Pages

anan manan

Pages

Friday 26 February 2016

මහින්දගේ ආරක්ෂකයෙකුගේ ඥාතියෙකුට අයත් ඉඩමක් හාරයි

රාජපක්ෂගේ ආරක්ෂක නිලධාරියෙකු වන මේජර් නෙවිල් වන්නිආරච්චිගේ වීරකැටිය - අත්තනයාල ප්‍රදේශයේ පිහිටි නිවස සමීපයේ ඉඩමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද හදිසි පරීක්ෂාවකට ලක් කළා. රහස් පොලීසියේ නිලධාරීන්, වලස්මුල්ල අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුව මෙම පරීක්ෂාව සිදුකළ බවයි වීරකැටිය පොලීසියේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළේ මේජර් නෙවිල් වන්නිආරච්චිගේ බිරිඳගේ මවට අයත් ඉඩමක් පොලීසිය මෙලෙස පරීක්ෂාවට ලක් කළ බවයි. පොලීසිය, බැකෝ යන්ත්‍රයක් යොදවා වළවල් කිහිපයක් ද හෑරූ බව එහි සිටි හිරු වාර්තාකරු කියා සිටියා.මෙම පරීක්ෂාවට හේතු කවරේදැයි හිරු ප්‍රවෘත්ති අංශය පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකරගෙන් විමසීමක් කළත් ඔහු කියා සිටියේ මේ පිළිබඳව තමන්ට තොරතුරු වාර්තාවී නොමැති බවයි.කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක නිලධාරින් ලෙස කටයුතු කළ පුද්ගලයින් පිරිසක් සිදුකර ඇතැයි කියන දූෂණ වංචා රැසක් පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය පසුගිය 10 වනදා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට නියෝග කළා. හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක නිලධාරින් වන මේජර් නෙවිල් වන්නිආරච්චි, බ්‍රිගේඩියර් දමිත ගෝමින් රණසිංහ, කපිතාන් තිස්ස විමලසේන මෙලෙස අයථා අන්දමින් වත්කම් උපයාගෙන ඇති බවටයි පොලීසිය අධිකරණයට දැනුම්දුන්නේ. එලෙස උපයාගත් මුදල් තැන්පත් කර ඇති බවට සැක කෙරෙන එම පුද්ගලයින්ගේ ගිණුම් පරීක්ෂා කිරීමටද පොලීසිය එදින අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියා. එම ඉල්ලීම සළකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය නියෝග කළේ එම පුද්ගලයින් නමින් තිබෙන බැංකු 32 ක හා මූල්‍යායතන 47 ක ගිණුම් පරික්ෂා කරන බවයි. එමෙන්ම මේජර් නෙවිල් නානායක්කාර නැමැත්තා රජයේ ඉඩම් සහ නිවාස විශාල ප්‍රමාණයක් ඔහුගේ නමට ලියාගෙන ඇති බවත්, ටිපර් රථ විශාල ප්‍රමාණයක් මගනැගුම ව්‍යාපෘතියට යොදවා ඇති බවද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට දැනුම් දුන්නා. හිටපු ජනපතිගේ ආරක්ෂකයකුගේ ඉඩමක් CIDයේ පරීක්ෂාවටහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂකයෙකුට අයත් බව කියන වීරකැටිය ප්‍රදේශයේ ඉඩමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කන්ඩායමක් විසින් මේ වනවිට පරීක්ෂාවට ලක් කරමින් පවතිනවා. වීරකැටිය පොලිසිය සඳහන් කළේ වලස්මුල්ල අධිකරණයෙන් ලද නියෝගයකට අනුව අදාළ ඉඩම පරීක්ෂාවට ලක් කරමින් පවතින බවයි. 

No comments:

Post a Comment