Pages

anan manan

Pages

Friday 26 February 2016

ෆොන්සේකා මුලින්ම ෆිල්ඩ් මාෂල් - මන්ත්‍රී - දැන් ඇමති

යහපාලන ආණ්ඩුව පත්වී අවුරුද්දක් ගත වී ඇත. එම අවුරුද්දක කාලය තුළ තනතුරු තුනකට උරුමකම් කියන්නට සරත් ෆොන්සේකා මහතාට හැකි විය. යහපාලන ආණ්ඩුව පත් වී මාස 07කින් ෆීල්ඩ් මාෂල් ධූරයට උරුමකම් ලැබූ සරත්
ෆොස්සේකා මහතා ඉන් අනතුරුව එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතාගේ අභාවයෙන් පසු හිස්වූ මන්ත්‍රී ධූරයේ දිවුරුම් දුන්නේය. ඉන් නොනැවුතුණු සරත් ෆොන්සේකා මහතා අද දින ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.
කෙටි කාලයක් තුළ මෙරට ඉතිහාසයේ ඉහත තනතුරු තුනටම හිමිකම් කියපු එකම පුද්ගලයා වන්නේ සරත් ෆොන්සේකා මහතාය. මහින්ද රාජපක්ෂ සමයේ සිරගතව සිට සිය මන්ත්‍රීධූරය සහ සිය වරප්‍රසාද සියල්ලම අහිමී වූ එතුමාට යහපාලනය උදා වීමෙන් පසු සුභ ගමන් මගක් උදා වී තිබෙන බව පෙනෙන්නට තිබේ.

No comments:

Post a Comment