Pages

Subscribe:

Saturday 29 October 2016

ලංකා පාර්ලිමේන්තුව තුළත් ලිංගික හිංසනයන් වෙනවා.


ලොව පුරා සිටින ඇතැම් මන්ත්‍රීවරියන්ට දේශපාලඥයන්ගේ ලිංගික හා වෙනත් බලපෑම්වලට ගොදුරුවන බව පැවසෙන අන්තර් පාර්ලිමේන්තු සංගමයේ (IPU) නව වාර්තාව පසුගියදා එළිදක්වනු ලැබුවා.  අප්‍රිකාව, ආසියාව, යුරෝපය වගේම ඇමෙරිකානු කලාපය සහ අරාබි රටවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම වාර්තාව සකසා ඇති අතර, එම රටවල මන්ත්‍රීවරියන් 55 දෙනෙකු මෙම කරුණු විමසීමට බඳුන් වී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ව, මන්ත්‍රීවරුන් විසින් ලිංගික අඩන්තේට්ටම්වලට ගොදුරු කරගැනීම බොහෝ සේ ඉහළ ගොස් ඇති බව අන්තර් පාර්ලිමේන්තු සංගමය (IPU) පෙන්වා දී තිබේ. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ගෙන් එල්ලවන නුසුදුසු වචන මන්ත්‍රීවරියන් සුලභව ගොදුරුවන කාරණයක් බවද එම වාර්තාව පෙන්වා දී තිබේ.
මේ පිළිබදව අදහස් දක්වන ශ්‍රී ලංකාවේ හිටපු මන්ත්‍රීවරියක වන උපේක්ෂා ස්වරණමාලි මහත්මිය
මේ ගැටලුව හැමෝගෙන්ම එල්ල වෙන්නෙ නැහැ. ඒ වගේ මානසිකත්වයෙන් යුක්ත අතලොස්සක් පමණයි පාර්ලිමේන්තුවේ ඉන්නෙ. හැබැයි, ඒ අතලොස්ස කරන දේ ප්‍රමාණවත්" යැයි හිටපු මන්ත්‍රීවරිය පෙන්වා දෙයි.
මහජන නියෝජිතයන් හැටියට මන්ත්‍රීවරියන්ට වෙනත් දේශපාලනඥයන් සමග කටයුතු කිරීමට සිදුවන බවත්, එවැනි අවස්ථාවලදී ඇතැම් දේශපාලනඥයන්ගෙන් කාන්තාවන් වීම නිසාම තමන්ට අනවශ්‍ය බලපෑම් එල්ල වූ බවද ඇය සඳහන් කර ඇත.
මට පෞද්ගලික අත්දැකීමක් තියෙනවා. මම දේශපාලනයට එන්නේ විවාහ වෙලා. ඒ අවස්ථාවේ මට තිබුණ පිළිගැනීම සහ මම දික්කසාද වීමෙන් පසු ලැබුණ පිළිගැනීම හාත්පසින්ම වෙනස්. ඉන් පස්සේ මට අනවශ්‍ය යෝජනා, ප්‍රේම සම්බන්ධතා ගොඩනගා ගැනීම සඳහා වූ යෝජනා ආදිය ඉදිරිපත් වුණා. එවැනි යෝජනා ඉදිරිපත් කළ පුද්ගලයන් මට උදව් කරන බව පවසමින් ඔවුන්ගේ කාර්යාලවලට එනමෙන් මට ආරාධනා කළා.
පිටරට සංචාර යෑම සඳහා ඇතැම් දේශපාලනඥයන් මට ආරාධනා කළා. පිටරට ගියාම ඔවුන් හමුවීමට ටෙලිෆෝන් කරන්න කියනවා. ඒ වගේ අත්දැකීම් මට තියෙනවා" ඇය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකාව තුළ මෙය දරුණු ඛේදවාචකයක් බව පවසා ඇති හිටපු මන්ත්‍රීවරිය, සමස්තයක් වශයෙන් වෙළෙඳ දැන්විම් ඇතුළුව බොහෝ මාධ්‍ය වැඩසටහන් තුළ පවා යම් මට්ටමින් කාන්තා හිංසනයක් සිදුවන බවද පවසා තිබේ.

0 comments:

Post a Comment

 
Blogger Templates