Pages

anan manan

Pages

Wednesday 17 February 2016

විජය සැමරුමේදී මහින්දයි චන්ද්‍රිකයි ගැටුමක - (වීඩියෝ)

ශ්‍රී ලංකා මහජන පක්ෂ නිර්මාතෘ දිවංගත විජය කුමාරතුංග මහතා මෙලොවින් සමුගෙන වසර 28 ක් පිරීම හා ශ්‍රී ලංකා මහජන පක්ෂයේ 32 වැනි ජන්මදින සැමරුම් උත්සවයක් ඊයේ දින (16) කොළඹ නව නගර ශාලාවේදී හිටපු ජනපති
මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. එම අවස්ථාවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන දිනේෂ් ගුණවර්ධන, වාසු දේව නානායක්කාර, උදය ගම්මන්පිල, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ලේකම් අසංක නවරත්නමහතා, යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී විය
මේ අතර ඊයේ දිනයේ (16දා) සීදුව විජය කුමාරතුංග සමාධියට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මල් කලඹක් තබා උපහාර දැක්විය. ඉන් පසු එතුමියගෙන් මාධ්‍ය වේදීයෙක් විමසා සිටියේ මහින්ද විජය කුමාරතුංග සැමරීම ගැන කුම්ක්ද කියන්නේ යැයි. එහිදී එතුමිය කියා සිටියේ විජය එක්ක කැත විදිහට රණ්ඩු කරගෙන. විජයගේ මල ගෙදරටවත් නාපු එකම ශ්‍රීලනිපයේ සාමාජිකයා මහින්ද බවත්. අද එයාට සමරන්න හිතුනේ මොකද මන්දා. කැත විදිහට මළකුණු විකුණගෙන තව මොකක් හරි කරන්න වෙන්න ඇති යැයි චන්ද්‍රිකා කුමාර තුංග මහත්මිය කියා සිටියා.
2016-02-17

No comments:

Post a Comment