Pages

anan manan

Pages

Sunday 18 September 2016

කෘෂි කාර්මික කටයුතුවලට අඩු මිලට විදුලිය

කෘෂි කාර්මික කටයුතු සඳහා අඩු මිලට විදුලිය සැපයීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඒ අනුව කෘෂිකාර්මික කටයුතුවලදී ජලය පොම්ප කිරීම සඳහා රාත්‍රී 10 සිට පෙරවරු 6 දක්වා අඩු මිලට විදුලිය සැපයීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ලබන මස 01 වැනිදා සිට මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන අතර පළමු වැඩසටහන යාපනය දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට නියමිත බව රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා කියා සිටියේය.

බදුල්ල ප්‍රදේශයේ පැවති විදුලි ජංගම වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

No comments:

Post a Comment