Pages

anan manan

Pages

Wednesday 17 February 2016

ශිරන්තිට සහ නාමල්ට බරපතළ ප්‍රශ්න දෙකක් ආවා.

මීගමුවේදී පක්‍ෂයේ හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ගේ රැස්වීමට සහභාගි වූ අයගේ ගණන් හිලව් මුළුමනින්ම වැරැදියි. මහින්ද රාජපක්‍ෂ, බැසිල් රාජපක්‍ෂ හෝ සංවිධායකයන් හිතනවා නම් බොරු තොරතුරු කියලා ශ්‍රීලනිපය කඩන්න එය

වෙන්නේ නෑ. ඒ රැස්වීමට ආවේ 551ක් විතර. සියලුම පැමිණි පිරිස 750කට අඩුයි. පැරැදිච්ච අය ආවා. මුළු පළාත් සභා මන්ත්‍රින් 1,401 බහුතරය ආවේ නෑ. අපි අභියෝග කරනවා ඔය හමුව සංවිධානය කළ අයට 1,401 ලැයිස්තුව ඉදිරිපත් කරන්න කියලා. ඉන්පසුව අපි ඒ ආව සහ නාව අයගෙ නම් ගම් ඇතිව ඉදිරියේදී කියන්නම්".
හම්බන්තොට මන්ත්‍රිවරු 33 දෙනාම පැහැදිලිවම ආවේ නෑ. ඒ වගේම පොළොන්නරුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරු 7 දෙනාම මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා එක්ක ඉන්නවා. මහින්ද රාජපක්‍ෂ මහතා කියන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ කතාව ජනතාව මුළා කරන පහත් උත්සාහයක්. එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. එතුමා බලයේ ඉන්න විට මැක්ස්වෙල් පරණගම කොමිසම පත් කළා. ඒකට විදේශීය විනිසුරුවන් ගෙන්නුවේ මහින්ද.
මානව හිමිකම් පරීක්‍ෂණ දේශීය යාන්ත්‍රණයකට අනුව දේශීය විනිසුරුවන් පත්කරගෙන සිදු කරනවා. අවශ්‍ය නම් උපදෙස් රටින් ගනියි. නමුත් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාම කියලා තියෙනවා කටයුතු සිදුවන්නේ දේශීය යාන්ත්‍රණයකට අනුව බව.
ත්‍රස්තවාදය පරාජය කිරීමේ ගෞරවය මහින්ද රාජපක්‍ෂ මහතාට දෙනවා. යුද්ධය දිනාගත් එතුමාට ද්‍රවිඩ, මුස්ලිම්, ක්‍රිස්තියානි ජනතාව එකම රටේ නෑ පිරිසක් බව සිතීමටත් ඔවුන්ව දිනා ගැනීමටත් බැරි වුණා. වත්මන් ජනාධිපතිතුමා මහින්දට, ගෝඨාභයට හානි නොවන ලෙසට ගැටලු විසඳන තැනට කටයුතු කරගෙන යනවා.
ඒ වගේම තව දෙයක් කියන්න ඕනෙ. ශිරන්තිට සහ නාමල්ට බරපතළ ප්‍රශ්න දෙකක් ආවා. ඒ වෙලාවේ මතු වූ ප්‍රශ්නය උඩ තමයි මහින්ද රාජපක්‍ෂ පක්‍ෂයේ සභාපතිකමෙන් ඉක්මනින් ඉල්ලා අස්වීමට තීරණය කළේ. ඒත් අද පක්‍ෂය කඩන ප්‍රධාන කෙනා බැසිල්. ඔහුට ඕන පක්‍ෂය තව අවුරුදු 20කට විතර විපක්‍ෂයට යවන්න.
ඊයේ වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපති කළ කතාව අපි දුටුවා. ඔහුට අල්ලස් චෝදනා තියෙනවා. ඔහු තමයි අල්ලසක් ගනිද්දී පොලිසියට අහුවෙච්ච එකම පුද්ගලයා. ඔය යන පිරිස අතර ඉතාම හොඳ මන්ත්‍රිවරු ඉන්නවා. ඒත් වලල්ලාවිට වගේ කෙනකුට නාම යෝජනා දෙන්නෙ කොහොමද කියලා මහින්ද රාජපක්‍ෂගෙන්ම අහන්න ඕනෙ.
රටේ මතය අනුව මහින්ද රාජපක්‍ෂ තවම ශක්තිමත් කියා අප දන්නවා. නමුත් මහින්ද අපේ පක්‍ෂයේ සුළු ජාතික පදනම නැති කළා. අප කියන්නේ පක්‍ෂය මෛත්‍රිපාල සිරිසේන මහතා මෙහෙයවිය යුතුයි. රටට, රණවිරුවන්ට ඇත්තටම ආදරේ නම් මහින්ද රාජපක්‍ෂ කුහකකමක් නැතිව පක්‍ෂයට උදවු කළ යුතුයි. එතකොට ප්‍රශ්න ඔක්කොම ඉවරයි.
සමාජ සවිබල ගැන්වීම් සහ සුබසාධන අමාත්‍ය එස්. බී. දිසානායක මහතා මේ බව කියා සිටියේ ඊයේ (15දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවේදීය.

No comments:

Post a Comment