Pages

anan manan

Pages

Thursday 18 February 2016

උතුරේ ආණ්ඩුකාර ධුරය සිංහලයකුට දුන්නාට විරුද්ධයි

උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස යළිත් සිංහල නියෝජිතයකු පත් කිරීම තමා අනුමත නොකරන බව දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මන්ත්‍රි එම්.කේ. ශිවාජිලිංගම් මහතා පවසයි. ඔහු එසේ පැවැසුවේ උතුරු පළාත් ආණ්ඩුකාර වරයා
ලෙස රෙජිනෝල්ඩ් කුරේ මහතා පත්කිරීම සම්බන්ධව අදහස් දක්වමිනි. උතුරු පළාතේ බහුතර ජනතාව දෙමළ ජනතාව වන බැවින් දෙමළ නියෝජිතයකු ආණ්ඩුකාර ධුරයට පත්කළ යුතු බව ඔහු අවධාරණය කළේය. පසුගිය රජයත් උතුරු පළාත් ආණ්ඩුකාර ධුරය වෙනුවෙන් ආරක්ෂක අංශ ප්‍රධානියකු පත්කළ අතර, වර්තමාන රජයත් සිංහල නියෝජිතයෙක් පත්කළ බව පැවැසුවේය. නව ආණ්ඩුකාරවරයාගේ ක්‍රියා කලාපය නිරීක්ෂණය කොට ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බැව්ද හේ පැවැසීය

No comments:

Post a Comment