිනයේ අභාවප‍්‍රප්ත වූ ප‍්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරි මහතා පෙරේදා දිනයේද සිය අලුත්ම වේදිකා නාට්‍යයේ රංගනයේ යෙදී තිබේ.

‘අලූත් හොරෙක්  ඕනෑ’ නවතම වේදකා නාට්‍ය ඔහු අවසන් වරට රංගනයේ යෙදුනු නාට්‍ය විය.
ඔහුගේ අවසන් වේදිකා නාට්‍යයේ දර්ශණකි මේ.


තරුණිය සියළු දේ පෙම්වතා වෙනුවෙන් පරිත්‍යාග කරලා

දුරකතනයෙන් වූ කතාබහකින් පසු හඳුනාගත් දාහත් වියේ පසුවන ළාබාල තරුණියක රවටා ඇය කොළඹ ගෙන්වා ගෙන ඇයව අපචාරයට ලක්කොට පලා ගිය ජංගම දුරකතන පෙම්වතකු අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ ආරම්භ කර ඇති බව දංකොටුව පොලිසිය කීය. මෙසේ අතවරයට පත්වී ඇත්තේ දංකොටුව පොලිස් වසමේ ගමක ජීවත් වන තරුණියකි. ඇගේ පියා පළාත් පාලන ආයතනයක සේවය කරන අතර ඇය සිය පාසල් අධ්‍යාපනය අතරමඟදී කඩාකප්පල් කර ගෙන ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක මැහුම් සේවිකාවක ලෙසින් සේවයට ගොස් ඇති බව කියයි.
දිනක් ඇගේ ජංගම දුරකතනයට මිස් කෝල් එකක් පැමිණ ඇති අතර පසුව ඒ කවුදැයි දැන ගැනීම පිණිස ඇමැතුමක් ගත් විට මිස් කෝල් එක දුන් තැනැත්තා තමා අතින් නොම්බරය වැරැදුණු බව දන්වා දුරකතනය විසන්ධි කර ඇත. පසුව එම අංකයෙන්ම ඇමැතුමක් ලැබී ඇති අතර කතා කිරීමේදී තමා වැරැදීමෙන් ඇමැතුම දුන් තැනැත්තා යැයි කියා ඇය ගැන විස්තර විමසා ඇත.
පසුව ඔහු විටින් විට ඇමැතුම් ලබා දෙමින් ඇය හා කතා බහ කර ඇත. මේ නිසා ඇය නොදැනුවත්වම ඔහු කෙරෙහි ආදරයක් ඇතිවී සුළු කාලයකින් ඔවුන් පෙම්වතුන් බවට පත්වී ඇත. ඇගේ විස්තර කීවත් ඇයට ඔහුගේ තොරතුරු දැන ගැනීම පසෙක තබා ඔහු කෙරෙහි විශ්වාසයක් ගොඩනඟාගෙන ඇත.
කෙසේ හෝ මෙම අපූරු ජංගම දුරකතන පෙම්වතා ඇයව හමුවීමට අවශ්‍ය බව දන්වා දෙදෙනා හමුවී මුණගැසී කතා බහ කිරීමට තීරණයක් ගෙන ඒ අනුව ඇය ඔහු හමුවීමට ගෙදරටත් හොරා දිනක නිවාඩුවක් ගෙන කොළඹ ගොස් ඇත. එහිදී ඔවුන් දැන හඳුනාගෙන පසුව එදින රාත්‍රි ඔහු සමඟ හෝටල් කාමරයක ගත කිරීමටද ඇයට සිදුව ඇති අතර සියලු දේ ඔහු වෙනුවෙන් පරිත්‍යාග කර ඇත. තම අවශ්‍යතාවන් ඉටු කර ගත් ඔහු පසුදින උදේ ඉතාමත්ම සූක්‍ෂ්ම ලෙසින් ඇය මඟ හැර ගොස් ඇති අතර ඇය ඇඬූ කඳුළින් ගෙදර පැමිණ සිදුවූ සියලු දේ නොවලහා මවට කියා පසුව පොලිසියට ගොස් පැමිණිලි කර ඇත.

ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ හමුවක් අද


වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත විවාදයට ගැනීමේ දී ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් හමුවක් අද (09) පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන බව වාර්තා වේ. ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක හතරේ දී උදෑසන දහයට පැවැත්වීමට නියමිතව ඇත. මෙම රැස්වීම සඳහා එක්වන්නැයි ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දන්වා තිබේ.
එම හමුවේ දී වැට් සංශෝධන පනත් කෙටුම්පත් ඉදිරිපත් වන ආකාරය සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් කිරීමට ද ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් බලා‍පොරොත්තු වන බව සඳහන් වේ.
මෙම හමුව සඳහා කොරියාවේ සංචාරයක නිරත ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැර අනෙක් සියලු දෙනා එක්වීමට නියමිතව ඇත. සියයට 11ක්ව පැවැති වැට් බදු අගය 15 දක්වා වැඩිකිරීම ඇතුළු වැට් සංශෝධන සඳහා විරුද්ධ වන බව ඒකාබද්ධ විපක්ෂය මෙයට පෙර තීරණය කර තිබිණි.










 


Sunday, 7 August 2016

ගුටි කෙලියක්.. යෝෂිත පොලීසියට..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්‍ෂ මහතා කුරුඳුවත්ත පොලීසිය විසින් කැඳවා තිබේ.

රග්බි තරගයක් අතරතුරදී සිදු වූ ගැටුමක් සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීමට ඔහු කැඳවා ඇති අතර යෝෂිත රාජපක්‍ෂ නියෝජනය කරන ක්‍රීඩා සමාජය හා නුවර ක්‍රිඩා සමාජය අතර මෙම ගැටුම සිදුව ඇත්තේ ශ්‍රී ලංකා සුපර් සෙවන් රග්බි තරගාවලිය අතරතුරදීය.

ඉතිහාසයේ මහා එතනෝල් වංචාව රේගුවෙන් අල්ලයි.. මුදාලන්නයි දැඩි දේශපාලන බලපෑම්..

ලංකා ස්කාගාර සංස්ථාවේ හිමිකරු හැරී ජයවර්ධන විසින් වසර ගණනක් තිස්සේ කරගෙන ආ එතනෝල් ජාවාරමක් හෙලි කරගැනීමට ශ්‍රී ලංකා රේගු නිලධාරීන් සමත්ව තිබේ.

රේගු නිළධාරීන් පවසන අන්දමට මෙම වංචාව සූක්ෂම ආකාරයෙන් වසර විස්සකටත් අධික කාලයක් ඔස්සේ කරගෙන ඇති බව හෙළිවී තිබේ. සාමාන්‍යයෙන් මෙරටට එතනෝල් ගෙන්වන්නේ ලීටර් 25000 ටැන්කි (Tankers) තුලයි. නමුත් ඉතිහාසය පුරාම මොවුන්ගේ ඉන්වොයිස් තුල ලීටර් 20000 සිට 22000 දක්වා ප්‍රමාණයක් සදහන් වීම රේගු නිළධාරීන්ගේ සැකයට භාජනය වී ඇත. වැටලීම සිදු කරන අවස්ථාවේ මේ සතියට පමණක් ගෙන් වූ ටැංකි දහයකට අධික ප්‍රමාණය තුල නියමිත ලීටර් 25000ම තිබූ බවත්, ඉන්වොයිස් කිරීමේදී අවම වශයෙන් ලීටර් 2000ක් වත් අඩුවෙන් මේ සියළුම ටැංකි වල ප්‍රමාණය සදහන් කර තිබූ බවත් රේගු ආරංචි මාර්ග සදහන් කරයි.

වත්මන් රජයේ ඇමති ********** මෙම සිද්ධියට බලපෑම් කරන බවත්, මිලියන 250ක් අය කරගෙන නිදහස් කරන ලෙසටත් රේගු නිළධාරීන්ට උපදෙස් දී තිබේ. හැරී ජයවර්ධන විසින් මෙම මුදල මේ වනවිටත් ගෙවා මෙම සිද්දිය මාධ්‍ය වලින් වසන් කිරීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

මේ පිලිබද වැඩිදුර පරීක්ශණ සදහා මොරටුව විශ්ව විද්‍යාලයේ සහය ලබා ගැනීමට රේගුව අදහස් කරන අතර, ඒ වෙනුවෙන් දැඩි බලපෑම් රජයේ පාර්ශ්වයෙන් එල්ල වන බව වාර්තා වේ. රජයට සිදුවෙන ප්‍රකෝටි ගණනක පාඩුව මිලියන 250කින් නිදහස් කිරීම පිලිබදව රේගු නිළධාරීන් කණස්සල්ල පළ කරති. ඉදිරියේදී ගෙන ඒමට නියමිත රේගු පණත මෙවන් ක්‍රියා වලට උඩ ගෙඩි දීමක් ලෙසත් ඔවුන් සදහන් කරයි.
ප්‍රේමදාස පාලන සමයේදී මෙම ස්කාගාර සංස්ථාව කෝටි 400ක් වැනි මුදලකට හැරී ජයවර්ධනට ලබාදුන් කාලයේ සිට මෙම වංචාව සිදුවන්නට ඇති බව මොවුන්ගේ අදහසයි.

මෙම සිද්ධිය යටපත් කිරීමට ආණ්ඩුවේ ප්‍රභලයින් උත්සාහ කරන බව වාර්තා වන අතර වැඩිදුර පරීක්ශණ මේ වනවිටත් සීදූවේ තිබෙන ස්කාගාර සංස්ථා ගුදම තුල සිදු කෙරෙමින් පවතී.
උපුටා ගැනීම – slnewslanka

දෙරණ ස්ටාර් සිටි කිරුළ Supper Gangsters කණ්ඩායමට


ප්‍රේක්ෂක හද සන්තානයේ දිදුලන තරු මන්දාකිණිය දෙරණ ෆෙයාරන් ලව්ලි ස්ටාර් සිටි රියලිටි වැඩසටහනේ කිරුළ හිමි කර ගැනීමට දුලිකා මාරපන ප්‍රමුඛ සුපර් ගැන්ස්ටර් කණ්ඩායම සමත් වුණි.

ස්ටාර් සිටි අවසන් මහා තරගය ඊයේ(06) රාත්‍රීයේ අති උත්කර්ශවත් ලෙස පැවැත්වුණු අතර ඊට රංගන ශිල්පීන්, ගායක ගායිකාවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියේය.

මීට මාස 06කට පමණ ප්‍රථම ස්ටාර් සිටි රියලිටි වැඩසටහන ආරම්භ වූණි.

රංගන ශිල්පීන් සහ ගායක ගායිකාවන් 25 දෙනෙකුගෙන් කණ්ඩායම් 05ක් යටතේ  ආරම්භ වූ මෙම වැඩසටහන මෙරට ප්‍රථම සහ එකම රියලිටි වැඩසටහනයි.

කණ්ඩායම් පහ කරට කර තරග වදිමින් ඊයේ අවසන් මහා තරගයේදී කිරුළ හිමිකර ගැනීම සඳහා දුලීකා මාරපන ප්‍රමුඛ සුපර් ගැන්ස්ටර් සහ රෝෂාන් රණවන ප්‍රමුඛ ඇම්ර්සන් ෆයිටර්ස් තරග වැදුණි.

එහිදී  සිය ගායන සහ රංගන කුසලතා මනාව විදහා දක්වමින් කණ්ඩායම් දෙකම කරට කර තරග වැදුණු අතර අවසානයේ ප්‍රේක්ෂක මනාපය මත දුලීකා මාරපන ප්‍රමුඛ සුපර් ගැන්ස්ටර් කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කළේය.


 
Blogger Templates