Pages

anan manan

Pages

Wednesday 17 February 2016

තමන්ගේ අයවත් ගෙන්වා ගන්න අගමැතිතුමාට බැරිවුණා

අගමැතිවරයාට අඩුම තරමේ තමන්ගේ ඇමැතිවරු සහ මන්ත්‍රීවරු ටිකවත් වැඩමුළුවට ගෙන්වා ගන්න බැරිවුණා යෑයි එජනිස මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (15 දා) මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කර සිටියේය. පාර්ලිමේන්තු
 මන්ත්‍රීවරුන් සඳහා ආරම්භ කළ ආංශික අධීක්‍ෂණ කාරක සභා පිළිබඳ තෙදින වැඩමුළුවේ සමාරම්භක උළෙල ඊයේ පැවැත්විණි. එම වැඩමුළුව පිළිබඳ අදහස්‌ දැක්‌වූ දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද කීය.
විපක්‌ෂ නායකයාටත් බැරිවුණා එයාගේ කණ්‌ඩායම ගෙන්වා ගන්න. ජවිපෙ මන්ත්‍රීවරුන් නෑ. ටී.එන්.ඒ. ඡේ.වී.පී. සහ ආණ්‌ඩුව එකතු වුණාම ඔක්‌කොම මන්ත්‍රීවරු 175 ක්‌ එන්න ඕනෑ. ඒත් අගමැතිට බැරිවුණා ඒ අයව ගෙන්වා ගන්න. මොකක්‌ද මේ විහිළුව? අපිත් පස්‌ හය දෙනෙක්‌ ආවා. අපි නෑවිත් හිටියා නම් අපිට චෝදනා කරයි.
බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ ආවා. වෙස්‌මිනිස්‌ටර් පාර්ලිමේන්තුවේ අය ඇවිත් හිටියා. රුපියල් කෝටි ගාණක්‌ වියදම් කරලා මේක කරන්න බැරිනම් නොකර ඉන්න තිබුණා. නැතිනම් පාර්ලිමේන්තුව ඇතුළේ මේක නොකර එළියේ තියන්න තිබුණා. පාර්ලිමේන්තු සේවකයෝ ශාලාවට දාලා මන්ත්‍රීවරුන් නැති හිඩැස පිරවූවා. බ්‍රිතාන්‍යයෙන් ආපු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සේවකයන් මන්ත්‍රීවරුන් විදිහට පෙන්වන්නයි උත්සාහ කළේ. මොකද්ද මේ රට රවටන විහිළුව. මේක පාර්ලිමේන්තුවම හෑල්ලුවට ලක්‌ කිරීමක්‌. කාරක සභා ගැන දැනුවත් කරන වැඩමුළුවට එන්නෙ නැති මන්ත්‍රීවරු ඔය කාරක සභාවලට එයිද? ඇමැතිවරුත් නෑ. නියෝජ්‍ය ඇමැතිවරුත් නෑ. ඒ බව අගමැතිවරයා එයාගේ කතාවෙන්ම පිළිගත්තනේ...

No comments:

Post a Comment