Pages

anan manan

Pages

Sunday 18 September 2016

නුවර-නුවරඑළිය ප්‍රධාන මාර්ගය අවහිරයි

උද්ඝෝෂණයක් හේතුවෙන් නුවර - නුවරඑළිය ප්‍රධාන මාර්ගය පුස්සැල්ලාව ප්‍රදේශයෙන්  සම්පූර්ණයෙන්ම අවහිර වී තිබේ. 

පුස්සැල්ලාව පොලීසියේ සිරමැදිරියක් තුළදී සැකකරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පුස්සැල්ලාව පොලීසියට විරෝධය පළකරමින් ප්‍රදේශවාසීන් පිරිසක් විසින් මෙම උද්ඝෝෂණය පවත්වන බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.

මාර්ගයේ ටයර් පුළුස්සා දමමින් ඔවුන් විරෝධතාවයේ නිරත වන බව සඳහන්ය.

අධිකරණය මගින් අත්ඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ සැකකරුවෙකු ඊයේ(17) පුස්සැල්ලාව පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබු අතර ඔහු ඊයේ රාත්‍රී පොලිස් සිරමැදිරිය තුළදී සියදිවි හානි කර ගෙන තිබුණි.

කෙසේවෙතත් මෙම සිද්ධියට අදාළව එම අවස්ථාවේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට පියවර ගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

No comments:

Post a Comment