
Tuesday, 29 March 2016
Monday, 28 March 2016
Abbott at danger of destroying own legacy


Sri Lanka's Wettest Region Facing Drinking Water Shortage
සුපිරි මගට සුපිරි ක‍්‍රමයක් එයි.. ටිකට් ගන්න පෝලිම් අහවරයි..
කටුනායක අධිවේගී මාර්ගයේ වාහනවලින් ගාස්තු අයකිරීමට ඉලෙක්ට්‍රොනික ක‍්‍රමයක් අලූතින් හදුන්වා දී තිබේ.
ඒ සම්බන්ධයෙන් වූ ප‍්‍රවර්ධන සතියක් අද සිට ආරම්භ කර ඇත. මෙම ප‍්‍රවර්ධන සතියේදී ලියාපදිංචි වන පුද්ගලයින්ට 10%ක වට්ටමක් හා විද්‍යුත් කාඞ්පතක් නොමිලේ ලබාදෙයි.
නව ක‍්‍රමය යටතේ කටුනායක අධිවේගී මාර්ගයේදී මුදල් ගෙවීමට නතර කිරීමට උවමනා නැති අතර විද්‍යුත් උපකරණයකින් ස්වයංක‍්‍රීයව ගමනාන්තය තෙක් ගාස්තු අයකර ගැනීම සිදුවෙයි.
‘තණකොල නොබුදිති සිංහ පැටවු..’ – ජාතික ලයිස්තු මන්ත‍්‍රීකම ගෝටා එපා කියයි..
කිසිවෙකු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු විය යුත්තේ ජනතා ඡන්දයෙන් බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි.
තෙලිජ්ජවිල ප‍්‍රදේශයේ විහරාස්ථානයකදී උත්සවයක් අවසානයේ මාධ්‍යවේදීන් හමුවේ ඔහු මේ බව කියා සිටියේය.
සන්ධාන ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයක් ඒ මහතාට යෝජනා වී තිබීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කල විමසීමේදී ඒ මහතා මේ බව කියා සිටියේය.
ඇද කුද නෑ කෙලින් කතාව.. කණ්ඩායමේ අවුල, පැරදුනේ ඇයි මාලිංග කෙලින්ම කියයි..
20-20 ලෝක කුසලාන තරඟාවලියට පෙර සිය නායකත්වයෙන් ඉල්ලා අස් වූ සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග ශ‍්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානයෙන් ඉවතට විසි වූ පසු ඊයේ දිනයේ මාධ්‍ය වෙත අදහස් පල කලේය.
නායකත්වයෙන් ඉල්ලා අස්වීමට හේතුව, කණ්ඩායම ඇතුලේ ඇති ප‍්‍රශ්ණ, ක‍්‍රීඩාවට ඇති මැදිහත්වීම් ගැන ඔහු මෙසේ පිළිතුරු දුන්නේය.
Thursday, 17 March 2016
ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතා රැළිය ඇරඹෙයි - මහින්දත් එක්වෙයි (ඡායාරූප)
කොළඹ හයිඩ් පිටියේ පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ රැළියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ වන විට එක්ව තිබෙනවා. හිරු වාර්තාකරු පැවසුවේ රැළිය සදහා විශාල පිරිසක් තවමත් පැමිණෙමින් සිටින බවයි.
විරෝධතා රැළිය හේතුවෙන් කොළඹ - පුරහල අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් පවතින බව පොලිසිය පවසනවා.
මීට අමතරව ඉබ්බන්වල මංසන්ධිය අවට මාර්ගවලද රථවාහන තදබදයක් පවතින බවයි පොලිසිය සඳහන් කළේ.
කොළඹ - හයිඞ් පිටියේදී මීට ස්වල්ප මොහොතකට පෙර ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතා රැළිය ආරම්භ කළ අතර, ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, කුමාර වෙල්ගම, පවිත්‍රා වන්නිආරච්චි, සී.බී.රත්නායක, කෙහෙළිය රඹුක්වැල්ල සහ එස්.එම්.චන්ද්‍රසේන ඇතුළු පිරිසක් මෙන්ම මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උදය ගම්මන්පිලද පැමිණ සිටියා.
ඊට අමතරව හිටපු අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, ජී.එල්. පීරිස් යන අයද එම ස්ථානයට පැමිණ සිටින බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.


.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
Subscribe to:
Posts (Atom)





