Pages

anan manan

Pages

Sunday 18 September 2016

ඇත්ගොව්වාට වැඩ වරදියි

රත්නපුර, මහ සමන් දේවාලයේ බීමත්ව කටයුතු කළ ඇත්ගොව්වෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රත්නපුර මූලස්ථාන පොලීසිය විසින් එම ඇත්ගොව්වා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

අදාළ පුද්ගලයා බීමත්ව ඇතෙකුට හිංසා  කර ඇති අතර එහිදී එම ඇතා කලබලයට පත්ව ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් පොලීසිය මැදිහත්වීමෙන් නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කර තිබේ.

ඒ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකදී අදාළ ඇත්ගොව්වා බීමතින් සිට ඇති බවට අනාවරණය වීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

 අදාළ සැකකරු රත්නපුර වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව සඳහන්ය.

No comments:

Post a Comment