Pages

anan manan

Pages

Thursday 18 February 2016

කොටි මහවිරු දිනය නීත්‍යනුකූල ලෙස සමරන්න ඉල්ලයි

යුද්ධයෙන් මියගිය කොටි මහවිරුවන් සිහිපත් කිරීමේ දිනය පිළිබඳ නීත්‍යනුකූල අයිතිය ලබා දිය යුතු බවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා මහජන අදහස් ලබාගැනීමේ කොමිසම වෙත යාපනයේදී යෝජනාවක් ඉදිරිපත්ව තිබේ. යාපනයේ

නැඟෙනහිර සුලිපුරම් ගම්මානයේ පදිංචි කේ. වර්ධරාජා නමැත්තකු විසින් අදාළ යෝජනාව පෙරේදා (15දා) දින යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා මහජන අදහස් ලබාගැනීමේ කොමිසම වෙතට ඉදිරිපත් කොට ඇත. අදාළ යෝජනාවේදී ඔහු වැඩිදුරටත් සඳහන් කොට ඇත්තේ ජාතියේ විමුක්තිය වෙනුවෙන් අරගල කර ජීවිත පරිත්‍යාග කළ මහවිරුවන් සිහිපත් කිරීම වෙනුවෙන් යෙදී ඇති නොවැම්බර් 27 වැනිදා මහවිරු දිනය සැමරීමට නීත්‍යනුකූල අයිතිය ලබාදිය යුතු බවටයි.
මහජන අදහස් ලබාගැනීමේ කමිටුවේ සාමාජිකයන් සඳහන් කෙළේ උතුරු පළාත් සභාව සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමඟ එක්ව ඊට අදාළ කටයුතු සිදුකරන බවයි. උතුරු පළාත් ජනතාවගේ අයිතීන් දිනා ගැනීම සඳහා පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක්ද පත් කර ඇති බවටත් ඔවුන්ගෙන්ද අද දිනයේදී අදහස් ලබාගන්නා බවටත් කමිටු සාමාජිකයෝ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

No comments:

Post a Comment