Pages

anan manan

Pages

Monday 19 September 2016

සුළං විදුලි බලාගාරය නිසා පක්ෂි සංහාරයක්

යෝජිත මන්නාරම, සුළං විදුලි බලාගාර උද්‍යාන ව්‍යාපෘතිය හේතුවෙන් විශාල පක්ෂි සංහාරයක් සිදුවන බව පරිසරවේදීන් පවසයි.

ශ්‍රී ලංකා තරුණ සත්ත්වවේදීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ මන්නාරම් දූපතේ උතුරු කොටසේ ආදම්ගේ පාළම, සමුද්‍ර ජාතික උද්‍යානය සහ ප්‍රධාන පක්ෂි පර්යටන මාර්ගයක් හරහා අදාළ සුළං විදුලි බලාගාරය ඉදිකිරීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා දී ඇති බවයි.

 වසරකට පක්ෂීන් මිලියන සංඛ්‍යාවක් එම මාර්ගය ඔස්සේ ශ්‍රී ලංකාවට ඇතුළු වීම හා පිටවීම සිදුවන බව ශ්‍රී ලංකා තරුණ සත්ත්වවේදීන්ගේ සංගමය පෙන්වා දෙයි.

එබැවින් අදාළ ඉදිකිරීම තුළ පරිසර හානියක් සිදුවන බැවින් එය නවතා දැමීමට එක්වීම සමස්ත ශ්‍රී ලංකා වාසීන්ගේ යුතුකමක් බව එම සංගමය අවධාරණය කරයි.

 එමෙන්ම යෝජිත සුළං බලාගාරය සඳහා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව අනුමැතිය ලබාදීමේ දී අක්‍රමිකතා සහ විෂමතා සිදුව ඇති බවට ශ්‍රී ලංකා තරුණ සත්ත්වවේදීන්ගේ සංගමය චෝදනා කරයි.

No comments:

Post a Comment