Pages

anan manan

Pages

Monday 19 September 2016

රේගු නිලධාරීන් අකුරට වැඩ කරයි

රේගු නිලධාරීන් අකුරට වැඩි කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

යෝජිත රේගු පනතට එරෙහිව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බව වාර්තා වෙයි.

 රේගු වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ නව රේගු පනතක් ගෙන ඒම අවශ්‍ය නොවන බවයි.

 පවතින රේගු පනතට සංශෝධන එක් කිරීම ප්‍රමාණවත් බව ඔවුන් පවසයි.

ඒ අනුව රේගු නිලධාරීන් තම රාජකාරියට අදාළ සේවාවල පමණක් නිරත වන අතර අමතර රාජකාරීවලින් වැළකී සිටියි.

 මේ හේතුවෙන් ශ්‍රී ලංකා රේගුවේ කටයුතුවලට දැඩි බලපෑමක් සිදුව ඇති බව වාර්තා වෙයි.

  කෙසේවෙතත් ගුවන්තොටුපොළ තුළ මෙම අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක නොවන බව රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක මහතා සඳහන් කළේය.

No comments:

Post a Comment