Pages

Subscribe:

Monday, 29 February 2016

ගෝටාභයට අගමැතිකම දෙන්න ජනපති මෛත‍්‍රී එකඟ වුණා..

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට 2015 පැවති මහ මැතිවරණයේදී සන්ධානයේ අගමැති අපේක්ෂකත්වය ලබා දීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කැමැත්ත පල කර තිබු බව ඇමති ඩිලාන් පෙරේරා මහතා ඉරිදා ලංකාදීප පුවත්පතට පවසා ඇත.

මහින්ද රාජපක්‍ෂ මහතාට ඒ වන විට අගමැති අපේක්ෂකත්වය තබා අපේක්ෂකත්වය පවා නොලැබන තත්වයක් පැවතියේ යයිද පවසන ඇමතිවරයා පක්‍ෂයේ සමගිය ඇති කිරීමට ඉදිරිප්ත වූ එම යෝජනාවට තමන් හැර සියළුම මන්ත‍්‍රි කණ්ඩායම එකග වු බවද සදහන් කරයි.

එහෙත් මහින්ද රාජපක්ෂ මහතා ඊට විරුද්ධ වූ නිසා එම යෝජනාව ක‍්‍රියාත්මක නොවූ බවද ඇමතිවරයා සදහන් කර ඇත.

බැකෝ දමා කැපූ වලෙන් පිරිමි ගණිකාවගේ යට ඇඳුමක් හමුවෙයි..

යහ පාලන ආන්ඩුව. මහින්ද යන නමටත් බය බවත් මෛත‍්‍රීය වෙනුවට වෛරය වපුරන ආණ්ඩුවේ ක‍්‍රියාමාර්ග හේතුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජීවිතයට කිසියම් අනතුරක් සිදුවුවහොත් එහි වගකීම වර්තමාන ආණ්ඩුව විසින් සම්පූර්ණයෙන්ම භාරගතයුතු බවත් ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එකාබද්ධ විපක්‍ෂයේ කැදවුම්කරු ප‍්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
ජනවාරි 08 වනදා සිටිම රාජපක්‍ෂ මහතාගෙන් සහ ඔහුට හිතවත් සියළු පාර්ශවයන්ගෙන් යහපාලනයට මුවාවී ආණ්ඩුව පලි ගනිමින් සිටින බව වැඩි දුරටත් පෙන්වා දුන් ප‍්‍රසන්න රණතුංග මහතා මෙරට ජනතාව මේ වෛරී දේශපාලනය මුලිනුපුටා දැමීමට කටයුතු කරන දිනය වැඩි ඈතක නොවන බවත් පෙන්වා දෙයි.

ප‍්‍රසන්න රණතුංග මහතා ඊයේ (27) දෙහි  ඕවිට ප‍්‍රාදේශීය සභා ශ‍්‍රවනාගාරයේදි පැවැති සම්මන්ත‍්‍රණයකදී මේ බව සඳහන් කලේය. මහින්ද ජන පවුර කෑගල්ල සංවිධානය විසින් එය සංවිධානය කර තිබුනි. අභියෝගවලට මුහුණ දීම සඳහා නව බලවේගයක් ලෙස මෙම සම්මන්ත‍්‍රණය නම් කර තිබූ අතර කෑගල්ල දිස්ත‍්‍රීක්කයේ පළාත් සභා පාර්ලිමේන්තු ප‍්‍රාදේශීය සභා සහ නගර සභා නියෝජිතයෝ රැුසක් ඊට එක්ව සිටියහ.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්‍ෂයේ කැදවුම් කරු ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා මෙසේද කීවේය.

‘‘අපි ඉතිහාසය පුරාම රටක් විදිහට විශාල අභියෝග වලට මුහුණ දුන්නා අපි මෑත ඉතිහාසයේ මුහුණ දුන්නු දරුණුම අභියෝගය තමයි කොටි ත‍්‍රස්ථවාදය මේ රටේ ජනතාව කොටි ත‍්‍රස්ථවාදය නිසා නොවිදිනා දුක් වින්දා ඒ තත්වය නැති කරලා රටට නිදහස ලබා දුන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතායි. එතුමා රට මුදාගෙන එය නැවත ගොඩ නැගුවා අද මේ රට යුද්ධයෙන් පසු යම් ප‍්‍රමාණයකට හරි සංවර්ධනය වී තිබේනවා නම් එහි සම්පූර්ණ ගෞරවය හිමිවිය යුත්තේ පසුගිය රාජපක්‍ෂ ආණ්ඩුවටයි.

කොටි ත‍්‍රස්ථවාදය මුලිනුපුටා දැමිම පිළිබඳව කොටින්ට හිතවත් බටහිර රටවල් සහ දෙමළ ඩයස් පොරාව හිටියේ මහින්ද මහත්තයාත් එක්ක ලොකු වෛරයකින් ඒ වෛරය පිරිමහගන්න ඔවුන්ට මේ රටේ එක්සත් ජාතික පක්‍ෂය වගේම විවිධ සිවිල් සංවිධාන වලත් සහයෝගය ලැබුනා එහි ප‍්‍රතිඵලයක් ලෙසයි ජනතාවගේ ආදරය දිනාගත්ත මහින්ද රාජපක්‍ෂ මැතිතුමාව පරාජය කරන්න එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ මේ කණ්ඩායම් වලට හැකි වුනේ මේක දර්ඝ කාලීන කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක් මහින්ද මහතතයාව පරාජය කළාට පස්සේ මේ ආණ්ඩුව යහ පාලනයට මුවා වෙලා රාජපක්‍ෂ පවුලෙනුයි මහින්ද හිතවාදින්ගෙනුයි පලි ගන්නේ නිර්ලැජ්ජිත විදිහටයි. මැතිවරණයට කලින් මේ අය කථාකලා ලැබ්බෝගිනි ගැන මොනගිනියක්වත් ඡුන්දෙන් පස්සේ හොයාගත්තේ නැහැ. පරණ පරණ කාර් එකක් හොයාගෙන මාධ්‍ය සංදර්ශනයක් තිබ්බා. රත්තරන් අශ්වයෝගැන කිව්වා හොයාගත්තේ බූරුවෙක්ව මේ ආණ්ඩුව අස්සයගෙයි පෝනියාගෙයි. බූරුවාගෙයි. වෙනසවත් දන්නේ නැති. බූරු ආණ්ඩුවක් හෙලි කොප්ටර් ගැන කිව්වා මහින්දලට අයිති හෙලිකොප්ටර් තට්ටක්වත් හොයාගත්තේ නැහැ. ශිරන්ති රාජපක්‍ෂ මැතිනිය රත්රන් හංගගෙන ඉන්නවා කිව්වා. හැබැයි. අද වෙනකන් එක රත්තරන් කෑල්ලක් හොයා ගන්න මේ ආණ්ඩුවට බැරි උනා.

දැන් අළුත්ම සෙල්ලම තමයි. රාජපක්‍ෂ වරුන් හංගලා තිබෙන දේවල් හොයන්න. ඒ අයට සම්බන්ධ අයගේ ඉඩකඩන් හාරන එක මහින්ද මහතතයාගේ ප‍්‍රධාන ආරක්‍ෂක නිලධාරීයාගේ නැන්දනියගේ මැදමූලන ඉඩම ඊයේ පෙරේදා එස්.ටී.එෆ් ආරක්ෂාව දාගෙන පැය 06 ක් තිස්සේ හෑරුවා මහින්ද මහත්තයාගේ රත්තරන් හොයන්න. මොනවාද දන්නවාද හමුබවෙලා තියෙන්නේ ආර්. ආර්. කියලා ගහපු පිරිමි යට ඇදුමක් දැන් එෆ්. සී. අයි. ඞී. එක හොයනවාලූ මේ ආර් ආර් කවුද කියලා ආරන්චි විදිහට නම් මේ අර විමල් වීරවංශ මහත්තයා කියපු පිරිමි ගණිකාවගේලූ අර අපේ දිස්ත‍්‍රික්කයෙන් ඡුන්දය ඉල්ලපු මේ දවස්වල මාධ්‍ය සංදර්ශන පවත්වන පිරිමි ගණිකාවගේලූ ලැජ්ජා නැති කම පාර්ලිමේන්තු මන්ත‍්‍රීකමටත් නළුකමටත් වඩා ලොකු බවයි. අපිටනම් කියන්න තියෙන්නේ මේ අය හදන්නේ මාධ්‍ය සංදර්ශන පවත්වලා මහින්ද මහත්තයාට මඩ ගහලා රටේ ප‍්‍රශ්න ජනතාවට අමතක කරන්න
මෛත‍්‍රීපාලනයක් කිව්වාට රටේ තියෙන්නේ වෛරී පාලනයක් මෛත‍්‍රීය කියන්නේ පාලනය කරන දෙයක් නොවෙයි. වඩවන දෙයක් ඒක වත් මේ ආණ්ඩුව දන්නේ නැහැ. 
මේ ආණ්ඩුව ඇයි මහින්දට මේ තරම් බය මහින්දගේ නම කිව්වාමත් අණ්ඩුව වෙව්ලනවා යහපාලනයට මුවාවෙලා රට පුරාම වෛරය වපුරන්නේ ඒ බය නිසයි. ආණ්ඩුවේ මේ පලි ගැනීම් නිසා මහින්ද මහත්තයාගේ ජීවිතයට කිසියම් අනතුරක් සිද්ද වුනොත් එහි වගකීම මේ යහපාලන ආණ්ඩුව සම්පූර්ණයෙන්ම භාරගත යුතුයි.

මේ ආණ්ඩුව බලයට පත්වුන ගමන්ම ගැහැව්වේ ප‍්‍රාදේශය නගර සභා මන්ත‍්‍රීවරුන්ට ඔවුන්ව එෆ්. සී අයි ඞී. එකට ගෙනිච්චා ඊට පස්සේ පිලිවෙලට මහින්ද හිතවාදීන් සියළුදෙනා එෆ්. සී. අයි. ඞී. එකට ගෙනියනවා අපේ අය ගොඩදෙනෙක් මේ දවස්වල ඉන්නේ අල්ලස් කොමිසමෙයි. එෆ්. සී. අයි. ඞී. එකෙයි උසාවියෙයි. කාටහරි තමන්ගේ ඉඩමක් හාරගන්න එහෙම ඔනේ නම්. කුඹුරක් හාන්න එහෙම ඔනේනම් දැන් කරන්න  ඕනේ එක වැඩයි. මහින්ද මහත්තයාගේ නම ගාවලා එෆ්. සී. අයි. ඞී. එකට පැමිනිල්ලක් දාන එක විතරයි. එතකොට එස්.ටී.එෆ්. ආරක්‍ෂාව යටතේ ඉඩම හාරගන්න. ඔයගොල්ලන්ට පුලූවන්.
මහින්දවවත් මහින්ද එක්ක ඉන්න අපිවත් මේ වගේ ඔලමොට්ටල බොලද වැඩ වලින් බය කරන්න බැහැ ගහන්න ගහන්න අපි ශක්තිමත් වෙනවා මේ ආණ්ඩුව ඒකාබද්ධ විපක්‍ෂයට හොදටම බයයි. ඒකයි අපිට කෙනෙහිලි කන් කරන්නේ මොන කෙනෙහිලි කන් කරත් මොනවදිහට පලි ගත්තත් එකාබද්ධ විපක්‍ෂයේ අපි ජනතාව වෙනුවෙන් පෙරට තැබූ පය ආපසු ගන්නේ නැහැ.

අද මේ රට අවුලෙන් අවුලට පත්වෙලා මෙලෝ වැඩක් වෙන්නේ නැහැ. යහ පාලන ආණ්ඩුවේ අගමැති ඇතුළු මැති ඇමතිවරු මාධ්‍යවේදීන්ට කථාකරන්නේ ඊරීයකා කියලා දෛ්‍යවරුන්ට කථාකරන්නේ පාදඩයා කියලා එදා සමෘධිය සියයට 100 කින් වැඩි කරනවා කිව්වා හැබැයි සමෘධි සහනාධාරයෙන් රු 100 ක් කපලා පින් පඩියෙනුත් රු 100 ක් කපලා වැඩිහිටි දීමනාවෙනුත් රු 100 ක් කපලා මේ ආණ්ඩුව සමෘධියෙනුත් ගසා කන ආණ්ඩුවක් පිං පඩියෙනුත් ගසා කන ආණ්ඩුවක් වැඩි හිටි දීමනාවක් හොරා කන ආණ්ඩුවක් රනිල් කියන්නේ එකක් කරන්නේ තව එකක් රැුකියා දස ලක්‍ෂයක් දෙනවයි කිව්වා තියෙන රස්සා ටිකත් නැති කරනවා. මාධ්‍ය නිදහස දෙනවයි කිව්වා අද මාධ්‍යවලට මහා දවාලේ තර්ජනය කරනවා එලි පිටම ලයිසන් එක කැන්සල් කරනවා කිව්වා.
 අද මාධ්‍යවේදීනුත් අසරණ වෙලා මේ ආණ්ඩුව බලයට පත්වුනේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය මාධ්‍ය නිදහස ගැන පම්පෝරි කථා කියලා හැබැයි අද ඒ සියල්ල හීන බවට පත්වෙලා ඉවරයි. ආණ්ඩුවේ යහ පාලන රෙද්ද පල්ලෙන් බේරෙනවා.
පොහොර සහනාධාරය කප්පාදු කරලා මුදල් ඇමති කියනවා මේ දවස්වල වී අස්වනු නෙලන නිසා පොහොර නොතිබුනාට කමක් නැහැ කියලා අනේ රවී කරුණානායක දන්න ගොවි තැන
. එයා හිතාගෙන ඉන්නේ මේ රටේ තියෙන්නේ වී ගොවි තැන විතරයි කියලා පුදුමෙකුත් නැහැ ආණ්ඩුව වගේම ආණ්ඩුවේ ඉන්නෙත් කොහෙද යන්නේ මල්ලේ පොල් ඇමතිවරු ඔය ගොයියා තමයි. යුද්දේ කාලෙදි කිව්වේ හමුදාව අලි මංකඩ කියලා යන්නේ පා මංකඩ කියලා කිලිනොච්චි කියලා ය
න්නේ මැදවච්චි කියලා එහෙම කියපු රවීගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ නිසා මේ ආණ්ඩුව සියළුදේ අනාගෙන ඉවරයි. බොරු කියලා බලයට පත්වුනාම ඔහොම වෙනවා. තවත් රැුවටෙන්න මේ රටේ ජනතාව සුදානම් නැහැ.

Sunday, 28 February 2016

ඇමති ඉදිරියේ මන්ත්‍රී බිරිය සහ ස්වාමිපුරුෂයා ගැටුමක

අමාත්‍යවරයකු හමුවීම සදහා කොළඹ අමාත්‍යංශ පරිශ්‍රයකට ගිය එක්සත් ජාතික පක්ෂ තරුණ මන්ත්‍රීවරයකු සහ මන්ත්‍රීවරියකගේ හැසිරීම දුටු අදාළ මන්ත්‍රිවරියගේ ස්වාමිපුරුෂයා දැඩි ලෙස කෝපයට පත්ව ගැටුමක් ඇතිවී ඇතැයි විශ්වාස කටයුතු
ආරංචි මාර්ග පවසයි. මොවුන් දෙදෙනා එසේ කතාබහ කරමින් සිටි ස්ථානයට එම මන්ත්‍රීවරියගේ ස්වාමිපුරුෂයා පැමිණ ඇත්තේ ඇයට නොදන්වාය. එසේ පැමිණෙන විට සබරගමුව පළාත නියෝජනය කරන මෙම තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සහ එම මන්ත්‍රීවරිය අමාත්‍යංශ පිරිශ්‍රයේ සිටිනු දුටු මන්ත්‍රීවරියගේ ස්වාමිපුරුෂයා දැඩි ලෙස කෝපයට පත්ව මන්ත්‍රීවරියට පරුෂ වචනයෙන් බැණ වැදී ඇති බවද වාර්තා වේ. දිගින් දිගටම ගිය මෙම බහින්බස් විම සමථයකට පත් කිරිමට එම අමාත්‍යංශ පරිශ්‍රය භාර ඇමතිවරයාටද මැදිහත්වීමට සිදුවිය.

කෝටි 15ක වංචාවක් කරපු කැබිනට් ඇමති කොමිසමට

කැබිනට් අනුමැතියකින් තොරව ලෝක වෙළෙද මධ්‍යස්ථානය තුළ ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානය නමින් කාර්යාල ගොඩනැගිල්ලක් ස්ථාපිත කරමින් රුපියල් පහළොස් කෝටි හැත්තෑලක්ෂයක් (මිලියන 175) අයථා ලෙස වියදම්
කරමින් සිදු කළ වංචාවක් සම්බන්ධව රජයේ කැඩිනට් අමාත්‍යවරයකු ලබන සතියේ බරපතළ දූෂණ වංචා සෙවීමේ කොමිසමට කැදවීමට නියමිතය. මෙකී කාර්යාල පරිශ්‍රය පවත්වාගෙන යාම සදහා මෙම ජනවාරි මාසය දක්වා මසකට රුපියල් ලක්ෂ විසිහත බැගින් ගොඩනැගිලි කුලිය වශයෙන් වසර දෙකක් පුරා මුදල් ගෙවා ඇතැයි හෙළි වී ඇත. පසුගිය රජය සමයේ හා වත්මන් රජය බලයට පත්වීමෙන් පසුවත් මේ වනතුරු ගොඩනැගිලි කුලිය ලෙස ගෙවා ඇති මුදල රුපියල් මිලියන 62.8කි.
මීට අමතරව මෙම කාර්යාල පිරිශ්‍රය ආරම්භ කිරීමට අවශ්‍ය ගෘහ භාණ්ඩ, ඇද ඇතිරිලි ඇතුළු අනෙක් භාණ්ඩ සදහා සියලු වියදම් කර ඇති බවත්, ඒ සදහා ටෙන්ඩර් කැදවීමේ දී විනිවිද භාවයකින් තොරව ගනුදෙනු සිදු වී ඇති බවත් විමර්ශනවල දී හෙළි වී ඇත.
මෙම කාර්යාලයට ගත් රුපියල් විසිපන්දහසක් වටිනා පුටුවට රුපියල් අනූදහසක් බිල් දමා ඇතැයි ද අනාවරණය වී ඇත. මේ අයුරින් පුටු. මේස, බිම ඇතිරිලි ඇතුළු සියලු දෑ වෙළෙදපොළ මිලට වඩා වැඩි මිල ගණන් දමාගෙන ඇතැයි හෙළි වී ඇත. රාජ්‍ය ආයතනයක් ලෙසින් ලක්සල වෙතින් මිල දී ගන්නා බව හගවා කෝටි ගණනක භාණ්ඩ පුද්ගලික සමාගමකින් මිල දී ගෙන ඇති බවද හෙළි වී තිබේ.
අධිකරණ අමාත්‍යංශය මගින් මහා භාණ්ඩාගාරයෙන් වෙන්කළ මුදල් රුපියල් මිලියන 157ක් මෙසේ ගෙවා ඇති බව අනාවරණය වී ඇති අතර නීතිමය ගැටලු බේරුම්කරණ මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය ද මෙම පරිශ්‍රයේ සිදු වූ කාර්යභාරයක් පැහැදිලිව අනාවරණය වී නොමැත.
වසර දෙකක් පුර මිලියන 157ක් වියදම් කළ මෙම පිරිශ්‍රයෙන් ආදායම් ලෙස ලැබී ඇත්තේ එහි පැවැත්වූ උත්සවයක් සදහා අයකරුනු ලැබූ රුපියල් හතළිස්දහසක මුදලක් පමණී. මෙහිදී  සිදු වී ඇති අක්‍රමිකතාවන් පිළිබද ප්‍රකාශ සටහන් කිරීමට වගකිවයුතු නිලධාරීන් කිහිප දෙනකුම බරපතළ දූෂණ වංචා සෙවීමේ කොමිසමට කැදවා තිබිණි.
මෙහි දී කරන ලද විමර්ශනවල දී මෙම ආයතනය ආරම්භ කිරීම සම්බන්ධව කැබිනට් අනුමැතිය ලබාගන්නා ද යන ප්‍රශ්නය පැන නැගී ඇති අතර ටෙන්ඩර් අක්‍රමිකතා ගැන ද හෙළි වී ඇත. මේ අනුව අදාළ සිද්ධීන්වලට වගකිව යුතු විෂය භාර කැබිනට් අමාත්‍යවරයා බරපතළ වංචා කොමිසමට කැදවීමට තීරණය වී ඇත.

ශිරන්ති, නාමල් අත්අඩංගුවට ගන්නයි යන්නේ.. ඊළඟ මාවත් ගනී..

තම බිරිඳ ශිරන්ති රාජපක්‍ෂ, පුත් නාමල් රාජපක්‍ෂද අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ඒ මහතා මෙසේ කියා සිටියේ අද පෙරවරුවේ දළඳා මාළිගාව වැඳ පුදා ගැනීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය අමතමිනි.

ඉන් පසු තමන්ද අත්අඩංගුවට ගනු ඇතැයිද හිටපු ජනාධිපතිවරයා කියා සිටියේය.

දකුණේ පාතාල වෙඩි වරුසාවක්.. අයෙක් මරුට.. දෙදෙනෙක් රෝහලේ..

තංගල්ල වීරකැටිය ප‍්‍රදේශයේ සිදුව ඇති වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලැබ රෝහල්ගත කර තිබේ.
මෙසේ වෙඩි තබා ඇත්තේ මිනීමැරුමක විත්තිකරුවන් ලෙස චෝදනා ලැබු දෙදෙනෙකු හා තවත් අයෙකුට වන අතර වෙඩි තැබී අය සොයා පොලීසිය මෙහෙයුමක් අරඹා ඇත

තම හිතවතෙකුට කථිකාචාර්ය ධුරයක් දෙන්නැයි ඇමති කිරිඇල්ල කැළණි සරසවියට දන්වයි.. ලිපිය මෙන්න…

තම දන්නා හඳුනන හිතවතෙකුට දේශපාලන විද්‍යා කථිකාචාර්ය ධුරයක් ලබා දෙන්නැයි ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා විසින් කැලණිය විශ්ව විද්‍යාලයේ අංශාධිපතිවරයා වෙත ලිඛිතව දන්වා ඇත.
සමාජ ජාල ඔස්සේ හුවමාරු වෙමින් ඇති අදාල ලිපිය මෙහි දැක්වෙයි.
 
Blogger Templates