Pages

anan manan

Pages

Wednesday 17 February 2016

ශ්‍රීලනිපය අලියාගේ වලිගේ එල්ලෙන්න ජනවරමක් දී නෑ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මම ද්‍රෝහිවෙලත් නෑ. ජනතාව ද්‍රෝහි වෙලත් නෑ. ප්‍රශ්න වුණේ ද්‍රෝහි වුණේ කවුද?. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ට  අලියාගේ වලිගේ එල්ලෙන්න කිසිම ජනතා  වරමක් ලැබුණේ නෑ. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය

සම්පූර්ණයෙන්ම මෙහෙයුවේ මම.  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගිලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ විරෝධී බලවේගයක් ලෙසයි. අද එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ. ටී.එන්.ඒ. කණ්ඩායම ආණ්ඩුවේ. විපක්ෂ නායකත්වය දීලා තියෙන්නේ එහෙන්නේ. ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවේ. සියලු දෙනාම ආණ්ඩුවේ වුණාම රටක ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කරන්නේ කවුද? ජනතාවගේ ප්‍රශ්න කතා කරන්නේ කවුද? මෙන්න මේ ප්‍රශ්නය තමයි ජනතාවගෙන් ගොඩනැගිලා එන්නේ විපක්ෂය ගොඩනැගෙන්නේ එතනින්.
මේ ආණ්ඩුවට බලයට එන්න ලොකු උදව්වක්කරා සෝෂල්මීඩියාවලින්. අද සෝෂල්මීඩියා එකට බණිනවා. අද මාධ්‍ය නිදහස කියන එක තියෙනවාද කියලා අහන්න වෙලා තියෙනවා.  පාර්ලිමේන්තුව තුළ මාධ්‍ය  ගැන කතා කරන ඒවා, පිටදී කතා කරන ඒවා ගැන හැම මාධ්‍යම පස්සගහලා තියෙනවා.  මේවා ගැන  සමහර මාධ්‍ය කතා කරන්නේම නෑ. අපිට ‍නෙවෙයි කියලා හිතාගෙන එහෙම හිටියාම අර හිට්ලර්ගේ කා‍ලේ වෙච්ච වැඩේ තමයි වෙන්නේ.
මහින්දව විදුලි පුටුවෙන් බේරා ගත්තේ තමන් යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ කතාව සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ විදුලි පුටුවට යවනවාට වඩා මට මානසික පීඩනය දෙන එක හොඳටම ඇති. විදුලි පුටුවට ගියා නම් එක පාරයි.” යැයි පැවසුවේය. හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අලුත්ගම කන්දේ විහාරයේ විෂ්ණු දේවාලය ඊයේ (15 වැනිදා) වන්දනා කිරීමෙන් පසු මොරගොල්ල මුහුදු වෙරළට පැමිණ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනපතිවරයා මෙසේ ද කීය.
සමන් බණ්ඩාර හොරණ

No comments:

Post a Comment